Date: 17/08/2019 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය කියන එක සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො,” රාග වශයෙන් අපි රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් අපි දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා බවට පැමිණියේ සිටී.

එතකොට 13/08/2019 නිබ්බාන භාවනාවේ, සඤ්ඤාව, චේතනාව දක්වා පැමිණි ඇති බව, h1 = 0 කියලා, අපි සාකච්ඡා කළා. කුමක් නිසා සඤ්ඤාව, චේතනාව දක්වා පැමිණි ඇති ද? සුඛ සඤ්ඤා, සුඛ දිට්ඨි විමසිය යුතු බව බුදුපියා පැවැසුවා. ඕගොල්ලො දන්නවා අපි 21/04/2019 නිබ්බාන භාවනාවේදි, අර “සඤ්ඤං අත්තතො සමනුපස්සති,” කියලා එහෙම ගන්න අවස්ථාවේ දී අපි diagram එකක් දුන්නා. අපි ඒකට කියමු Agitation Sanna, කියලා.

එතකොට ඒ diagram එක නැවතත් මතක් කරනවා නම්, ඕගොල්ලෝ දන්නවා, අර පරාමාසයේ ඉඳන් භය අගතියට c1 කියලා අපි ලකුණු කළා. අත්තභාවය නිසා සුභ වීම. සුඛය පරාමාස වීමෙන් ඇති වෙන මමංකාර අත්තා. අවිද්‍යා ආශ්‍රව නිසා වන බල පෑම.

ඉතින් ඕක උඩට කැරකිලා ගිහිල්ලා අපිට එනවා, සුඛයි කියන දිට්ඨි විපල්ලාසය, පරාමාසයයි චේතනාවයි අතර. ඒ වගේ ම ඕගොල්ලන්ට මතකයි, ඒ සුඛය පරාමාස වීමෙන් මමංකාර අත්තා නිසා ඇති වෙච්ච දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය ඒකෙන් රාග සල්ලය. රාග සල්ලය නිසා ඇති වෙන සුභ කියන දිට්ඨි විපල්ලාසයේ බලපෑම සහිතව ඒ වේදනාව ඉඳන් චේතනාව දක්වා, සුඛ යන සඤ්ඤා විපල්ලාසය කියලා අපි බලලා තියෙනවා. එහෙම නම් අපිට පේනවා, මෙතන මේ චේතනාව දක්වා අගයන් දෙකක් දෙපැත්තකින් ඇවිල්ලා තියෙනවා. සුඛ සඤ්ඤා කතාව, ඊට පස්සේ ඇවිල්ලා අපිට උඩට සුඛ දිට්ඨිය කියලා ආවා ම, එතන චේතනාව දක්වා මාන වීම කියන එක තියෙනවා.

දැන් ඉතින් අපි අසුභ වූ දේ සුභ වශයෙන් ගන්නකොට, ඒ දිට්ඨි විපල්ලාසයේදි කටේ ගඳ එහෙම ඉවසනවා. අන්න ඒ වගේ සුඛ දිට්ඨි විපල්ලාසයේදි දුක ඉවසනවා. රැකියා කරන්නේ දුක ඉවසනවා. Business කරන්නේ දුක ඉවසනවා. දුක ඉවසන්නේ නම් මනා කොට චේතනා කරනවා. මෙසේ සඤ්ඤාව චේතනා දක්වා පැමිණෙන්නේ සැකයකින් තොරව ය. දුක දන්නේ නම් දෙවරක් සිතා බලයි. දුක ඉවසන්නේ නම් දුකක් නොව සුඛයක් ම ඇති බව සිතේ. මෙසේ මුළාවට පත් වෙනවා.

ඉතින් මෙතන, කෙනෙක් කල්පනා කරන්න ඕනෑ. අපි අර කීවා නේ, “තිට්ඨං නරො” කියලා. අපි නිතර ම ඉන්නේ නාමරූප point එකේ. වැඩි හරියක් ඉන්නේ ඔන්න ඔය point එකේ. එතකොට දැන් කාමරාග අනුසය රේඛාවෙන් අපි දන්නවා සඤ්ඤාව සුඛයි කියලා කියනවා. ඉතින් ඕක කැරකිලා ගිහිල්ලා අන්තිමට රාග අනුසය රේඛාවේ අපි යන්නේ චේතනා දක්වා ඒ මාන අගය කියන එක වෙනවා. ඒකත් යන්නේ ඔය නාමරූප point එක හරහා නේ. ඉතින් ඔතන තමයි අපි ඉන්නේ. ඉතින් ඒක හොඳට මෙනෙහි කරලා බලන්න.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_agitation_sanna.jpg