Date: 22/08/2019 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවන්ගේ යුතුව සිහි කළා.

එතකොට 13/08/2019 නිබ්බාන භාවනාව කළහම, අවිද්‍යා ආශ්‍රව මගින් සඤ්ඤාව සනාථ කරනවා කියලා වැටහුණා. ඉතින් ඕගොල්ලන්ට මතකයි අර Agitation Sanna කියලා diagram එකක් කිව්වා. එතන c1,

අත්තභාවය නිසා සුභ වීම. සුඛය පරාමාස වීමෙන් ඇති වූ මමංකාර අත්තා. අවිද්‍යා ආශ්‍රව නිසා වන බල පෑම. ඒකෙන් අපිට ඇති වෙනවා සුඛ යන දිට්ඨි විපල්ලාසය. ඊට පස්සේ අපිට ඔතන පේනවා මේ සුඛය පරාමාස වීමෙන් ඇති වූ මමංකාර අත්තා, ඒක නිසා දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, රාග සල්ලයෙන් ඇති වුණ සුභ දිට්ඨි විපල්ලාසයේ බලපෑම සහිතව, වේදනාවේ ඉඳන් චේතනාව දක්වා සුඛ යන සඤ්ඤා විපල්ලාසය වීම කියන එක.

එතකොට දැන් ඔතන, දැන් ඔය c1, අවිද්‍යා ආශ්‍රව නිසා වන බලපෑම, 11 වෙනි රවුම අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව. මේකෙන් අනතුරුව සඤ්ඤාව සනාථ කිරීම මගින්, අපි දන්නවා නේ දිට්ඨි සල්ලය, සඤ්ඤාව සනාථ කිරීම මගින් සුඛ යන දිට්ඨි විපල්ලාසය මගින් යම් මාන අගයක් චේතනාව දක්වා ගමන් කරවයි ද, එය සනාථ කර පවත්වනවා.

ඊළඟට ආපහු පේනවා, ඉන් අනතුරුව දිට්ඨි ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ, රාග සල්ලය මගින් සුඛ යන සඤ්ඤා විපල්ලාසයක් වේ ද, එය සනාථ කිරීම කියන එක සිදු වෙනවා. මෙම දෙයාකාර ධර්මයන්, ඒ කියන්නේ, මාන අගයයි, සුඛ සඤ්ඤා, මනා කොට වටහා ගන්නේ, පෝතලිය සූත්‍රයේ 6.6 හොඳින් වැටහෙන්නේ, දිට්ඨි අනුසය මගින් ඇඟිල්ල දිගු කර පෙන්වන සුභය ඉක්මවන්නේ, තමාට විඤ්ඤාණයේ හැසිරවීමක්, control එකක් ඇති බව වැටහෙනවා. අර repair කරන අවස්ථාවට මනා කොට යොදා ගන්න පුළුවන්. විඤ්ඤාණයට අණ කරනවා කියලා කියන්නේ ඒකයි.

ඉතින් මේකේ කල්පනා කරන්න ඕනෑ. අපි කිව්වා නේ අර රාග සල්ලය මගින් සුඛ යන සඤ්ඤා විපල්ලාසයක් වේ ද, එය සනාථ කිරීම සිදු වෙනවා කියලා. ඉතින් එතෙන්දි අපි තේරුම් ගන්න ඕනෑ. ඒ සුඛය පරාමාස වීමෙන් ඇති වූ මමංකාර අත්තා නිසා වූ දිට්ඨි ආශ්‍රව එතන ඉඳන් කාම ආශ්‍රවයට ආවා. ඒක පෙර වූ බව අමතක නොකළ යුතුයි. රාග සල්ලයෙන් ඇති වන සුභ යන දිට්ඨි විපල්ලාසයේ බලපෑම සහිතව සුඛ සඤ්ඤා විපල්ලාසය පෙර ඇති වුණා. මෙය සනාථ කිරීම, නැවතත් සිදුවීම තමයි, දිට්ඨි ආශ්‍රව කාම ආශ්‍රව මගින් සිදු කරන්නේ කියලා.

ඉතින් ඔතන අපිට පේනවා දිට්ඨීන් නිසා සංස්කාර, සංස්කාර නිසා ආපහු ඒ මාන අගයන් ම එතන සනාථ කරනවා කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_agitation_sanna.jpg