Date: 24/08/2019 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවන්ගේ යුතුව සිහි කළා.

මම “සත්තො ගුහායං,” ගාථාවෙන් භාවනාව පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො,” රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නා නා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා ඉන්නවා. ඒ විදිහට පැමිණිලා සිටිනවා.

අනුසය වශයෙන් ස්ථීර වන්නේ විපල්ලාසයෝ. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයන් ම ස්ථීර වශයෙන් වරදවා ගන්නවා.

මේකෙන් අනතුරුව 22/08/2019 නිබ්බාන භාවනාවට සිත යොමු වුණා. සඤ්ඤාව මම යැයි දකී. එතකොට අර Agitation Sanna diagram එක තියෙන්නේ. අන්න ඒ diagram එකට සිත යොමු වුණා.

එතකොට මේක හතර වෙනි සලකුණ නේ ද කියන එක ආවා. එතන අපිට පේනවා, ඔය වේදනාව ළඟ ඡන්දය, ඊළඟට මනොසඤ්‌චෙතනාවට එතන විමංසාව එනවා. එතකොට චිත්තය අර පරාමාසකායගන්ථයයි භය අගතියයි අතරට එනවා. එතකොට විරිය එනවා, මේ දකුණු පැත්තට, ඉදංසච්චය පැත්තට. එතකොට දැන් ඉතින් කාරණා ටික කෙනෙක් හරියට විමසා ගන්න ඕනෑ. ඒ කියන්නේ අර c1, අත්තභාවය නිසා සුභ වීම. සුඛය පරාමාස වීමෙන් ඇති වූ මමංකාර අත්තා. අවිද්‍යා ආශ්‍රව නිසා වන බල පෑම. එතකොට ඒකෙන් අපිට ඇති වෙනවා නේ සුභ කියන දිට්ඨි විපල්ලාසය. එතකොට ඒකෙන් අපිට ඇති වෙනවා උඩ මාන අගයන්.

එතකොට ඊළඟට ආපහු අපිට පේනවා, අර සුඛය පරාමාස වීමෙන් ඇති වෙච්ච මමංකාර අත්තා. ඒක නිසා ඇති වන දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, රාග සල්ලයෙන් ඇති වෙන සුභ දිට්ඨි විපල්ලාසය බලපෑම සහිතව වේදනාවේ සිට චේතනාව දක්වා සුඛ යන සඤ්ඤා විපල්ලාසය.

එතකොට ඒ කාරණා ටික නැවතත් මතක කරගන්න ඕනෑ. එතකොට විරිය ඉද්ධිපාදය මගින් අලුත් සංස්කාරයන් ඉදංසච්චගත වීම. ඉදංසච්චයේ සිට එන්නා වූ පරණ සංස්කාරයන් මගින් වූ මිය ගියා වූ අකුසල වූ චිත්තයන් නොසාදනවා. “අනුප්පන්නානං පාපකානං.” සංස්කාර නොකරන්නේ නම්, අවිද්‍යා ආශ්‍රවවලින් කරන බලපෑම නැති වෙනවා. 11 වෙනි රවුම නිසා වන බල පෑම අඩු වන්නේ, නාමරූපවලින් කරන බල පෑම අඩු වෙනවා.

එතකොට ඡන්ද ඉද්ධිපාදය මගින් කිසිවක් සුඛ නොව දුක බව පෙන්නා දෙන්නේ, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ධර්මය සුඛය සනාථ කිරීමට ඉඩ නොදේ. මෙහි දී රාග සල්ලයට ඉඩක් නොදේ. නිවන ම ස්පර්ශ කරයි. චෙතො විමුක්තියත් ඇති වෙනවා ඔතන, ඉතින් මේක හොඳින් බොහෝ කාලයක් මෙතන ඉන්න පුළුවන්.

ඊළඟට විමංසා ඉද්ධිපාදය මගින් මාන නොවේ. මෙය සෑදිය නොහැක. මළ කඩ කාපු ජරා ගොඩවල් මෙන් ය. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය නිසා, ජරා වන රූපය බව දන්නේ, දක්නේ මාන නොවෙයි. B ලක්ෂය නොසාදයි. මෙය කළ නොහැකි බව දනී. රූපයේ ජරා ධර්මය, වේදනාවේ ජරා ධර්මය, සඤ්ඤාවේ ජරා ධර්මය සංස්කාරයේ ජරා ධර්මය දන්නේ, ජරා ස්වභාවය ඇත්තේ නම්, සංස්කාරවලින් විඤ්ඤාණය සෑදිය නොහැකි බව දනී. විමංසාව ඇත්තේ, දිට්ඨි සල්ලය මගින් සඤ්ඤාව සනාථ කිරීමට ඉඩ නොදේ. චිත්ත ඉද්ධිපාදය මගින් ඉහත සඳහන් ඉද්ධිපාද මගින් යම් දහමක් නැවැත්තුවා ද, එම නැවතීම පවත්වනවා.

මේක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා, 15/05/2015 ආශ්චර්ය අද්භූත ධර්මයේ, ඡන්ද, චිත්ත, විරිය විමංසා කියලා. අන්න ඒ භාවනාව මෙන් සිතන්න ඕනෑ. එතකොට ඡන්ද සමාධිය මගින් සංස්කාර ඉවත් කර, නිවනට යොමු වූ දහමක් ඇති ද, එය චිත්තයට කා වදිනවා. එනම් c1 වලින් දක්වන ලද අගයන් තුන. මොකක් ද, අත්තභාවය නිසා සුභ වීම. සුඛය පරාමාස වීමෙන් ඇති වූ මමංකාර අත්තා. අවිද්‍යා ආශ්‍රව නිසා වන බල පෑම. අන්න ඒවා ගිලිහී යන්නේ කූඤ්ඤය පවා දැනෙනවා.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_agitation_sanna.jpg


s_Paths_of_Iddhi.jpg