ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම භාවනාවට ගත්තේ, ඒ “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො,” රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ සිටී.
එතන නා නා ලම්බන වශයෙන් මාන වූයේ සිටී කියන අවස්ථාවෙදි, 26/01/2014 මාන භාවනාවට සිත යොමු වුණා. ඒකේ මෝහය නැති කරමියි යන්න, ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ භාවනාව සමඟ ඒකෙ බලලා තියෙනවා. එතකොට, ඒකේ පෙන්නනවා මේ මනාපත් නැති, නොමනාපත් නැති අරමුණ, අදුක්ඛමසුඛ වේදනීය වූ ස්පර්ශය, අදුක්ඛමසුඛ වේදනාව, ථීනමිද්ධ සහගත ස්වභාවයට පැමිණ ඇත. මෝහය මගින් තීරණය ගන්නවා.
එතකොට එතන 1-3, අපි දන්නවා අවිද්‍යා ආශ්‍රව. එතකොට මෙහි දීත් සංකල්පය ඇත. මෙවැනි සංකල්පවලටත් අපි රාග වන්නේ ය. අවිද්‍යා ආශ්‍රව වූයේ කාම ආශ්‍රව වන්නේ ය. එසේ නම් වම් පැත්තේ නන්දි සහගත triangle එක හැදෙනවා. මෙසේ රාග වෙනවා. දැන් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව චේතනා කියන triangle එකක් හැදෙනවා. මෙම සංකල්පයන් නැති වෙනවා. පරිදේව වෙනවා.
එතකොට අපි දන්නවා, පරිදේවයට උඩින් මරණය කියන එක තියෙනවා. එතකොට එතන අපි දන්නවා උඩ තියෙන්නේ මොකක් ද, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ඒවා. මේක තමයි yardstick එක වශයෙන් අපි ගන්න ඕනෑ measure කරන්න ගන්න එක. පල්ලෙහා තියෙන්නේ මොනවා ද? දුක්ඛ, දොමනස්ස, සෝක, පරිදේව.
එතකොට ඔය පරිදේවයට මනස යොමු වන්නේ, මරණය වන්නේ නම් සංස්කාරවල අගයක් නැත. පරිදේවයේ සිට අපි සෝකයට පැමිණෙනවා. අර yardstick එකත් එක්ක බලන්න ඕනෑ. මෙච්චර කාලයකට තමයි මේක පවතින්නේ. එතකොට, ඒ yardstick එකත් එක්ක බලනකොට ව්‍යාධිය. එහෙම නම් චේතනාවලට අගයක් නෑ. සෝකය සිට අපි දොමනස්සයට යනවා. එහෙම නම්, yardstick එක සමඟ විමසන්නේ, වේදනා අගයක් නැත. දුක්ඛය දක්වා පැමිණෙන්නේ, රූපයට අගයක් නැත. අගයන් 4ක් දී ඇත. සංස්කාර අගය, චේතනා අගය, වේදනා අගය, රූප අගය. මෙම අගයන් නැති යැයි යමෙක් දකින්නේ, ජාති සිට මරණය දක්වා යන stick එක සමඟ, අපිට පේනවා දකුණු කෙළවර මරණය. මෙපමණ කාලයකට පවතින්නේ නම්, පේනවා ඒ ඒ දේවලට අගයක් දීම පලක් නැති බව. අගයක් දෙනවා යනු කුමක් ද? මෙය මානයයි. මරණය සිදු වෙනවා නම් මානයෙන් වැඩක් නැත. කුමන පලක් ද?
එතකොට ඒකේ, අපිට පේනවා මේ අනිත්‍යභාවය දකිනවා නම් මානය නැති වෙලා යනවා. මේකෙන් අනතුරුව, 26/08/2019 නිබ්බාන භාවනාව. සිත ඒකත් එක්ක සම්බන්ධ වුණා. චේතනාව ළඟ මාන අගය. අවිද්‍යා ආශ්‍රව ඉඳන් අපි දිට්ඨි ආශ්‍රවවලට එනවා. එතකොට සුඛ දිට්ඨි විපල්ලාසය මගින් මාන අගය වෙනවා. වම් පැත්ත බලනවා නම් අපිට පේනවා සුඛ නොව දුක ඇත. දොමනස්ස ඇත. මාන වූයේ සුඛ යැයි සිතා ය. එසේ නම් අපිට රූප අගය වේදනා අගය දීලා පලක් නැතයි කියන එක එනවා. දකුණු පැත්ත සංස්කාර. පරිදේව වන්නේ නම් අත්තා යැයි ගැනීම පලක් නැත. එසේ නම් චේතනා අගය සහ සංස්කාර අගයන් දීලා පලක් නැතයි කියන එක අපිට පේනවා.
එතකොට දැන් මෙතෙන්දි අපිට පේනවා, අපි ඔය සංස්කාර disjoint භාවනාවෙදි අපි බලලා තියෙනවා නේ, අර මෝහ අගතියේ ඉඳන් සංස්කාරයට එනවා, ඒ ඉදංසච්චාභිනිවෙසකායගන්ථ, මැද්දේ සංස්කාර ජීවිත ඉන්ද්‍රිය ළඟ එතැනින් චේතනා. ඉතින් එහෙම නම් චේතනා කරලා ඇති පලක් නැතයි කියන එක අපිට පේනවා නේ ද? අත්තා යැයි කියලා ගැනීම පලක් නෑ, චේතනා අගය සහ සංස්කාර අගය දීලා පලක් නැතයි කියන එක.
ඉතින් මේ භාවනාව කළා ම මනස හරි විශාලයි. පුදුමාකාරයි. ඒ බුදුපියවරුන්ට කෘතඥතාවය පළ කරන්නේ ඒ අය කුඩා බව පේනවා. ඒ කියන්නේ තමා උඩ ඉඳන් බලනකොට බුදු පියවරුන් කුඩාවට පේනවා කියලා. දෙවිවරු නොපෙනෙන ප්‍රමාණයට කුඩා බව පේනවා. කුමක් නිසා ද? කිසිවක් මගේ යැයි නොගනී. ඒ නිසායි.
මේක තවදුරටත් විමසලා බලන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා. චේතනාව පරාමාසකායගන්ථය ළඟ අපි අත්තා කියලා ලකුණු කරනවා. එතකොට ඒකේ පසු සඤ්ඤාව තමයි අවිද්‍යා ආශ්‍රවය. අනිත් පැත්තෙන් අපිට පේනවා කාම ආශ්‍රව එතන වේදනාව සුඛයි කියලා අපි ගන්නවා. චේතනාවට ඒ රේඛාව එනවා. එතකොට සංස්කාර පරිදේව වන්නේ නම් අවිද්‍යා ආශ්‍රව ලකුණු කරන තැන සිට සිතන්නේ, අවිද්‍යා ආශ්‍රවයට තුඩු දුන් අත්තා යන සංකල්පය පලක් නැත. හිස් ය කියලා එනවා.
ඊළඟට අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව ගැනීමත් පලක් නෑ. දොමනස්සය දකින්නේ නම් සුඛ යැයි ගැනීම ද පලක් නැත. එසේ නම් කුමකට චේතනා කරන්නේ ද? මෙය පලක් නැතයි කියන එක එනවා.
ඒක තමයි මං කරපු භාවනාව.