පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, ධම්ම පදයේ 200 වෙනි ගාථාවට සිත යොමු වුණා. ඒකේ පෙන්නනවා.
“සුසුඛං වත ජීවාම, යෙසං නො නත්ථි කිඤ්චනං. පීති භක්ඛා භවිස්සාම, දෙවා ආභස්සරා යථා.”
යම් බඳු වූ අපිට රාගාදී කිසි පලිබෝධයක් නැත්ද, එසේ වූ අපි ඒකාන්තයෙන් සුව සේ ජීවත් වෙමු. ආභස්සර බ්‍රහ්මයන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙමු.
ඉතින් මේකේ මේ, ඕගොල්ලො දන්නවා මහා වේදල්ල සූත්‍රයේ එහෙම පෙන්නනවා.
“රාගො ඛො ආයුෂ කිඤ්චනා, දොසො කිඤ්චනා, මොහො කිඤ්චනා.” රාගය කෝ ආවුසො ප්‍රමාණ කරනවා. කිඤ්චනා කිව්වම ප්‍රමාණ කරනවා. එතකොට ද්වේෂයෙන් ප්‍රමාණ කරනවා, මෝහයෙනුත් ප්‍රමාණ කරනවා.
රහත් භික්ෂුවකගේ රාගාදිය නැති වූවාහු ය, මුල් උදුරන ලද්දාහු ය, සිඳ ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු ය. මතු නූපදින ස්වභාවයට ඇත්තාහු ය.
ඇවැත්නි, ආකිඤ්චන චිත්ත විමුක්තිය යම් පමණ වෙත් ද, ඔවුන් අතුරෙන් අර්හත් ඵල චිත්ත විමුක්තිය අග්‍ර යැයි කියනු ලැබේ. ඒ අර්හත් ඵල විමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය.
ඉතින් මේ අවස්ථාවෙදි තමන්ගේ මගඵල චිත්තය නංවලා ඒ රාග, දෝෂ, මෝහවලින් ප්‍රමාණ නොකරන අකුප්පා චෙතො විමුක්ති ස්වභාවය ඇතිව වාසය කරලා බලන්න ඕනෑ.
ඊළඟට 202 වෙනි ගාථාවට සිත යොමු වුණා. “නත්ථි රාගසමො අග්ගි, නත්ථි දොසසමො කලි. නත්ථි ඛන්ධසමා දුක්ඛා, නත්ථි සන්තිපරං සුඛං.”
රාගය හා සම වූ ගින්නෙක් නැත. ද්වේෂය හා සම වූ අපරාධයක් නැත. පඤ්චස්කන්ධයන් හා සම වූ දුක්ඛ කෙනෙක් නැත. නිර්වාණයට වැඩි සුවයක් නැත.
එතකොට මෙතෙන්දි මේ රාගය හා සමාන වූ ගින්නෙක් නැත, ද්වේෂය හා සමාන වූ අපරාධයක් නැත, කියන එක තමන්ට සිහි කළා ම, ද්වේෂය ඇති වුණොත් අපරාධයක් කියලා, තමන්ගේ සිත බොහොම ශාන්ත වෙනවා. මෙතෙන්දි මේ පඤ්චස්කන්ධය සමාන වූ මෝහයක් නැති බව වටහා ගන්නේ නම්, ගාථාව හොඳින් වැටහෙනවා. විවිධාකාර වූ භවයන්වල අපි රූප සහිත වූ හෝ වේදනා සහිත වූ හෝ සඤ්ඤා සහිත වූ හෝ අරූප ධ්‍යානවල සිටිය භව අමතක නොකළ යුතුයි. මෙය ම මෝහය වන්නේ ය.
මේකෙන් අනතුරුව භාවනාවට ගත්තා 204 වෙනි ගාථාව. “ආරොග්‍යා පරමා ලාභා, සන්‌තුට්‌ඨිපරමං ධනං. විශ්වාසා පරමා ඥාති, නිබ්බානං පරමං සුඛං.”
සියලු ලාභයෝ නිරෝගී බව පරම කොට ඇත්තාහ. ධනය සතුට පරම කොට ඇත්තාහ. නෑයෝ විශ්වාසය පරම කොට ඇත්තාහ. නිර්වාණය උතුම් සුවයකි.
ඉතින් අපි දන්නවා මෙතන මේ අත්තා යැයි කියලා ගැනීමෙන් පසුව ලාභ වශයෙන් ගන්න බව අපි දන්නවා. එසේ නම් මනොසඤ්‌චෙතනා පාර දිගේ ගොස් ව්‍යාධි ස්වභාවයට පත් වන්නේ ය. ඉපදීම ඇති නම් ව්‍යාධිය ඇති වන්නේ ම ය. එසේ නම් නොඉපදීම මගින් ම පමණක් ලාභය ඇති වෙයි. ඕගොල්ලන්ට මතක ඇති අත්තභාව පටිලාභය එහෙම නේ ද? මෙසේ ආරොග්‍යා පරමා ලාභා, යන්න වටහා ගත යුතුයි.
ඊළඟට සන්‌තුට්‌ඨිපරමං ධනං. ජරාවට පත් වෙන පුද්ගලයා, එම ජරාවෙන් මඩනා ලද්දේ, ඒ සුඛයන් සොයන බව අපි දනිමු. සීයා taste buds නැති නිසා රස කෑම සොයන්නේ යම් සේ ද, එසේ ම සුඛයන් සොයයි. ඇත්තේ සුඛය නොව දුක ය. අපි ඉපදෙන්නේ නැති නම් පමණක් සුඛ වන්නේ ය. සැරියුත් හාමුදුරුවෝ ඉපදෙනවා නම් දුකයි. ඉපදෙන්නේ නැති නම් සුඛයි කියලා පැවසුවා. එසේ නම් ස්පර්ශ ආහාර පාරේ නොගිය යුතුයි. නැවත ඉපදීම නැති නම් සුඛ බව වටහා ගත යුතුයි.
විශ්වාසා පරමා ඥාති, ඥාතියා ලෙස තථාගතයන් වහන්සේව ගත යුතුයි. ඥාන පථයේ ශ්‍රද්ධාව. බුදුපියා පැවසුවා ඥාන පථයට ඇතුල් වීම සහ ඥාන පථයේ සිටීම ලෙස සැළකිය යුතුයි යනුවෙන්. පාණාතිපාත වැනි සංස්කාරයන් ඉවතලන්නේ, මාන පාරේ නොයන්නේ, ඥාන පථයට ඇතුල් වීම දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා අර්ථයෙන් ද, ශ්‍රද්ධාව ඇත්තේ එමගින් උද්ධච්චය බැස යන්නේ, ප්‍රඥාව ඇති වන්නේ මණ්ඩලාධිපති බුදුපියා පෙන් වූ පාර දිගේ ගමන් කරන්නේ, අභිජ්ඣාව කියන එක පහ කරනවා.
ඕගොල්ලන්ට මතකයි, මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් පාර. සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ඒකෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් හිරිය, හිරියෙන් ඕතප්පය, ඕතප්පයෙන් විරිය, විරියෙන් ඡන්ද සමාධියට එනවා. ඒ path A කියලා එහෙම අපි ලකුණු කරලා තියෙනවා. ඒකේ අර අභිජ්ඣාව අයින් කරනවා කියන එක.
ඊළඟට, “නිබ්බානං පරමං සුඛං.” අභිජ්ඣාව පහ කරන්නේ, නැවත උත්පත්තියක් නොවන්නේ, උතුම් නිර්වාණය ම පරම සුඛය වන්නේ ය. මෙතෙන්දි දුක්ඛ table එකේ පළවෙනි column එක නැති වීම ලෙස, භාවනා කළ යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්