ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ධම්ම පදයේ 210 වෙනි ගාථාව බැලුවා. බලන්න, කියලා බුදුපියා පැවසුවා. “මා පියෙහි සමා ගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසි කලෙකුදු සමාගමය නොකරන්නේ ය. කුමක් නිසා ද යත්, ප්‍රිය වූ සත්ව සංස්කාරයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය.
ඉතින් මේ ගාථාව මෙනෙහි කරන්නේ, තමන්ගේ පෙර අත්දැකීම් සිහි කරලා බලන්න ඕනෑ. Office එකේ හරි අප්‍රිය වූ සත්වයන්ගේ දැකීම නිසා ඇති වූ වේදනාවන්, සංස්කාරයන් සිහි කරන්න ඕනෑ. ප්‍රිය වූ සත්ව හා සංස්කාර නොදැකීම නොලැබීම නිසා ඇති වෙච්ච දුක මෙනෙහි කරලා බලන්න ඕනෑ.
ඊළඟට එනවා 211 වෙනි ගාථාව. “තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” එහෙයින් ප්‍රිය නොකරවු. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ආදී ග්‍රන්ථයන් නැත්තා හ.
ඉතින් මේ වෙලාවේ අර සතර ආහාර දුක්ඛය අනුව ප්‍රිය වීම නිසා අභිජ්ඣා කාය ග්‍රන්ථ වීම. අප්‍රිය දේ සමඟ ව්‍යාපාද කාය ග්‍රන්ථ වීම කියන එක මෙනෙහි කළා. අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට කාම යෝග නොවිය යුතුයි. කාම යෝග නොවීමට කාම උපාදාන නොවිය යුතුයි. මේ සඳහා අසුභේ සුභන්ති විපල්ලාස නොවිය යුතුයි. ඒ සඳහා කබලිංකාර ආහාර අසුභ වශයෙන් දත යුතු ය. ඉතින් මේ විදිහට මේ ප්‍රතිලෝම වශයෙන් ග්‍රන්ථයේ ඉඳන් මෙනෙහි කරනකොට, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ඥානය, භාවිතා කළ යුතුයි.
අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට පළවෙනි විරිය. කාම යෝග නොවීමට දිබ්බ විහාරය. කාම උපාදාන නොවීමට ප්‍රථමධ්‍යානය. විපල්ලාස නොවීමට කායානුපස්සනාව. ඒ මගින් ම දෙතිස් කුණුපය සිහි වන්නේ අසුභ වශයෙන් දකිනවා.
ඉතින් මෙතෙන්දි අපි දැන් ප්‍රතිලෝම වශයෙන් බලනකොට අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට පළවෙනි විරිය. ඉතින් මෙතෙන්දි හිතන්න බලන්න දැන්, මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා තමන් මේකෙන්, අර ගවර වලෙන්, එළියට පැනගෙන ඉන්නේ. ගොම් බෙට්ටෙන් එළියට පැනගෙන ඉන්නකොට, දැන් හිතන්න බලන්න බ්‍රහ්මයෙක්, එයා උඩ ඉඳලා බලාගෙන ඉන්න විට එයාට පේනවා, මේ සත්වයෝ මේ තණ්හාව නිසා මේ ගවර වලට වැටෙනවා. එහෙම නැති නම් භවය නිසා තමයි මේ ජාතිය ඇති වෙන්නේ. අන්න පේනවා ද එතන සම්බන්ධය අපිට පේනවා. ඒක බලාගෙන ඉන්නකොට අපිට පේනවා මේ දිබ්බ විහාරය. ඉතින් එහෙම නම් එයා කල්පනා කරනවා මම මෙහෙම තමයි ඉන්න ඕනෑ. මේකෙන් අයින් වෙලා මේ ප්‍රථමධ්‍යාන සහිත මේ ගවර වලෙන් නැතිව ඉන්න ඕනෑ. අන්න ප්‍රථමධ්‍යානය. අන්න ඒ විදිහට හිතන්න.
ඊළඟට ව්‍යාපාද කාය ග්‍රන්ථ නොවීමට දෙවෙනි විරිය. ලෝභ, දෝෂ, මෝහ ඉවත් කිරීම කියන එක සඳහායි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේ කන් දෙක යටින් සුඛ සහගත විමුක්තිය හිටන් ඇති වෙනවා. කරුණා, මුදිතා විමුක්තීන් ඇති වෙනවා. භව යෝග නොවීමට බ්‍රහ්ම විහාරය. සීලබ්බත උපාදාන නොවීමට දෙවෙනි ධ්‍යානය. ඒ කියන්නේ අනාගත භවය දැඩි ලෙස නොගනී. විතක්කයෝ නැත. විචාරයෝ නැත. දුක්ඛෙ සුඛන්ති විපල්ලාස නොවීමට වේදනානුපස්සනාව. ඒ මගින් ම ස්පර්ශ වීමෙන් දුක බව දකිනවා. ඉතින් මෙතෙන්දිත් කල්පනා කරන්න දැන් ලෝභ, දෝෂ, මෝහ ඉවත් කරන්න නේ දෙවෙනි විරිය. එතකොට අපි දන්නවා, මෝහය නිසායි මේ ලෝභ, දෝෂ ඇති වෙන්නේ. කොහොම ද මෝහය ඇති වෙන්නේ?
දැන් අපිට ඒක පේනවා මේ කාමයෙහි වරදවා හැසිරිලා තමයි මේක හදා ගත්තේ. එතකොට එහෙම නම් කියනවා “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති.” මම ආපහු ඕකට රිංගන්න යන්නේ නෑ. අර මෙත්තා අප්‍රමාණයෙන් යම්කිසි විදිහකට ආවා ද, ඒකේ reverse එකට තමන් බලනවා. එතකොට එහෙම නම් මේ කාමයෙහි වරදවා හැසිරීමක් මම කරන්නේ නෑ කියන එක. ඉතින් ඒක තමයි ඉතින් බ්‍රහ්ම විහාරය නේ ද? මෙත්තා අප්‍රමාණය එතන යන්නේ. ඉතින් ඒ විදිහට ක්‍රමානුකූලව බලාගෙන යන්න.
ඉතින් මේ ආකාරයට ම පාරවල් හතරේ ම ග්‍රන්ථවලින් පටන්ගෙන ප්‍රතිලෝම වශයෙන් මුල දක්වා යා යුතුයි. ඉතින් මේක එක දවසකට ඔය දෙකක් කළහම ඇති. ඉතින් මෙතෙන්දි කූඤ්ඤය පවා දැනෙනවා. ඒක භාවනාවෙන් පසුවත් පවතිනවා. ඒක කළහම.
ඒක තමයි මං කරපු භාවනාව.