ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වුණා, සිටිනවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නා නා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා සිටිනවා. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි ස්ථිර කරනවා. මේක ටිකක් වැඩියෙන් සිහි කළා.
මේකෙන් අනතුරුව, 01/10/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ගාථා දෙක සිහි කළා.
“මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ධම්ම පද. 210 වෙනි ගාථාව. ප්‍රියයන් හා අප්‍රියයන් හා කිසි කලෙකුදු සමාගමය නොකරන්නේ ය. කුමක් නිසා ද? ප්‍රිය වූ සත්වයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය. ඉතින් තමන්ගේ අත්දැකීම් සිහි කරලා බලනවා. අප්‍රිය වූ සත්වයන්ගේ දැකීම නිසා වේදනා, ප්‍රිය වූ සත්ව සංස්කාර නොදැකීම, නොලැබීම නිසා දුක මෙනෙහි කරනවා.
“තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද. 211 වෙනි ගාථාව. එහෙයින් ප්‍රිය නොකරවු. ඒ එසේ ම ය. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ආදී ග්‍රන්ථයෝ නැත්තා හ.
සතර ආහාර දුක්ඛය අනුව අප්‍රිය දේ සමඟ ව්‍යාපාද කාය ග්‍රන්ථ වීම මෙනෙහි කළා. ව්‍යාපාද කාය ග්‍රන්ථ නොවීමට දෙවෙනි විරිය. ලෝභ, දෝෂ, මෝහ ඉවත් කිරීම. භව යොග නොවීමට බ්‍රහ්ම විහාරය. සීලබ්බත උපාදාන නොවීමට දෙවෙනි ධ්‍යානය, දුක්ඛෙ සුඛන්ති, විපල්ලාසය නොවීමට වේදනානු පස්සනා, ඒ මගින් ම ස්පර්ශ වීමෙන් දුක බව දකිනවා.
ඉදංසච්චකායග්‍රන්ථ නොවීමට 4 වෙනි විරිය. කිසිම ධ්‍යාන තලයක නොනවතින විරියක්. Best එක නිර්වාණය. අවිද්‍යා යෝග නොවීමට ආනෙඤ්ජ විහාරය. ඇයි ආනෙඤ්ජ විහාරය? දස කුසලය පැවත් වීමට සුදුසු භූමියට පැමිණියා. එය පවත්වා සිටින්නේ, පැවතිය හැකි ය, යන මිච්ඡා දිට්ඨිය ඉවත් කර, නිර්වාණය හැර යමක් නොපවතින බව පෙන්වන සම්මා දිට්ඨියට පැමිණ ඇත. මෙයින් අවිද්‍යා යෝගය මඟ හැරෙනවා. ඉවත් වෙනවා. මෙසේ සම්මා දිට්ඨි වන්නේ, දුක බව දනී. දුක්ඛ සමුදය දනී. දුක්ඛ නිරෝධය දනී. නිරෝධගාමිනී පටිපදාව දනී. එසේ නම් අසම්පජානකාරීත්වය සුඛ යැයි පැවසීම මඟ හැරෙනවා. එතකොට අපි දන්නවා ජරා වේදනා අසම්පජාන රේඛාව.
හතර වෙනි ධ්‍යානය අභිමුඛ වෙනවා. එය ඉදිරියට පැමිණෙනවා. කුමක් නිසා ද? යම් සතුටක් වේ ද, එය ජරාවට ඇති කැමැත්ත නිසා ම පහළ විය. ඒක රහතන් වහන්සේගේ වචනය.
පස් වෙනි ධ්‍යානයේ තියෙනවා, පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමා, කියන එක. ඒක අපි A කියලා ගම්මු. ඒක මගින් ඇති වෙන අවබෝධය මගින් 4 වෙනි ධ්‍යානයේ තියෙන පුබ්බේ දොමනස්ස සොමනස්සානං අත්ථඞ්ගමා, කියන එක. ඒක අපි B කියලා ගම්මු. එතකොට ඒක නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති, ලෙස ගත යුතුයි. ඒ කියන්නේ A වලින් තමයි B ඇති වන්නේ. B මගින් A වන බව දත යුතුයි.
අත්තවාද උපාදාන ඉවත් කිරීමට හතර වෙනි ධ්‍යානය. ඇයි හතර වෙනි ධ්‍යානය? අත්තවාද උපාදානය සෝක, වේදනා, පරාමාස කියන lines වලින් අපි නිරූපණය කරනවා. සෝකය ඇති තැනදි විඤ්ඤාණයේ සුඛ, දුක සසඳලා බලනවා. එයට ප්‍රතිචාර කරනවා. හතර වෙනි ධ්‍යාන උපෙක්ඛා ඇත්තේ, සුඛ, දුක ඉක්මවා ඇති බැවින් ප්‍රතිචාර නොදක්වයි. මේ නිසා සුඛ වන රූප හෝ පරිදේව වූ සංස්කාරයන්ට හෝ ප්‍රතිචාර නොදක්වයි. උපෙක්ඛාව ම පවතිනවා.
අනිත්‍යයේ නිත්‍ය යන විපල්ලාසය නොවීමට ධම්මානුපස්සනාව. ඉතින් ඕගොල්ලෝ දන්නවා 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක, 3 ජාතිය ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට දැන් අපි ඉස්සර වෙලාවේ ජරා වේදනා අසම්පජාන රේඛාවට ඇවිල්ලා නේ හිටියේ. තුනෙන් පටන් ගන්නේ, ජරා බව දන්නේ දක්නේ, නිත්‍යභාවය ගිලිහී අත්තා යන්න ඉවත් විය යුතු බව චතුත්ථධ්‍යාන උපෙක්ඛාව නිසා ම සිදු වෙනවා. ප්‍රතිචාර නොකිරීම මගිනුයි. දැන් කබලිංකාර ආහාරය විසි කරනවා. ඉහළ ම වූ සම්මා දිට්ඨිය ඇත්තේ, ඉන්ද්‍රිය පහ ම, ශ්‍රද්ධා, සති, ඒ ඉන්ද්‍රියන් පහ ම ඇති වෙලා තියෙන්නේ, පෝෂණය වී ඇත්තේ, කිසිවක් නොගනී. නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.