ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො,” රාග වශයෙන් රත් වූයේ, සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ, සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ, සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ, සිටී. ඒකෙන් පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි ස්ථිර කරනවා. මේක ටිකක් වැඩියෙන් සිහි කළා.
මේකෙන් අනතුරුව, 14/10/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ගාථා දෙක සිහි කළා. “මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ධම්ම පද 210 වෙනි ගාථාව.
ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසි කලෙකුදු සමාගමය නොකරන්නේ ය. ප්‍රිය වූ සත්වයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය. ඉතින් තමන්ගේ අත්දැකීම් සිහි කරලා බලනවා. අප්‍රිය වූ සත්වයන්ගේ දැකීම නිසා ඇති වුණ වේදනා, ප්‍රිය වූ සත්ව සංස්කාර නොදැකීම, නොලැබීම නිසා දුක මෙනෙහි කරනවා.
“තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද 211 වෙනි ගාථාව. එහෙයින් ප්‍රිය නොකරවු. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ආදී ග්රන්ථයෝ නැත්තා හ.
ඉතින් සතර ආහාර දුක්ඛය අනුව අප්‍රිය දේ සමඟ ව්‍යාපාද කාය ග්රන්ථ වීම මෙනෙහි කළා. ව්‍යාපාද කාය ග්රන්ථ නොවීමට දෙවෙනි විරිය. ලෝභ, දෝෂ, මෝහ ඉවත් කිරීම. භව යොග නොවීමට බ්‍රහ්ම විහාරය. සීලබ්බත උපාදාන නොවීමට දෙවෙනි ධ්‍යානය, දුක්ඛෙ සුඛන්ති, විපල්ලාසය නොවීමට වේදනානු පස්සනා, ඒ මගින් ම ස්පර්ශ වීමෙන් දුක් බව දකිනවා.
එතකොට ව්‍යාපාද කාය ග්රන්ථ නොවීමට දෙවෙනි විරිය. මෙහි දී මෝහය නිසා ලෝභ ද්වේෂ වන බව දැන එය පහ කරන්නේ, මෝහ වූයේ කාමයේ වරදවා හැසිරීම මගින් වූ බව දන්නේ, “න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතීති.” එනම් මව් කුසකට නොයමි, යනුවෙන් මෙත්තා අප්‍රමාණය වෙනවා. එසේ වාසය කරන්නේ, එහි යෑමට විතක්කයක් විචාරයක් නැති වන්නේ, ද්විතීය ධ්‍යාන වන්නේ ය.
එතකොට මෙතන අපිට පේනවා, සීලබ්බත උපාදානය කියන එක නිරූපණය කරනවා. වේදනා චේතනා, චේතනා පරාමාස. එතන චේතනා පරාමාස අතර අත්තා. ඒකේ පසු සඤ්ඤාව භව ආශ්‍රවය. වේදනාවයි චේතනාවයි අතර අපිට එනවා තණ්හාව කියන එක. එතකොට දෙවෙනි ධ්‍යානය මගින් සීලබ්බත උපාදානය මඟ හැරෙන්නේ, යම් භවයක් වූවා ද, අනාගත භවය දැඩිව ගත්තා ද, මෙය සිදු වූයේ තණ්හාව නිසා බව වැටහෙනවා. කෙසේ ද? යම් තණ්හාවක් වේ ද, එය අඹ ගෙඩිය කෑම නිසා ඇති වූයේ ය. එසේ නම් වේදනානුපස්සනාවට බැස ගන්නවා.
මෙසේ විමසන්නේ, වාසය කරන්නේ, ස්පර්ශය නිසා මෙය වන බව දන්නේ, දක්නේ, එම ස්පර්ශයට තුඩු දුන්නේ වමනය වැනි දේ යැයි දැන, ආහාරයේ පටික්කූල සඤ්ඤා, දෙතිස් කුණුප භාවනා අවබෝධය පෙර දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා භාවනාව මගින් වඩා ඇති ද, එම ඥානය ම භාවිතා කරනවා. මෙහි යම් දියුණුවක් ඇත්ද, එය ම නිර්වාණයට තුඩු දෙනවා.
ඉතින් මෙතෙන්දි අපිට tea cup එක පේනවා. රූප වේදනා චේතනා. ඒකේ අපිට පේනවා දිට්ඨි අනුසය මගින් රූපය සුඛයි කියලා පවසනවා. ඊට පස්සේ අපිට පේනවා කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛයි කියලා එතනින් පවසනවා. ඊළඟට පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛයි කියලා පෙන්නනවා.
එතකොට tea cup එක මැද්දෙන් තියෙන දේවල් අපිට පේනවා, මේ සඤ්ඤා, අසම්පජානකාරීත්වය. ඉතින් අපිට ඔතන සතියක් පේනවා නේ. ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාව දක්වා 1 සතියක් තියෙනවා. ඊළඟට අපි 3 සතිය කියලා ලකුණු කරලා තියෙනවා, ඒ වේදනා චේතනා අතර. ඉතින් ඒක අර 01/07/2015 අනුපාදිසේස නිබ්බාන ධාතු භාවනාවත් එක්ක මෙතෙන්දි ඒ කොටස සිහි වුණා.
ඒකේ පළවෙනියට, 1 වෙනි සතියෙන් පෙන්වන්නේ, රූපයත්, රූපය නිසා පැවතීමක් නැති ය. ඊළඟට දෙවෙනියට වේදනාවත්, වේදනාව නිසා පැවතීමක් නැති ය. තුන් වෙනියට සඤ්ඤාවත්, සඤ්ඤාව නිසා පැවතීමක් නැති ය. හතර වෙනියට අත්තා සහ, අත්තා නිසා පැවතීමක් නැති ය. ඊළඟට අපිට පේනවා 3 සතිය. එතකොට එතෙන්දි පෙන්නනවා.
පළවෙනියෙන් සුඛ වේදනාව ඉවත් කිරීම. අනාගත භවය දැඩිව ගැනීම, සීලබ්බත උපාදානය ඉවත් වීම. දෙවෙනුවට පේනවා. මව් කුසට යන අවස්ථාවේ දී අදත්තාදාන, කාමයෙහි වරදවා හැසිරීම කියන ඒවා සිද්ධ වුණා. දැන් මේවා නොකළත්, මේ නිසා ඇති වූ කාමරාග අනුසය නිසා වන බලපෑම, ඉවත් කිරීම 3 වෙනි සතියට ඇතුළත් වෙනවා.
උදාහරණයක් වශයෙන් කියනවා නම්, බඩගිනි වෙච්ච වඳුරෙකුට මුදලාලි අඹ දෙන්නේ නෑ. එළවනවා. තමාට, මේ සතාට ආහාරයක් ලැබෙන්නේ නම් හොඳයි කියලා සිතක් පහළ වෙනවා. වඳුරා අඹ ගෙඩියක් හොරා ගන්නවා. ඒ ගැන සතුටක් ඇති වෙනවා. එතකොට අන්න ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්.
ඊළඟට, තවත් විදිහකට බලනවා නම්, අදත්තාදාන නොකරනවා කියලා පැවසුවත් මුදල් ලැබෙනවා නම් සතුටු වෙනවා. මේ විදිහට කාමයෙහි වරදවා හැසිරීම ගැනත් හිතන්න ඕනෑ. එතකොට tea cup එක ශුන්‍ය වන්නේ නම්, එතන නිවන තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්