Date: 10/11/2019 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම 14/10/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඒකේ අර අවසාන ගාථාව. “තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද 211 වෙනි ගාථාව

එහෙයින් ප්‍රිය නොකරවු. ඒ එසේ ම ය. ප්‍රියයන්ගේ වියෝගය ලාමකයි. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ආදී ග්‍රන්ථයෝ නැත්තා හ.

එතකොට, එහෙම නම් මේ ග්‍රන්ථ අයින් කරන්නට, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය නොවීමට 4 වෙනි විරිය. කිසිම ධ්‍යාන තලයක නොනවතින විරිය. Best එක නිර්වාණය. අවිද්‍යා යෝග නොවීමට ආනෙඤ්ජ විහාරය. ඉතින් මම එතන ඉස්සෙල්ලා මේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙන් ඉස්සරහට ගමන් කරන විදිහට දක්වා ඇවිල්ලා තමයි, අනිත් පැත්තට මම මේක බලන්න පටන් ගත්තේ. එතකොට, ඒකේ සඳහන් වෙනවා, මේ පස් වෙනි ධ්‍යානය. පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමා කියන එක.

එතකොට, අපි දන්නවා ජරා වේදනා අසම්පජාන රේඛාව. ඇති වන්නේ දුක බව නොදැන, සීයා රස කෑම ඉල්ලනවා. රස අංකුර නැති වීම, ජරා වීම පූර්ව කර්මය. ඒ ජරා වීම නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති ලෙස ගත යුතුයි. සිතිය යුතුයි. දැන් අපි B කියලා දාගත්තා, හතර වෙනි ධ්‍යානය. පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා කියන එක. ලාභයක් ලැබිලා හෝ ධ්‍යානයක් ලැබිලා හෝ එය අභිනන්දනා කරන්නේ නම්, එහි ඉපදීම ඇත. මේ ශරීරය සාදාගෙන අවසානය. මෙය නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියලා ගත යුතුයි. සිතිය යුතුයි.

මේ විදිහට, A ජරාව අභිනන්දනා නොකිරීම ලෙසත්, B ජාතිය අභිනන්දනා නොකිරීම ලෙසත්, වටහා ගත යුතුයි. ඉතින් කෙනෙකුට පේනවා ජාතිය ඇති වුණා නම් තමයි අපිට ජරාව ඇති වන්නේ. ජරාව ඇති නොවන්න නම් ජාතිය ඇති නොවිය යුතුයි. එහෙම නම් A වලින් B වලට, B වලින් A වලට තමන්ට භාවනාව හොඳට කරන්න පුළුවන්.

එතකොට මේ විදිහට පස් වෙනි ධ්‍යානයේ ඉඳන් හතර වෙනි ධ්‍යානයට පැමිණ, ජාතිය අභිනන්දනා නොකරන්නේ නම් අසම්පජානකාරීත්වය දුක බව වටහා ගන්නේ, ඒ කාරණා දෙක ම දන්නවා නම් සෝකය ඇති තැනදි සසඳා බැලීමක් සුඛයි, දුකයි කියලා නොවන්නේ, නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්. කුමක් නිසා ද? යම් ජාතියක් ඇති වේ ද, එයට අත්තවාද උපාදානය බලපායි. එය පහ වීම නිසායි.

ඉතින් මෙතන අර ජරා වේදනා අසම්පජාන රේඛාව. වේදනාවේ ඉඳන් මේ පැත්තට පරාමාසය. සෝකයේ ඉඳන් වේදනාවට ඒ රේඛාවත් එක්ක අත්තවාද උපාදානය නිරූපණය කරන ධර්මයෝ සහිතව තමන් මෙනෙහි කරන්න ඕනෑ.

එතකොට ඒක තමයි මම කරපු භාවනාව.