පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම භාවනාවට ගත්තේ, මේ “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වූයේ, සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ, සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ, සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ, සිටී. එතකොට පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි ස්ථිර කරනවා. මේක වැඩියෙන් සිහි කළා.
ඉන් අනතුරුව, 14/10/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අර ගාථා දෙක සිහි කළා. “මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ධම්ම පද 210 වෙනි ගාථාව. ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසි කලෙක සමාගමය නොකරන්නේ ය. ප්‍රිය වූ සත්වයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය. තමාගේ අත්දැකීම් සිහි කරලා බැලුවා. අප්‍රිය වූ සත්වයන්ගේ දැකීම නිසා ඇති වූ වේදනා, ප්‍රිය වූ සත්වයන් හා සංස්කාර නොදැකීම, නොලැබීම නිසා දුක් මෙනෙහි කළා.
“තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද 211 වෙනි ගාථාව. එහෙයින් ප්‍රිය නොකරවු. එය එසේ ම ය. ප්‍රියයන්ගේ වියෝගය ලාමකයි. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට ග්‍රන්ථයෝ නැත්තා හ. සතර ආහාර දුක්ඛය අනුව අප්‍රිය දේ සමඟ ව්‍යාපාද කාය ග්‍රන්ථ වීම මෙනෙහි කළා. ව්‍යාපාද කාය ග්‍රන්ථ නොවීමට දෙවෙනි විරිය. මෙහි දී මෝහය නිසා ලෝභ, ද්වේෂ වන බව දැන එය පහ කරන්නේ, මෝහ වූයේ කාමයේ වරදවා හැසිරීම මගින් වූ බව දන්නේ, “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති.”
එනම් මව් කුසකට නොයමියි යනුවෙන් මෙත්තා අප්‍රමාණය වෙනවා. එසේ වාසය කරන්නේ, එහි යෑමට විතක්කයක් විචාරයක් නැති වන්නේ, ද්විතීය ධ්‍යාන වන්නේ ය.
මෙතෙන්දි ජරා වේදනා අසම්පජාන රේඛාවට මනස යොමු වුණා. ව්‍යාපාද නොවීමට ජරාව ඉක්මවිය යුතුයි. එසේ නම් පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමා විය යුතුයි. ඒක සමඟ ආකාසානඤ්චායතන ඇති වුණා. එනම් ජරාව නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති. මේක මගින් ආකාසානඤ්චායතන.
ඉදංසච්චාභිනිවෙසකායගන්ථ නොවීමට 4 වෙනි විරිය. කිසිම ධ්‍යාන තලයක නොනවතින විරිය. Best එක නිර්වාණය. ආකාසානඤ්චායතන ඉක්මවා විඤ්ඤාණඤ්චායතන වුණා. මෙය ව්‍යාධිය අභිනන්දනා නොකිරීම ලෙස වැටහුණා. මක්ඛය පහ කරයි. එයට රැවටීමක් නොවෙයි. ව්‍යාධියට රැවටීම පහ කරයි. ව්‍යාධි වීමෙන් පසු මරණය වන්නේ ය. ව්‍යාධිය ලාභයක් යැයි නොගනී ද, මරණය ඉක්මවන සිතක් ඇති වෙනවා. මරණය ඉක්මවන සිත් ඇතිව වාසය කරන්නේ, ඉන් අනතුරුව, ව්‍යාධිය ලාභයක් යැයි දෙවන සිතක් නොවන්නේ ද, එනම් මරණයට අනතුරුව තවත් භවයකට නොයන්නේ, සාඨෙය්‍ය පහවන්නේ ආකිඤ්චඤ්ඤායතන වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.