ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම භාවනාවට ගත්තේ, ඒ “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වූයේ, සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ, සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ, සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ, සිටී. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි ස්ථිර කරනවා. මේක වැඩියෙන් සිහි කළා.
ඒකෙන් අනතුරුව, 19/10/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අර ධම්මපදයේ ගාථා දෙක සිහි කළා. “මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ධම්ම පද 210 වෙනි ගාථාව. ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසි කලෙකුදු සමාගමය නොකරන්නේ ය. කුමක් නිසා ද? ප්‍රිය වූ සත්ව සංස්කාරයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය. තමාගේ අත්දැකීම් සිහි කරලා බැලුවා. අප්‍රිය වූ සත්වයන් දැකීම නිසා ඇති වූ වේදනා, ප්‍රිය වූ සත්ව සහ සංස්කාර නොදැකීම, නොලැබීම නිසා දුක මෙනෙහි කළා.
“තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද 211 වෙනි ගාථාව. එහෙයින් ප්‍රිය නොකරවු. එය එසේ ම ය. ප්‍රියයන්ගේ වියෝගය ලාමක යි. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ග්‍රන්ථ ආදී ග්‍රන්ථයෝ නැත්තා හ.
සතර ආහාර දුක්ඛය අනුව අප්‍රිය දේ සමඟ ව්‍යාපාද කාය ග්‍රන්ථ වීම කියන එක මෙනෙහි කළා. ව්‍යාපාද කාය ග්‍රන්ථය නොවීමට දෙවෙනි විරිය. ලෝභ, ද්වේෂ මෝහය ඉවත් කිරීම. ලෝභය ඇති වීම රාගජ පරිදාහය. මනාප අරමුණ, සුඛ වේදනීය ස්පර්ශය, සුඛ වේදනාව. මේ belt එක කරකැවීම මගින් දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ සඳහන් වන දුක්ඛ සමුදාර්ය සත්‍යයේ කාම තණ්හා වීම ද, එය මගින් ඇති වෙන ප්‍රතිඵලය විපරිණාම දුක්ඛතාවය බවත් වැටහෙනවා. කෙසේ ද? උත්පාද සංඛත ලක්ඛණය, විපරිණාම දුක්ඛතා.
Area 1 වලින් area 6. මෝහජ පරිදාහය. මනාපත් නැති නොමනාපත් නැති අරමුණ. අදුක්ඛම සුඛ වේදනීය වූ ස්පර්ශය. අදුක්ඛම සුඛ වේදනාව. මෙම belt එක කැරකැවීම මගින් විභව තණ්හාව ඇති වෙන අතර, එහි ප්‍රතිඵලය සංස්කාර දුක්ඛතාවය බව වැටහුණා. කෙසේ ද? වය සංඛත ලක්ඛණය, සංස්කාර දුක්ඛතාවය. Area 6 වල කාමරාග අනුසය. මේකෙ බලපෑම. අර වඳුරා අඹ ගෙඩිය සොරා ගත්ත කතාව.
ද්වේෂජ පරිදාහය. අමනාපික අරමුණ, දුක්ඛ වේදනීය ස්පර්ශය වූ දුක්ඛ වේදනාව. මෙම belt එක කැරකැවීම මගින් භව තණ්හා ඇති වෙන අතර එහි ප්‍රතිඵලය දුක්ඛ දුක්ඛතාවය බව වැටහුණා. කෙසේ ද? ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණං, දුක්ඛ දුක්ඛතා. උදාහරණ වශයෙන් පෙර සොරකමින් ජීවත් වුණ දේ වෙනස් වුණා යැයි කියලා දුක් වෙනවා.
දැන් කෙනෙක්, අපි හිතමු, retire වෙලා වගේ ඉන්නවා කියලා. ඉස්සර රස්සාව කර කර හිටියා. ඉතින් අනෙක් කට්ටිය හොඳට ගිහිල්ලා වාහනවලින් එහෙම බහිනවා. ආදි වශයෙන් දකිනවා කියන්නකෝ. එතකොට මෙය කල්පනා කරනවා මමත් ඔහොම හිටියා නේ ද? අන්න ඒ විදිහට. එතකොට එතෙන්දි, පෙර සොරකමින් ජීවත් වුණ දේ වෙනස් වුණා කියලා දුක් වෙනවා. අමනාපික අරමුණ යැයි දුක් වෙනවා. මනස මෙහි දී ඉතා ම පිරිසිදු වෙනවා. බොහොම clear වෙනවා. කූඤ්ඤය පවා දැනෙනවා. මෙතන හුඟක් මේ භාවනාව කරන්න ඕනෑ උදාහරණ ඇතිව.
දැන් ලෝභ, ද්වේෂ මෝහ එපා නම්, මේක පටන් ගත්ත area 1 වල මනාප අරමුණ ඉවත් වෙන්න ඕනෑ. සුඛ වේදනාව ඉවත් වෙන්න ඕනෑ. එනම් උත්පාද සංඛත ලක්ඛණය ඉවත් වෙන්න ඕනෑ. එසේ නම් “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති.” එනම් මව් කුසකට නොයමියි යනුවෙන් මෙත්තා අප්‍රමාණය වෙනවා. එසේ වාසය කරන්නේ, එහි යෑමට විතක්කයක් විචාරයක් නැති වන්නේ, ද්විතීය ධ්‍යාන වෙනවා.
මෙහි දී මුල දී පටන් ගත් විරිය, විරිය ඉන්ද්‍රිය ස්පර්ශ කරන්න ඕනෑ. එතෙන්දි ප්‍රීතිය ඇති වෙනවා. දැන් ඉතින් ඔතෙන්දි ඕගොල්ලන්ට මේ පේනවා අර diagram එකක්. ඒ කියන්නේ ස්පර්ශය වේදනාව ඒකෙන් චේතනාවට යනවා. එතකොට වේදනාවයි චේතනාවයි අතර තණ්හාව. චේතනාවේ ඉඳන් පරාමාසය එතන අත්තා. ඒ අත්තා කියන එකේ පසු සඤ්ඤාව භව ආශ්‍රවය. එතකොට එහෙම නම් දෙවෙනි ධ්‍යානය මගින් සීලබ්බත උපාදානය මඟ හැරෙනවා. සීලබ්බත උපාදානය අපි දන්නවා වේදනා චේතනා, චේතනා පරාමාසවලින් නිරූපණය වෙනවා. ඒක මඟ හැරෙනවා නම්, යම් භවයක් වූවා ද, අනාගත භවය දැඩිව ගත්තා ද, මෙය සිදු වූයේ තණ්හාව නිසා බව වැටහෙනවා. කෙසේ ද? යම් තණ්හාවක් වේ ද, එය අඹ ගෙඩිය කෑම නිසා ඇති වූයේ ය.
මෙතෙන්දි ඉහත සාකච්ඡා කළ තණ්හා තුන් වර්ගය ම ඇති වූ ආකාරය දැන ගැනීම උදව් උපකාර වෙනවා. මේකේ ඥානය අධිකයි. එසේ නම් වේදනානුපස්සනාවට බැස ගන්නවා. මෙසේ විමසන්නේ වාසය කරන්නේ, ස්පර්ශය නිසා මෙය වන බව දන්නේ, දක්නේ එම ස්පර්ශයට තුඩු දුන්නේ වමනය වැනි දේ යැයි දැන ආහාරයේ පටික්කූලතා සඤ්ඤා, දෙතිස් කුණුප භාවනා අවබෝධය පෙර දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා භාවනාව මගින් වඩා ඇති ද, එම ඥානය ම භාවිතා කරනවා. මෙහි යම් දියුණුවක් ඇත්ද එය ම නිර්වාණයට තුඩු දෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.