ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
එතකොට මම “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මේ ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප හැදෙනවා. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඒකෙන් අනතුරුව, “තිට්ඨං නරො,” රාග වශයෙන් රත් වූයේ, සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ, සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ, සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ, සිටී. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි ස්ථිර කරයි. මේක වැඩියෙන් සිහි කළා.
ඉන් අනතුරුව, අර ධම්මපදයේ 210, 211 ගාථා දෙක සිහි කළා. “මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ධම්ම පද 210 වෙනි ගාථාව. ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසි කලෙකුදු සමාගමය නොකරන්නේ ය. ප්‍රිය වූ සත්වයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය.
“තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද 211 වෙනි ගාථාව. එහෙයින් ප්‍රිය නොකරවු. ප්‍රියයන්ගේ වියෝගය ලාමක යි. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ආදී ග්‍රන්ථයෝ නැත්තා හ.
සතර ආහාර දුක්ඛයට අනුව ප්‍රිය වීම නිසා අභිජ්ඣා කාය ග්‍රන්ථ වීමත්, අප්‍රිය දේ සමඟ ව්‍යාපාද කාය ග්‍රන්ථ වීමත් මෙනෙහි කළා. අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට කාම යොග නොවිය යුතුයි. අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට පළමු වෙනි විරිය. කාම විතක්ක එපා. ව්‍යාපාද විතක්ක එපා. විහිංසා විතක්ක එපා.
දිබ්බ විහාරයේ දී වටහා ගත් ධර්මතාවය භාවිතා කළ යුතුයි. තණ්හාව නිසා දුක්ඛය. එසේ නම් තණ්හාව නොවීමට කාම විතක්කය එපා. කාම විතක්ක ඇති වන්නේ කාම සඤ්ඤා මගින්. ඕගොල්ලො දන්නවා කාම සඤ්ඤා ලකුණු කරන්නේ ජරා වේදනා අසම්පජාන රේඛාවේ, වේදනාවයි අසම්පජානකාරීත්වයයි අතර. කාම විතක්කය ඇති වූවොත් ව්‍යාපාදය හටගන්නවා. එතකොට මේ විදිහට අපිට පේනවා මේ කාම විතක්කය, ඒකේ යටින් අපි ලියාගත්තොත් වරහනක් ඇතුළේ, කාම යෝගය කියලා, ඒකෙන් අපි හරහට එනවා ව්‍යාපාද කාය ග්‍රන්ථයට.
ඒක ඇති වෙන බව දන්නේ, ව්‍යාපාද කාය ග්‍රන්ථය නොවීමට දෙවෙනි විරිය. මෙහි දී මෝහය නිසා ලෝභ, දෝෂ වන බව දැන එය පහ කරන්නේ, මෝහ වූයේ කාමයෙහි වරදවා හැසිරීම මගින් වූ බව දන්නේ, “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති.” එනම් මව් කුසකට නොයමියි යනුවෙන් මෙත්තා අප්‍රමාණය වෙනවා. එසේ වාසය කරන්නේ එහි යෑමට විතක්කයක්, විචාරයක්, විශේෂයෙන් ම කාම විතක්ක එපා. මෙහි දී ඇති වී ඇත්තේ දුක බව වටහා ගන්නවා. එසේ නම් අසම්පජානය නැති විය යුතුයි. එසේ නොවන්නේ නම් අනාගත භවය දැඩිව ගන්නවා. පරාමාසකායගන්ථය ඇති වෙනවා.
එතකොට එහෙනම් අපිට පේනවා, මෙතන ව්‍යාපාද විතක්කය, ඒක යටින් අපිට ලියාගන්න පුළුවන් වරහනක් ඇතුළේ, භව යෝගය. ඒකෙන් හරහට සම්බන්ධ වෙනවා පරාමාසකායගන්ථය කියන එකට. ඒක ඇති වන බව වැටහෙනවා. එතකොට, ව්‍යාපාද විතක්කය ඇති වන්නේ, ව්‍යාපාද සඤ්ඤාවෙන්. ඉතින් අපි දන්නවා, ඒක පරාමාසයයි ජීවිත ඉන්ද්‍රියයි අතර ව්‍යාපාද සඤ්ඤාව. ඉතින් භවයේ යන විතක්කයක් නැත්නම් තමයි ව්‍යාපාද සඤ්ඤාව නැති වෙන්නේ.
එතකොට පරාමාසකායගන්ථ නොවීමට 3 වෙනි විරිය. නූපන් කුසල් ඉපදවීම. මගඵල චිත්තය නැංවිය යුතුයි. දිට්ඨි යෝග නොවීමට අරිය විහාරය. ඇති වන්නේ දුක බව දැන, දුක්ඛ සමුදය දැන වාසය කළ යුතුයි. මෙතෙන්දි තණ්හාව නිසා දුක ඇති වෙන බව දිබ්බ විහාර අවබෝධයෙන්, ඊළඟට ඇති වී ඇත්තේ දුක බව බ්‍රහ්ම විහාර අවබෝධය, ඒ දෙක ඇත්තේ, අරිය විහාරය පෙර කාරණා දෙක මගින් සනාථ වී ඇත්තේ අරිය විහාරයෙන් ම වාසය කරනවා. එය ම ස්ථාපිත වෙනවා ස්ථීර වෙනවා.
මෙතෙන්දි දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණය සිහි කිරීම සුදුසුයි. වරදවා ගැනීම පරාමාසය, සහ ඇලීම අභිනිවේසය, දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණ වෙනවා. පරාමාසයේ සීලබ්බත උපාදානයෙන් ඇති වන ප්‍රතිඵලයට ඇලීමෙන් පරාමාස වෙනවා. වරදවා ගන්නවා. අනාගතයේ මෙබඳු රූප ඇත්තෙක් වෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වෙම්වා. අපි උදැල්ල 1 කියලා බලලා තියෙන්නේ. අභිනිවේසයේ වේදනා සඳහා හදන චිත්ත සංස්කාරයන්ට ඇලෙනවා. උදැල්ල 2 කියලා අපි බලලා තියෙනවා.
ඉතින් මේ පෙර කරන ලද්දා වූ සංස්කාරයන්, අදත්තාදාන නිසා වන බලපෑම ඇත. වඳුරාගේ කතාව මතකයි නේ. එතකොට එහෙනම් ඕගොල්ලන්ට පේනවා අර රේඛාව නේ ද? සඤ්ඤා පරාමාස, එතකොට සංස්කාර තියෙනවා ඒ කාමරාග අනුසයේ. ඊළඟට තියෙනවා මෝහය කියන එක නේ ද? එතකොට කාමරාග අනුසයෙන් අර සඤ්ඤාවට අර පෙර කළා වූ දේවල් නිසා සඤ්ඤාව සුඛයි කියන එකට එනවා. එවැනි සංස්කාර මගින් උලුප්පා පෙන්වන ධර්මයන් මගින් සඤ්ඤාව සුඛ වශයෙන් ගන්නේ, එහි වරදවා වටහා ගැනීම මගින් ඇති වන බැඳීම පරාමාසගත වෙනවා. අනාගතයේ මෙබඳු රූප ඇත්තෙක් වෙම්වා, ආදී වශයෙන් සිතනවා. මෙසේ සංයෝජන වන්නේ දොර පොල්ල සඳහා අඩිතාලම වැටෙනවා. අභිනිවේසය මගින් මෙම සංස්කාරයන්ට ඇලෙනවා. අනාගත සුඛ වේදනාව ද තදින් ගන්නවා. සීලබ්බත උපාදාන වන බව දත යුතුයි.
ඉතින් දැන් තමන් අරිය විහාරයේ නම් ඉන්නේ ඔය ක්‍රියාවලිය සිද්ධවන්න දෙන්නේ නෑ. දොර පොල්ල හැදෙන්න දෙන්නේ නැතිව ඉන්නවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්