ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එතෙන්දි, මේ කාම විතක්කය යටින් කාම යෝගය ලකුණු කරගත්තා කියලා මතක ඇති. එතකොට කාම විතක්කය කෙසේ ද? කබලිංකාර ආහාරයේ, ඕගොල්ලො දන්නවා, අසුභයේ සුභයි කියන විපල්ලාසය. ඔහොම ඇවිල්ලා අපි පල්ලෙහාට එනවා කාම යෝගය. ඒ වගේ ම ලෝභ දෝෂ මෝහ පාරේ, මනාපික අරමුණ සුඛ වේදනීය ස්පර්ශය ඉතින් ඔහොම ඇවිල්ලා ඒකෙන් රාගය ඒකෙන් කාම විතක්කය. එතකොට ඒ කාම විතක්කයෙන් කාම යෝගය කියන එක ඇති වෙනවා.
එතකොට, එහෙම නම් අපි ඊයේ භාවනාවේ අපි දැක්කා, කාම විතක්කයෙන් පල්ලෙහා තියෙනවා අභිජ්ඣා කාය ග්‍රන්ථය. කාම විතක්කයෙන් ඇති වෙනවා ව්‍යාපාද කාය ග්‍රන්ථය. ඒකේ උඩ එනවා ව්‍යාපාද විතක්කය. ඒක යටින් අපි ලියාගත්තා භව යෝගය කියලා නේ ද. එතකොට ඒකෙ හරහට එනවා ව්‍යාපාද විතක්කයෙන් පරාමාසකායගන්ථය. ඉතින් ඒකට උඩින් එනවා දිට්ඨි යෝගය. එතකොට මේකෙ සම්බන්ධතාවය අපි ඊයේ මෙනෙහි කළා. එතන දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණය මෙනෙහි කළා කියලා ඕගොල්ලන්ට මතකයි. වරදවා වටහා ගැනීම පරාමාසය, සහ ඇලීම අභිනිවේසය, දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණ කියලා.
පරාමාසයේ සීලබ්බත උපාදානයෙන් ඇති වන ප්‍රතිඵලයට ඇලීමෙන් පරාමාස වෙනවා. වරදවා ගන්නවා. අනාගතයේ මෙබඳු රූප ඇත්තෙක් වෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වෙම්වා කියලා. අපි උදැල්ල 1 කියලා බලලා තියෙනවා. අභිනිවේසය වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන්ට ඇලෙනවා. උදැල්ල 2.
ඉතින් මෙතෙන්දි තණ්හාව නිසා දුක්ඛය ඇති වෙන බව, දිබ්බ විහාර අවබෝධය, ඇති වී ඇත්තේ, දුක බව බ්‍රහ්ම විහාර අවබෝධය ඇත්තේ, අරිය විහාරය පෙර කාරණා දෙක මගින් ම සනාථ වී ඇත්තේ, අරිය විහාරයෙන් ම වාසය කරනවා. එසේ නොවන්නේ නම් අර උඩ bridge එක හැදෙන බව වටහා ගන්නවා. අර රූප, ඊට පස්සේ, සඤ්ඤාවත් එක්ක විඤ්ඤාණය දක්වා එන bridge එක.
අරිය විහාරයෙන් වාසය නොකළොත් විපල්ලාසයන් ඇති වෙනවා. සුභයි, සුඛයි ආදී වශයෙන් වන බව දන්නවා. ඒවා ඉදංසච්චගත වෙනවයි කියලා තමන් වටහා ගන්නවා. එතකොට එහෙනම් දැන් අපිට පේනවා මේ සතර විපල්ලාසයෝ සුභ, සුඛ, අත්ත, නිත්‍ය ඒකෙන් අපිට එනවා හරහට ඉදංසච්චාභිනිවෙසකායගන්ථය.
ඉතින් අද භාවනාවෙදි මෙනෙහි කළේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථය. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය නොවීමට හතර වෙනි විරිය. කිසිම ධ්‍යාන තලයක නොනවතින විරිය. Best එක නිර්වාණය. අවිද්‍යා යොග නොවීමට ආනෙඤ්ජ විහාරය. දස කුසලය පැවැත්වීමට සුදුසු භූමියට පැමිණියා. එය පවත්වා සිටින්නේ, පැවැතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය ඉවත් කර, නිර්වාණය හැර යමක් නොපවතින බව පෙන්වන සම්මා දිට්ඨියට පැමිණ ඇත. මෙයින් අවිද්‍යා යෝගය මඟ හැරේ. ඉවත් වෙනවා. මෙසේ සම්මා දිට්ඨිය වන්නේ, දුක බව දනී. දුක්ඛ සමුදය දනී. දුක්ඛ නිරෝධය දනී. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දනී.
එසේ නම් අසම්පජානකාරීත්වය සුඛ යැයි පැවසීම මඟ හැරෙනවා. ඉතින් මෙතෙන්දි අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණය සිහි කරන්න ඕනෑ. අසම්පජානයත්, අප්පටිවේධයත් අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණය වෙනවා. දැන් මේක පැහැදිලියි. අප්පටිවේධය විපල්ලාස මගින් සිද්ධ වුණා. අසම්පජානකාරීත්වය තණ්හාව නිසා දුක ඇති වෙන බව නොදැනීම මගින් ඇති වුණා.
මෙතෙන්දි දිට්ඨි යෝග අවස්ථාවට විරුද්ධ වන අරිය විහාර අවස්ථාවෙදි සාකච්ඡා කළ තණ්හා නිසා දුක ඇති වෙන බව වටහා ගැනීම භාවිතා කරන්න ඕනෑ. එසේ නොවන්නේ නම්, අවිද්‍යා ආශ්‍රව වෙනවා.
ඉතින් මෙතන අපි පෙන්නුවා නේ, දිට්ඨි යෝග අවස්ථාවට විරුද්ධ වන අරිය විහාරයේ දී සාකච්ඡා කළ තණ්හා කියලා කතාව නේ ද? ඒ කියන්නේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා දිබ්බ විහාර, ඒ අවස්ථාවෙදි දැක ගත්තා. ඒ දැක ගත්තා වුණත් බ්‍රහ්ම විහාරයේ දී දුක අවබෝධයෙන් පසුව වන තණ්හාව නිසා දුක වන බව වටහා ගැනීම, දැකීම, ප්‍රධාන වෙනවා. ඒ කියන්නේ දුක බව දැන, දුක්ඛ සමුදය වටහා ගැනීම කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.