Date: 24/11/2019 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාව මම පටන් ගත්තේ “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් අරගෙන, රූපයේ ඡන්දය, වේදනා ඡන්දය කියන එක සිහි කළා. මේ ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. ඊට පස්සේ “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.”

ඉතින් මේ අවස්ථාවේ දි, මේක පැල්මඩුල්ලේ දී කරපු භාවනාවක්. ඒ පැල්මඩුල්ලේ hotel එකේ bill එක වැරදියට දී ඇති බව කල්පනාවට පැමිණියා. ඒ bill එකේ කොටස්වල සඳහන් වන මුදලට වඩා වැඩි ගණනක් අවසාන මුදල වශයෙන් දක්වලා තියෙනවා. මෙතෙන්දි මේ මුදල ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් අඩු කළා මෙන් පේන්වා දවස් කුලිය වශයෙන් ගත්ත මුදල ම අරගෙන තියෙනවා කියන එක ආවා. එහෙම නම් මෙතන මේ ගණිතය තියෙනවා නේ. Mathematical stream එකක්. ඒ ගණිතයට අනුව, මේක ගැළපෙන්නේ නැහැයි කියන එක පේනවා. ගණිතයට අනුව, මෙසේ විය යුතු යැයි අපි හිතනවා. එනමුදු ලෝකයේ පවතින ධර්මතාවයෝ එසේ නොවෙයි.

අපි පාලකයෝ පත් කරන්නේ, ඔහු මෙසේ විය යුතු යැයි අපි සිතනවා. ඔහු එසේ නොහැසිරේ? මෙහි දී විඤ්ඤාණයේ වෙනසක් ඇත. පෙර මෙන් නොගලයි, යන හැඟීම ඇති වෙනවා. එනම් විඤ්ඤාණයේ ජරාව සිදු වෙලා තියෙනවා. විඤ්ඤාණ ධාරාවේ යම් වෙනසක්, දැනගැනීමක් වේ ද, මෙය දුක ය, යනුවෙන් අපි සබ්බාසව තුන් වෙනි slide එකේදි සාකච්ඡා කරලා තියෙනවා.

විඤ්ඤාණයේ ජරාව නිසා නාමරූප ඇති වී ඇත. එයින් ඇති වන ස්පර්ශය. මෙතෙන්දි මුදලේ ප්‍රශ්නයක් නැති වුවත්, ඒ කියන්නේ රූප කොටසේ ප්‍රශ්නයක් නැති බව පෙනුණත්, යම්කිසි න්‍යායක් norm එකක් අනුව යමක් සිදු විය යුතු බව හිතන්නා වූ අපිට නාමරූප ඇති වෙනවා. රූපයේ වෙනස නිසා විඤ්ඤාණ ධාරාවේ වෙනස විය. රූප කොටස කමක් නැති යැයි සිතුවා වුණත්, විඤ්ඤාණ ධාරාවේ වෙනස නිසා, නාමරූප ඇති වෙලා, ස්පර්ශය ඇති වෙනවා. අපි යම් ආකාරයකට යමක් සිදු විය යුතු යැයි සිතුවත්, එම ආකාරයට කිසිම ලෝකයේ ඒක සිද්ධ වෙන්නේ නෑ. එසේ නම් රූපයේ ජරාව නිසා හටගත් විඤ්ඤාණයේ ජරාව මගින්, වන්නා වූ ප්‍රතිඵලය විමසන්න ඕනෑ.

ව්‍යාපාද කාය ග්‍රන්ථය සිහි කරන්න ඕනෑ. මේක ඉවත් කිරීමට 2 වෙනි විරිය. ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට විරිය. අර tea cup එක දක්වා ම අපි මෙනෙහි කරන්න ඕනෑ. ඒක අපි 19/10/2019 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කරලා තියෙනවා. යම්කිසි න්‍යායක් අනුව සිදු විය යුතු යැයි, වරදවා වටහා ගැනීම නිසා ඇති වූ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඉවත් කිරීම සඳහා 4 වෙනි විරිය. නිවන හැර යමක් නොගනී.

ලෝකයේ නිත්‍ය වශයෙන් පවතින න්‍යායක් norm එකක් නැත. පවතී යැයි සිතීම පමණක් ඇත. විඤ්ඤාණ ධාරාවේ වෙනස් වීම නිසා, කාමරාග අනුසය ඇති වෙනවා. මේ මගින් ඇති වෙන ප්‍රතිඵලය ඒ tea cup එක ඇතුළට එනවා. එසේ සඤ්ඤා වීම සිහි කළ යුතුයි.

පටිඝානුසය දෙයාකාර ධර්මයන්ගෙන් හටගන්නවා. රූපයේ වෙනස නිසා ඇති වුණු පටිඝයට අමතරව, විඤ්ඤාණ ධාරාවේ වෙනස නිසා ඇති වූ, පටිඝය ඇත. මෙම දෙවෙනි පටිඝය දරුණු ය. රූපය ඉවසුවත් විඤ්ඤාණ ධාරාවේ වෙනස නිසා ඇති වූ පටිඝය නොඉවසයි. කුමක් නිසා ද? ඉදංසච්චගත වී ඇති නිසායි. මෙයින් ඇති වන්නා වූ අසම්පජානකාරීත්වය සුඛ යැයි පැවසීම ඉවත් කිරීම සඳහා 14/10/2019 නිබ්බාන භාවනාව මෙන් වඩන්න ඕනෑ.

ඉතින් ඕගොල්ලන්ට පේනවා, ඔතන ජරා වේදනා අසම්පජාන රේඛාව. ඒකට මනස යොමුවන්න ඕනෑ. සම්මා දිට්ඨියට පැමිණෙන්න ඕනෑ. ඉතින් බුදු පියාගේ වචනය සිහි වුණා. යම් සතුටක් ඇති වූයේ ද, මෙය ජරාවට ඇති කැමැත්ත නිසා ම පහළ වෙයි, රූප ජරා පමණක් නොව, වේදනා ජරා, සඤ්ඤා ජරා, විඤ්ඤාණ ජරා සිහි කරන්න ඕනෑ.

ඉතින් මෙතෙන්දි, අපිට එනවා diagram එකක්. ඒ කියන්නේ අපි දන්නවා, දිට්ඨි අනුසය පාරේ, අපි රූපයට සුඛයි කියලා පවසනවා. අපි කියමු ඕක A1 කියලා. ඊළඟට කාමරාග අනුසයෙන් අපිට එනවා සඤ්ඤාව සුඛයි කියලා. ඒක අපි කියමු A2 කියලා. ඊළඟට ජරා වේදනා අසම්පජාන රේඛාව අපිට පේනවා පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛයි කියලා පවසනවා. අපි ඒක ගම්මු A3 කියලා. ඊළඟට අපි විඤ්ඤාණයට දා ගම්මු B1 කියලා. චේතනාවට දා ගම්මු B2 කියලා.

එතකොට අපිට පේනවා මේ A1, A2 වෙලා තමයි A3 ඇති වන්නේ. රූපය සුඛයි කීවා. සඤ්ඤාව සුඛයි කීවා. ඊට පස්සේ අපි අසම්පජානකාරීත්වය සුඛයි කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. දැන් B1, අපි කිව්වේ, විඤ්ඤාණය. B1 නොවිය යුතු බව අපි දන්නවා. 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට, 3 ජාතිය ඉඳන් ජරාවට. මුළු සතර සතිපට්ඨානය ම නිරූපණය වෙන ධර්මය. ඉතින් ඒක මගින් පෙන්වා දෙනවා B1 නොවිය යුතු බව. ඒක එහෙම පෙන්වන්නේ, සංස්කාර පරිදේව වන්නේ, B2 නොවිය යුතු බව, ඒ කියන්නේ චේතනා නොවිය යුතු බව, අපිට වැටහෙනවා. එහෙම නම්, A3 වල තියෙන්නේ මොකක් ද? අසම්පජානකාරීත්වය තියෙන තැන දුක පමණක් බව දන්නේ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධගාමිනී පටිපදාව දන්නේ, ජරා වේදනා අසම්පජාන මුළු රේඛාව ම ගිලිහිලා යනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා.

ඉතින් මේ භාවනාව කළහම මේකේ ඕගොල්ලො ටිකක් කල්පනා කළ යුතු දෙයක් තමයි ඔය ජරා වේදනා අසම්පජාන රේඛාව ගැන කිව්ව අවස්ථාව, මෙතෙන්දි අපිට පේනවා මේ විඤ්ඤාණයේ ජරා නිසා වූ පටිඝය නිසා ඒක superimpose වීමක්, ඒක උඩ, අනිත් එක මත, තව එක පැවරීමක් ඔය රූප ජරා මතට වීමෙන් පසු, රූප විෂයයෙහි ම ගැටීම සිදු වන බවත්, කලහ විවාදවලට තුඩු දෙන බවත් වැටහෙනවා. ඒ කියන්නේ අපේ මේ රූපයේ ජරාව නිසා අපිට ජරා වේදනා අසම්පජාන රේඛාව. ඊළඟට ආපහු විඤ්ඤාණයේ ජරාව නිසාත්, මෙතන ජරා වේදනා අසම්පජාන රේඛාව. ඔය විඤ්ඤාණයේ ජරාව නිසා ඇති වෙන කොටස මගින් අර රූපයේ ජරාව මතට අරක එක්කහු කළහම ඕගොල්ලන්ට ඉක්මවන්න බැරි වෙනවා.

දැන් hotel එකේ bill එක නම්, bill එක නෙමේ ප්‍රශ්නය, එතන තියෙන න්‍යායක් නැතිකම නිසා ඇති වෙන එක බොහොම ගැටෙනවා. ඒක නේ ඔය මිනිස්සු රණ්ඩු වෙන්න යන්නේ. දේශපාලන ආදී වශයෙන්, නේ ද? ඒ වගේ ම අපිට පේනවා, මේ ලෝකයේ න්‍යායක් නෑ. එක ම න්‍යායයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය විතරයි. අන්න ඒක හොඳට වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.