Date: 26/11/2019 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම 22/11/2019 භාවනාව කළා. ඒ භාවනාව කිරීමෙන්, කබලිංකාර ආහාර පාර, තණ්හාව නිසා දුක්ඛය කියලා වැටහෙනවා. ඒ වගේ ම ඒ භාවනාවෙම ස්පර්ශ ආහාර පාර, වේදනා නිසා තණ්හාව බව වැටහෙනවා. කෙසේ ද? වේදනානුපස්සනාව එහි ඇත. 23/11/2019 නිබ්බාන භාවනාව කිරීමෙන්, මනොසඤ්‌චෙතනා ආහාර පාර, ස්පර්ශය නිසා වේදනාව බව වැටහෙනවා.

මේක වටහා ගැනීම සඳහා, 09/08/2015 “පස්ස පච්චයා වේදනා,” කියන භාවනාව බලන්න ඕනෑ. ඒකේ තියෙන diagram එකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා.

MM_Ageingofmental_states_09_08_2015.jpg

ඕගොල්ලෝ දන්නවා, අපි පල්ලෙහායින් ලකුණු කරගන්නවා 5.3 සඤ්ඤා ජරා, එතකොට දෝමනස්සය ළඟට එනවා 5.4 සුඛ වේදනාවේ මරණය. ඊළඟට එනවා අප්‍රියේහි සම්පයොගය 4.6, ඊට පස්සේ, ඒ රේඛාව දික් කළහම මනොසඤ්‌චෙතනාවට එනවා.

එතකොට ඉතින් ඒ මනොසඤ්‌චෙතනාවට වම් පැත්තෙන්, අපිට එනවා සඤ්ඤාවේ මරණය, ඒ සුඛ සඤ්ඤාව මැරිලා ඒකෙන් 5.3 කියලා ආපහු චේතනාව දක්වා එන්නා වූ එක. එතකොට ඉතින් මේ පැත්තේ තියෙනවා වේදනාව, 4.3 ඒ වේදනාවේ ජරාව. එතකොට දැන් මේ 5.3 ඒ සඤ්ඤා ජරා, 5.4 සුඛ වේදනාවේ මරණය, එතැනින් 4.6 අප්‍රියේහි සම්පයොගය, යන රේඛාව දික් කිරීමෙන්, චේතනාව දක්වා යන බව අපි ඒකෙ සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ අර්ථය, එම රේඛාව මගින් චේතනා වන බව පෙන්වීමයි. එනම් චෛතසිකවල ජරාව නිසා, චේතනා වී ස්පර්ශය ඇති වෙනවා. අපිට පේනවා වේදනා, සඤ්ඤා වගේ දේවල් ජරා, චෛතසික ජරා නිසායි මේ චේතනා වෙලා ස්පර්ශය ඇති වෙන්නේ.

එතකොට 24/11/2019 නිබ්බාන භාවනාව කිරීමෙන්, විඤ්ඤාණ ආහාර පාර නාමරූප නිසා ස්පර්ශය බව වැටහෙනවා. එතකොට එකේ ඕගොල්ලන්ට මතකයි, අර diagram එකක් අපි බැලුවා, ඒ දිට්ඨි අනුසයෙන් රූපය සුඛයි කියලා පවසනවා. අර A1 කියලා ලකුණු කර ගත්තේ. කාමරාග අනුසයෙන් සඤ්ඤාව සුඛයි කියලා පවසනවා. ඒක අපි A2 කියලා ලකුණු කරගත්තා. ජරා වේදනා අසම්පජාන රේඛාව පටිඝානුසය මගින් අර අසම්පජානකාරීත්වය සුඛයි කියලා පවසනවා. ඒක A3 කියලා ලකුණු කරගත්තා.

දැන් අපිට පේනවා A1, A2 වලින් තමයි, A3 ඇති වුණේ. ඊළඟට අපිට ආපහු පේනවා, විඤ්ඤාණයට B1 කියලා දාගත්තොත්, B2 කියලා චේතනාව කියලා ගත්තොත් අපිට පේනවා B1 නොවිය යුතු බව අර 1, 2, 3 සතිය.

එතකොට ඒ කියන්නේ, අපි දන්නවා, අර තුන් වෙනි එකට අපි දන්නවා ජාතියේ ඉඳන් ජරාවට. එක, කබලිංකාර ආහාරය. දෙක අත්තා ඉඳන් නිත්‍යට. ඒකෙන් පෙන්වන්නේ, සංස්කාර පරිදේව වන්නේ, B2 ඒ කියන්නේ, චේතනා නොවිය යුතුයි. එසේ නම්, A3 වල, අසම්පජානකාරීත්වය තියෙන තැන දුක පමණක් ඇති බව දන්නේ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධගාමිනී පටිපදාව දන්නේ, දක්නේ, ජරා වේදනා අසම්පජාන මුළු රේඛාව ම ගිලිහිලා යනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

මේකෙ ඔය අපි පෙන්නුවා නේ “ඵස්ස පච්චයා වේදනා” කියන තැන. එතැන හොඳට තමන්ට භාවනා කරමින් බොහෝ කාලයක් ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් අපේ චේතනාවන්, කියන්නේ වේදනාවන් වෙනස් වීම නිසා තමයි, අපි මේ විදිහට චේතනා කරගෙන අපි යන්නේ ස්පර්ශය කරා.