Date: 27/11/2019 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවෙදි, කබලිංකාර ආහාර පාර, තණ්හාව නිසා දුක්ඛය බව ද, ස්පර්ශ ආහාර පාර, වේදනා නිසා තණ්හාව බවත් සාකච්ඡා කළා.

එතකොට අභිජ්ඣා කාය ග්‍රන්ථය නොවීමට, කාම යෝග නොවිය යුතුයි. එතකොට අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට පළවෙනි විරිය. කාම විතක්ක එපා. ව්‍යාපාද විතක්ක එපා. විහිංසා විතක්ක එපා. දිබ්බ විහාරයේ දී වටහා ධර්මතාවය භාවිතා කරන්න ඕනෑ. තණ්හාව නිසා දුක්ඛය. එසේ නම් තණ්හා නොවීමට කාම විතක්ක එපා. කාම විතක්ක ඇති වෙන්නේ කාම සඤ්ඤා මගින්.

ඉතින් මේ වෙලාවේ තමන් බලන්න ඕනෑ, මේ කාම විතක්කය අපි දන්නවා, මනාපික අරමුණ, සුඛ වේදනීය ස්පර්ශය, සුඛ වේදනාව. ඉතින් ඊට පස්සේ සොමනස්ස පවිචාරය, තමන්ගේ රාගය ඇති වෙනවා, ඒ රාගය ඇති වෙලා කාම විතක්කය.

එතකොට කාම විතක්කයේදි අපි බලනවා, අර දැන් අර පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා නම්, දැන් ඔතන අපි පෙන්නුවේ, තමන්ටත් ඒ ක්‍රියාවලිය කරන්නට කැමති වෙලා වාගේ කියලා. ඉතින් මේ වෙලාවෙදි තමන් හිතන්න ඕනෑ, මෙතන තියෙන්නේ මළ මුත්‍රා. ඒ දෙන්නම අසූචි ගොඩවල්. එතකොට අර විතක්කය එන්න ඕනෑ තමන්ට, මේවා ඇවිල්ලා අර ප්‍රථමධ්‍යානය තියෙන්නේ, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. එතන ඉන්න ඕනෑ, මළ මුත්‍රා දෙතිස් කුණුපය කියන එක. එතන හොඳට ඉන්න පුළුවන් තමන්ට ඒ විදිහට.

එතකොට ඒකෙ ඉඳලා, තමන් ඒ පාර එනවා, ව්‍යාපාද කාය ග්‍රන්ථ නොවීමට දෙවෙනි විරිය. ලෝභ, දෝෂ, මෝහ ඉවත් කිරීම. ලෝභය ඇති වීම රාගජ පරිදාහය. මනාපික අරමුණ, සුඛ වේදනීය ස්පර්ශය, සුඛ වේදනාව. මේ belt එක කැරකීම මගින් ඇති වන ප්‍රතිඵලය විපරිණාම දුක්ඛතාවය කියලා අපිට වැටහෙනවා. කෙසේ ද? උප්පාදසංඛතලක්ඛණය විපරිණාම දුක්ඛතා.

Area 1 වලින් area 6. මෝහජ පරිදාහය. මනාපත් නැති, නොමනාපත් නැති අරමුණ. අදුක්ඛම සුඛ වේදනීය ස්පර්ශය. අදුක්ඛම සුඛ වේදනාව. මේ belt එක කැරකීම මගින් ඇති වන ප්‍රතිඵලය සංස්කාර දුක්ඛතාවය බව වැටහුණා. කෙසේ ද? වය සංඛත ලක්ඛණය සංස්කාර දුක්ඛතා.

Area 6 වල කාමරාග අනුසය. මේකේ බලපෑම අර වඳුරා අඹ ගෙඩිය හොරා ගන්න කතාව. ද්වේෂජ පරිදාහය. අමනාපික අරමුණ, දුක්ඛ වේදනීය වූ ස්පර්ශය, දුක්ඛ වේදනාව. මේ belt එක කැරකීම මගින් ඇති වන ප්‍රතිඵලය දුක්ඛ දුක්ඛතාවය කියලා වැටහුණා. කෙසේ ද? ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණං දුක්ඛ දුක්ඛතා. ඉතින් මෙම දුක්ඛතා තුන මගින් ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඒ දුක්ඛ දොළහ ම නිරූපණය වෙනවා.

මේකේ විපරිණාම දුක්ඛතාවයට ඇතුළත් වන කොටස් මොනවා ද? විපරිණාම දුක්ඛතාවයට ජාති, ජරා, ව්‍යාධි, මරණ බව වැටහුණා. ජාති උණොත් ජරාව, විපරිණාමය. ජරා උණොත් ව්‍යාධිය, විපරිණාමය.

දුක්ඛ දුක්ඛතාවයට, දුක්ඛ, දොමනස්ස, සෝක, පරිදේව යැයි කියලා වැටහුණා. ඉතින් අපි දන්නවා සතර ආහාර දුක්ඛය අපි බලනවා. අපි දුකෙන් පටන් ගන්නවා, අවසන් වන්නේ දෝමනස්සයෙන්, දුක්ඛ දුක්ඛතා. ඊළඟට, දෝමනස්ස සහගත වූ සඤ්ඤාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ සෝක කරන ස්වභාවය. එතකොට එහෙම නම්, දෝමනස්සයෙන් පටන් අරගෙන සෝකයට යනවා. එතකොට මේ ආකාරයට ඕගොල්ලන්ට බලන්න පුළුවන්.

එතකොට ඊළඟට, සංස්කාර දුක්ඛතාවයට උපායාස, පියෙහි විප්පයොග, අප්පියෙහි සම්පයොග, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියලා වැටහුණා. එතකොට, රහතන් වහන්සේ “Excellent” කියලා පැවසුවා.

දැන් මේකේ හරහටත් බලන්න පුළුවන්. ජාති දුක්ඛ පියෙහි විප්පයොගය. ජාතිය විපරිණාම දුක්ඛතාවය. දුක්ඛය දුක්ඛ දුක්ඛතාවය. පියෙහි විප්පයොගය සංස්කාර දුක්ඛතාවය.

ඉතින් මේකෙන් අනතුරුව මම repair භාවනාව කරන්නේ, පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පැවසීම, මේ දැන් සාකච්ඡා කළ ධර්මයත් එක්ක සම්බන්ධ කරලා බැලුවා. සංස්කාර පරිදේව වී ඇත. Diabetic හැදිලා තියෙනවා. මෙම සංස්කාර දුක්ඛතාවය මගින් උපායාසයන් ඇති වෙනවා. Blood test කරන්න ඕනෑ. ආහාරයෙන් පරිස්සම් වෙන්න ඕනෑ, කියන දැඩි වෙහෙස තියෙනවා. Diabetic වැනි රෝග ප්‍රිය නොවූ අපි ප්‍රිය දෙයින් වෙන් වී ඇත. එම රෝගය ම අප්‍රිය දෙයෙහි සම්පයොගය. ව්‍යාධියට පත් වෙන පුද්ගලයා, ව්‍යාධියට පත් නොවෙනවා යැයි සිතුවත් ව්‍යාධියට පත් වන්නේ ය යනුවෙන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ යන කොටස් සංස්කාර දුක්ඛතාවයේ කොටස් ලෙස මෙනෙහි කළා. මෙසේ නම් සංස්කාර දුක්ඛතාවය මගින්, සඤ්ඤාව සුඛ යැයි පැවසීම, දුක්ඛ දුක්ඛතාවය මගින්, රූපය සුඛ යැයි පැවසීම ද ඒක ඉවත් කරලා, ඒ කියන්නේ අපි දන්නවා, ඔය සෝකය මගින් රූපය සුඛයි කියලා පවසනවා නේ, lightning sign භාවනාවේ නේ ද? ඒ දෙක ඉවත ලා විපරිණාම දුක්ඛතාවය ඉවත් කිරීම පිණිස කටයුතු කළ යුතුයි. ජාතිය නොවිය යුතුයි. ජාති වූවොත් විපරිණාමය.

ඒක තමයි මං කරපු භාවනාව.