ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. ඒකේ රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මේ ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඒකෙන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වූයේ, ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වුණා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නා නා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා සිටිනවා. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි ස්ථිර කරනවා. මේක වැඩියෙන් සිහි කළා.
ඒකෙන් අනතුරුව, 14/10/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ ගාථා දෙකක් තියෙනවා. “මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ධම්ම පද 210 වෙනි ගාථාව. ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසි කලෙක්හි සමාගමය නොකරන්නේ ය. කුමක් නිසා ද යත්, ප්‍රිය වූ සත්ව සංස්කාරයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය. තමන්ගේ අත්දැකීම් සිහි කරලා බැලුවා. අප්‍රිය වූ සත්වයන්ගේ දැකීම නිසා ඇති වූ වේදනා, ප්‍රිය වූ සත්ව සංස්කාර නොදැකීම, නොලැබීම නිසා දුක මෙනෙහි කළා. අපි නිතර ම නාමරූප ධර්මයන් අල්ලාගෙන ඉන්නවා. යමෙක් දුව යැයි අල්ලාගෙන ඉන්නවා. යමෙක් කළ යුතු වැඩ, තව අයකු මිල දී ගත යුතු උපකරණ, computer ආදී වශයෙන් අල්ලාගෙන භාවනාවේ යෙදෙනවා. ඇයි අපි අල්ලාගෙන ඉන්නේ? තණ්හාව නිසායි. ඇති වෙන්නේ දුක නම්, ඇයි අපි දුක්ඛ සමුදය අල්ලාගෙන සිටින්නේ? අපි නිතර ම ඔන්න ඔතන තමයි ඉන්නේ.
“තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද 211 වෙනි ගාථාව. එහෙයින් ප්‍රිය නොකරවු. ඒ එසේ ම ය. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ හෝ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ආදී ග්‍රන්ථයෝ නැත්තා හ.
එතකොට අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට පළවෙනි විරිය. කාම යෝග නොවීමට දිබ්බ විහාරය. කාම උපාදාන නොවීමට ප්‍රථමධ්‍යානය. විපල්ලාස නොවීමට කායානුපස්සනාව. එය මගින් ම දෙතිස් කුණුපය සිහි වන්නේ අසුභ වශයෙන් දකිනවා.
එතකොට අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට පළවෙනි විරිය. කාම විතක්ක එපා. මිල දී ගත යුතු භාණ්ඩ ගැන සිතීම, රූප අළලා area 1 වල belt එක කැරකීම. දරුවෙක් ගැන සිතුවත් එහෙම ම යි.
කාම යෝග නොවීමට දිබ්බ විහාරය. රූපයේ සතුට සොයලා, ප්‍රකාශ කරලා, අල්ලාගෙන ඉන්නවා. අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. සතර ආහාර දුක්ඛයේ පළවෙනි පාර තණ්හා නිසා දුක බව අපි සාකච්ඡා කළා. ඇයි එහෙම කියන්නේ? area 1 වල belt එක රූප සහිතයි. ඒ කැරකීම මගින් area 6 ඇති වෙනවා. Area 1 වලින් තණ්හා පපඤ්චය, area 6 වලින් දිට්ඨි පපඤ්චය.
එතකොට අපි දන්නවා, ඔය චූල සීහනාද සූත්‍රයේ diagram වල දී අපි බලලා තියෙනවා මේ ජරා වේදනා අසම්පජාන කියන රේඛාව ඒක clockwise කරකැවීමෙන් ඕගොල්ලන්ට ඇති වෙනවා, ජාති වේදනා චේතනා කියන ඒ රේඛාව. එතන නාමරූප කියන තැන අපි ලකුණු කර තියෙනවා, සුභයි කියන එක. අභ්‍යන්තරයේ ඇති සුභය කියන එක දරුණුයි කියලා. Very strong කියලා අපි ලකුණු කර තියෙනවා.
එහෙම නම් අපිට පේනවා, මෙසේ අපි ස්පර්ශය නිසා හටගත් ධර්මයන් අල්ලාගෙන සිටිනවා. අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම area 6 වලින් සිදු වෙන නිසායි. අන්න ඒකයි අපි නිතර ම ඔය නාමරූප point එකේ, ඒ ස්පර්ශ කර කර තමන්ට අකැමැති දෙයක් හරි, කැමති දෙයක් හරි, ඒක අල්ලාගෙන අපි එතන ඉන්නවා කියන එක, එතන තියෙනවා.
ඉදංසච්චාභිනිවෙසකායගන්ථ නොවීමට 4 වෙනි විරිය. කිසිම ධ්‍යාන තලයක නොනවතින විරිය. Best එක නිර්වාණය. ඉතින් අපි දන්නවා ඔතන තමන්ගේ මගඵල චිත්තයන් ඔතන නංවන්නට ඕනෑ. එතකොට ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ, 5 වෙනි slide එකට සිත යොමු වුණා. මෝහය මගින් ඇදීම. මෝහජ පරිලාහය විමසා බලන්න ඕනෑ. ඇති වන්නේ දුක. සංස්කාර දුක්ඛතා බව නොදැන කරකවනවා. නිත්‍යයි කියලා ගන්නවා. මේ භවයේ මෝහය ඊළඟ භවයේ අවිද්‍යාව. මෙසේ නිත්‍යභාවය අවිද්‍යාවට කා වදිනවා. දැන් සුභයට නිත්‍ය එකතු කළා ම සුඛයි. එසේ නම් සුභ යැයි පරාමාසකායගන්ථයේ ඉඳන්, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදෙනවා.
ඕගොල්ලෝ දන්නවා කාමයේ වරදවා හැසිරීම කාම සඤ්ඤා කියලා එහෙම අදිනවා කිව්වේ. මේක මනා කොට අවබෝධ කරගන්නවා නම්, පළවෙනි පාරේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන ධර්මය හොඳින් වැටහෙනවා. පළවෙනි පාරෙන් තණ්හාව වැටහෙන අතර, හතර වෙනි පාරෙන් දුක යැයි කියලා වැටහෙනවා. කෙසේ ද? සංස්කාර දුක්ඛතාවය මගින් සියලු සංස්කාරයන් මගින් ඇති වන්නේ දුක බව වටහා ගන්නවා. මෙසේ වටහා ගන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්