ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. ඒ ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදේ. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඒකෙන් අනතුරුව, “තිට්ඨං නරො,” රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ සිටී.
ඉතින් මේකෙන් පස්සේ, 25/12/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඒකේ අර area 1 කියන එක තියෙනවා. Area 1 වලින් තණ්හා පපඤ්චය. ඊට පස්සේ, area 6 වලින් දිට්ඨි පපඤ්චය. එතකොට මේ කාම උපාදාන වෙන්නේ, area 1 වල belt එක කැරකෙනවා. ඉතින් එහෙම කැරකුණාම, අපි ඒ භාවනාවෙදි බැලුවා, ඒ ජරා වේදනා අසම්පජාන රේඛාව ඒක කැරකිලා, අපිට ඇති වෙනවා, ජාති වේදනා චේතනා. එතන අර නාමරූප කියන තැන, අපි දන්නවා, අභ්‍යන්තරයේ සුභ කියන එක බොහොම දරුණුයි කියලා. ඒක චූල සීහනාද සූත්‍රයේ diagram එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ විදිහට අපි මේ ස්පර්ශය නිසා හටගත් ධර්මයන් අල්ලාගෙන ඉන්නවා, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම, area 6 වලින් සිදු වෙන නිසා. මේ විදිහට අපි සාකච්ඡා කළා.
එතකොට, area 6 වීමට පෙර, අත්තවාද උපාදාන වෙන්න ඕනේ. අත්තවාද උපාදානයට ජාති වේදනා චේතනා රේඛාවට වම් පසින් එන සියලු ධර්මයන් අඩංගු වෙනවා කියලා, අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ, රූප, චේතනා, ජාති දක්වා තියෙන මුළු area එක ම. දැන් එම කොටස සම්පූර්ණයෙන් අත් විදින ස්වභාවයට පැමිණ ඇති අතර, කාම උපාදානය මෙහි ගැබ් ගෙන තියෙනවා. Area 1 එක තියෙන්නේ මේක ඇතුළේ. එතකොට, කාම උපාදානය වෙනවා නම්, රූප වේදනා ගිද්ධිලෝභ belt එක කැරකෙවෙන්නේ, නාමරූපයන් සෑදෙන්නේ. යම් අභ්‍යන්තර සුභ සඤ්ඤාවක් වේ ද, මෙය ක්‍රියාත්මක වන්නේ, පෙරටත් වඩා ගරු ගාම්භීර ලෙස අත්තවාද උපාදානය මගින් නියම කරන ලද රූපය, ඉතා ම පහසුවෙන් දිට්ඨි උපාදානය පිළිගනු ලබයි. උදාහරණ වශයෙන්, තමාගේ යම් නැති වුණා වූ භාණ්ඩයක් නැති වී තිබී, යම් අයකුට එය හමු වන්නේ, එය සැකයකින් තොරව නැවතත් බාර ගනී ද, මෙය එසේ ය.
එහෙම නම් අපිට පේනවා, මේ ජරා වේදනා අසම්පජාන රේඛාව, ඉතින් වේදනා අසම්පජානය අතර කාම සඤ්ඤාව තියෙනවා. මේක clockwise කැරකෙනවා. එතකොට ජරා වේදනා අසම්පජාන රේඛාව, තණ්හා පපඤ්චය මගින් කරකැවිලා, දිට්ඨි උපාදානය, අත්තවාද උපාදානය මගින් නියම කරන ලද ධර්මයන්, පිළිගනු ලබන්නේ, සඤ්ඤාව සනාථ කිරීම කියන එක සිදු වෙනවා. ඉතින් මේක වටහා ගැනීම සඳහා, අපි භාවනා වැලක් කරලා තියෙනවා. 26/08/2017 පටන් අරගෙන 30/08/2017 දක්වා නිබ්බාන භාවනා. අන්න ඒවා බලන්න ඕනෑ.
ඒක කෙටියෙන් කියනවා නම්, ඒකේ ගාථාවක් තියෙනවා. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච,” කියලා.
ඒකෙ කාම සඤ්ඤාදි සඤ්ඤාව නොහොත් සඤ්ඤානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් දැන චතුරොඝය තරණය කරන්නේ ය. එහෙයින් තෘෂ්ණා දෘෂ්ටි පරිග්ගහයන්හි නොඇලුණු ඒ ක්ෂීණාස්‍රව මුනි තෙමේ උපුටා හළ රාගාදී සල්ල ඇතියේ අප්‍රමත්තව හැසිරෙන්නේ මෙලොවත් පරලොවත් නොපතන්නේ ය කියලයි, ඒ ගාථාවෙ පෙන්වන්නෙ.
ඉතින් මේකේ සඤ්ඤාව සඳහා සීල සූත්‍රය මෙන්, සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤාව, සබ්බ සඞ්‌ඛාරෙ අනිච්ච සඤ්ඤා මෙන් අපි බලලා තියෙනවා.
ඊළඟට පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො, පරිග්ගහය මෙය තේරුම් ගන්නවා. මෙය සුභ ලෙස ගෙන නේ ද මේක සිදු වෙන්නේ? මේකේ රෝගී සඤ්ඤාවක් මගේ කියලා අරගෙන. එතකොට ඕක අපි සාකච්ඡා කරලා තියෙනවා කලහ විවාද සූත්‍ර 2 diagram එකත් එක්ක, ඒ සඤ්ඤාව කියන තැන ලකුණු කරගන්නවා, සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං කියලා. එතකොට,
ඊට පස්සේ අර කාමරාග අනුසය තියෙන රේඛාව තියෙනවා නේ, එතකොට ඒකේ සංස්කාර කියන තැනට එනවා, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. ඉතින් ඒ කියන්නේ සංස්කාර මගින්, තමාට නොගැරහීම කියන එක. අර පෙර පාණාතිපාත, අදත්තාදාන එහෙම කරලා, ඒකෙන් ඇති වෙන, බලපෑම තියෙනවා. අර වඳුරාගේ කතාව එහෙම අපි කියලා තියෙනවා නේ.
ඊළඟට, පරාමාසකායගන්ථයේ ඉඳන් භය අගතිය දක්වා එතන අත්තා කියන තැන ලකුණු කරගන්නවා, අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ කියන එක දිට්ඨි සල්ලය ඉවත් කිරීම කියන එක. එතකොට උඩ විඤ්ඤාණය තියෙන තැනින් උඩින් ලකුණු වෙනවා, නාසීසතී ලොකමිමං පරඤ්‌ච කියලා.
ඉතින් දැන් ඔය අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ කීවා ම, සල්ල වශයෙන් පළමුවෙන් ම දිට්ඨි සල්ලය විමසන්නේ, ඉහත කාරණා දෙක මගින්, යම් දහමක් නොපැතුවා ද, එම ධර්මයෝ අල්ලා සිටීම වැළකෙනවා. අබ්බූළ්හ කීවා ම ඉවත් කරනවා, pulled out කියන එකයි. තව ද මේ සඳහා ප්‍රමාද නොවෙයි, අප්පමත්ත. දුක වශයෙන් සඤ්ඤාව දුටුවා ද, පෙර එම සඤ්ඤාව මගේ යැයි ගත්තා ද, මෙම ධර්මයෝ මගේ යැයි ගැනීම වැළකීමට පමා නොවෙයි. මෙසේ අත්තා සිට නිත්‍යභාවයට නොයන්නේ, එමගින් වන ප්‍රඥාව මගින් අනුග්‍රහ කර සියලු සඤ්ඤා ඉවතලීම කියන එක කරනවා.
නාසීසතී ලොකමිමං පරඤ්‌ච කිව්වහම, මිය ගියා වූ විඤ්ඤාණය, මගින් නේ ද මේ පරලොව ගැන, ඊළඟ මොහොත ගැන හිතන්නේ. විඤ්ඤාණය මිය ගියා නම්, පැවතීමක් නැත. නොපවතින දෙයක් ගැන, නැවතත් සිතීම මුනිවරයාට, ගෝචර නොවෙයි කියන එක.
ඉතින් ඒක තමයි භාවනාව. මේ භාවනාවේ තවත් පොඩි දෙයක් කියන්න පුළුවන්, දැන් ඔය area 1 වල, කාම උපාදානය. ඒක අත්තවාද උපාදාන area එක තුළ අඩංගුයි. මොකද අත්තවාද උපාදාන area එකට අපි දන්නවා රූප, ජාති, චේතනා. එතකොට කාම උපාදානය area 1 එක මේක ඇතුළේ තියෙන්නේ. එතකොට එහෙම නම්, අත්තවාද උපාදාන තුළ කාම උපාදානය තියෙනවා. එනමුදු අනාගාමී පුද්ගලයා අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නේ, ඔහු තුළ රූප රස නැත. ඒ කියන්නේ “රස රසා” කියලා තියෙනවා පාලි භාෂාවෙන්. ඔහුට වේදනා රස ඇත. රස රස, ඒ කියන්නේ taste buds වලින් දැන ගැනීමට, area 1 වල belt එක කැරකීම නැති නමුදු, පෙර සංස්කාරවලින් දැනගත් වේදනා, වේදනා රස කියලා ගන්න කෝ, නිසා කැරකීම ඇත. මෙය කාමරාග අනුසය මගින් දැක්වීමක් නොකරයි. සඤ්ඤාව මගින් වේදනාව අගය ඉස්සීම ඇත. එම සඤ්ඤාව අවිද්‍යා අනුසය මගින් ඔසවන ලද්දක් කියන එක තමන්ට පේනවා.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්