Date: 01/01/2020 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම ඒ අන්තිමට කරපු භාවනාව, 30/12/2019 භාවනාව, ඒක නැවතත් කරගෙන ගියා. එතකොට ඒකේ තියෙනවා. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.” කියලා, අපි ඒ ගාථාව බැලුවා අවසානයට. එතකොට ඒකේ අපි බැලුවා, කලහ විවාද සූත්‍ර නිද්දේසයේ අපි 2 වෙනි diagram එකේ slide 5 එක්ක. ඒකේ අපි සඤ්ඤාව කියන එක තියෙන තැන ලකුණු කරගන්නවා, සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං කියලා.

ඊළඟට අර කාමරාග අනුසය තියෙන තැන අපි ලකුණු කරගන්නවා, එතැන පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො කියලා. එතන සංස්කාර තියන තැන. එතකොට සංස්කාර මගින්, ඒ තමාට නොගැරහීම කියන එක තියෙනවා.

ඊළඟට, අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ කියන එක, අර පරාමාසකායගන්ථයේ ඉඳන් පහළට භය අගතිය එතන අර අත්තා කියලා ලකුණු කරන තැන ලකුණු කරගන්නවා. එතකොට ඊට පස්සේ, විඤ්ඤාණය තියෙන තැන, නාසීසතී ලොකමිමං පරඤ්‌ච කියන එක.

එතකොට, සඤ්ඤං පරිඤ්ඤා මෙහි දී අපි සඤ්ඤාව දුක වශයෙන් මෙනෙහි කරන්න ඕනෑ. ඉතින් මේ අවස්ථාවෙදි, මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක්ඛ දොළහ ම, අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම කියන එක කළා. ඉතින් ඕක හරියට කළා නම් අප්පණිහිත චෙතො විමුක්තිය ඇති වෙනවා.

ඊළඟට, දෙවෙනියට පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො කියන එක, මෙතන දී සංස්කාර ඉවත් කරන්න ඕනෑ කියන එක මෙනෙහි කළා. පෙර පාණාතිපාත, අදත්තාදාන කළ බැවින්, වඳුරා අඹ ගෙඩිය සොරකම් කළ අවස්ථාවෙදි සතුටු වූවාක් මෙන්, කාමරාග අනුසය හරහා සඤ්ඤා සුඛ වීම නැවතිය යුතුයි. මෙය “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා” යන අවබෝධය සහිතව මෙනෙහි කළා.

ඊළඟට, අබ්‌බූළ්‌හසල්‌ලො දිට්ඨි සල්ලය මගින් සඤ්ඤාව අල්ලාගෙන සිටීම ඉවත් කළ යුතුයි. නැති නම් අපි අත්තා ඉඳන් නිත්‍ය වීම වැළැක්විය නොහැක.

මේ අවස්ථාවේ දී, ගිරිමානන්ද සූත්‍රයේ දස සඤ්ඤාව, අනුපිළිවෙළින් මෙනෙහි කළා. විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා වැඩියෙන් මෙනෙහි කළා. අවසානයට ආනාපාන සතිය.

ඒකේ අවසාන කොටස මැනවින් මෙනෙහි කළා. “අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්‌සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති.”

ගිරිමානන්ද සූත්‍රය, අංගුත්තර නිකාය 6 වෙනි කාණ්ඩය පිටුව 195.

ඉතින් ඕක අපි 23/06/2018 නිබ්බාන භාවනාවෙදි බලලා තියෙනවා. අනිත්‍යයි වටහා ගන්නේ දිට්ඨි ආශ්‍රව නොවේ. එසේ නම් දිට්ඨි ඕඝ ගැලවෙන්නේ 13/06/2018 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කළ දිට්ඨි ඕඝ සඤ්ඤාවේ අධිට්ඨානය, කියන එක ගැල වෙනවා.

ඊළඟට, විරාගානුපස්සී. සඤ්ඤාවේ අභිනිවේසය ගැල වෙනවා. ඒක අභිජ්ඣා නොවේ කියලා අපි පෙර සාකච්ඡා කළා. ඒ කියන්නේ දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. මෙසේ අභිජ්ඣා වෙනවා. මෙම චිත්ත සංස්කාරයට ඇලීම අභිජ්ඣාවට ඇලීම, සඤ්ඤාවේ අභිනිවේසය වෙනවා.

ඉතින් මේ වෙනකොට මනස ඉතා ම ප්‍රභාස්වරයි. ඊළඟට, නිරොධානුපස්‌සී. සඤ්ඤා නිරෝධ වන්නේ නම් නිරෝධය සිදු වෙනවා. ඒක සිදු වන්නේ ස්පර්ශ නොවන්නේ නම් පමණි. මේක සිදු වන්නේ එක ම තලයක්වත් අල්ලා ගන්නේ නැති නම් පමණයි. ඒක එනවා, අර ගාථාවක් තියෙනවා.

“න සඤ්ඤසඤ්ඤී, න විසඤ්ඤ සඤ්ඤී. නොපි අසඤ්ඤී, න විභූතසඤ්ඤී. එවං සමෙතස්ස, විභොති රූපං. සඤ්ඤානිදානා හි, පපඤ්‌චසඞ්‌ඛා.” කලහවිවාද සූත්‍රය. සුත්තනිපාත 878 ගාථාව පිටුව 276.

ඉතින් ඔතන පෙන්නනවා, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වීම, නිරෝධය කියන එක නෙමේ. ඒ ගාථාව අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට “සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා.” මේ කිසිවක් අල්ලා නොගත යුතුයි. ඒ කියන්නේ, ඔය ජරා වේදනා අසම්පජාන රේඛාවේ, අපි දන්නවා, වම් පැත්තෙන් අභිජ්ඣාව, දකුණු පැත්තෙන් අවිද්‍යාව. එතකොට මේ රේඛාව මේ කාරණා දෙක නිසා කැරකැවීම නොකරනවා. අභිජ්ඣා, අවිද්‍යාව කියන දෙකෙන් ම කැරකෙන්නේ නෑ. එතකොට, දිට්ඨි පපඤ්චයො නොවිය යුතුයි.

පටිනිස්සග්ගානුපස්සී, මෙතෙන්දි විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය විදිහට සිතන්න ඕනෑ. මේ කාරණා ඉහත තුන් ධර්මය මගින් යමක් නවතන ලද්දේ ද, ඒකේ නැවතීම පවත්වනවා.

එතකොට අපිට පේනවා, මේ භය අගතියයි වේදනාවයි අතර තමයි ඔය විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග. ඒ වේදනාව සහ භය අගතිය අතර සම්බන්ධතාවය කියන එක අපි බිඳ දමනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_KalahaVivivadhaSutta_Diagrams2/s_KalahaVivivadhaSutta_Diagrams2-05.jpg