ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම 01/01/2020 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඒකේ ගාථාවක් තියෙනවා, “සඤ්ඤං පරිඤ්ඤා, විතරෙය්‍ය ඔඝං. පරිග්ගහෙසු මුනි, නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො, චරමප්පමත්තෝ. නාසීසතී, ලොකමිමං පරඤ්‌ච” කියන ගාථාව.
එතකොට අපි ඒ ගාථාව කළින් සාකච්ඡා කළා, පළවෙනිදා භාවනාවෙදි. ඒකේ පෙන්නනවා, දැන් සඤ්ඤං පරිඤ්ඤා මේකේ තියෙනවා, ඥාත පරිඤ්ඤා. ඒ ඥාත පරිඤ්ඤාව, මේ කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, විහිංසා සඤ්ඤා, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සඤ්ඤා. මේවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සඤ්ඤා කියලා දැනගන්නවා. ඒක තමයි ඥාත පරිඤ්ඤා.
එතකොට ඔය සනිදාන සූත්‍රයේ පෙන්නනවා, “මහණෙනි, කාම විතක්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. ව්‍යාපාද විතක්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. විහිංසා විතක්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. මහණෙනි, කෙසේ නම්, කාම විතක්කය ප්‍රත්‍ය සහිතව උපදී ද? ප්‍රත්‍ය රහිතව නූපදී ද? ව්‍යාපාද විතක්කය ප්‍රත්‍ය සහිතව උපදී ද? ප්‍රත්‍ය රහිතව නූපදී ද? විහිංසා විතක්කය ප්‍රත්‍ය සහිතව උපදී ද? ප්‍රත්‍ය රහිතව නූපදී ද?” මෙතෙන්දි අපි අද බලන්නේ, මේ කාම සඤ්ඤාව කියන එක.
“මහණෙනි, කාම ධාතුව නිසා කාම සඤ්ඤාව උපදිනවා. කාම සඤ්ඤාව නිසා කාම සංකල්පය උපදිනවා. කාම සංකල්පනාව නිසා කාමච්ඡන්දය උපදිනවා. කාමච්ඡන්දය නිසා කාම පරිදාහය උපදිනවා. කාම පරිදාහය නිසා කාම පරියෙසනය, කම්සැප සෙවීම, උපදිනවා. මහණෙනි, කාම පර්යේෂණය කරන්නා වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම, කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදිනවා.”
එතකොට මෙතෙන්දි පෙන්නනවා, මේ කාම ධාතු නිසයි කාම සඤ්ඤා. දැන් කාම ධාතුව කියන එක සිහි කළා. අන්න විභංගයේ පෙන්නනවා, කාම ධාතුව කියන එක, “කාම පටිසංයුක්ත, තක්කො, විතක්කො, සංකප්පො, අප්පණා, ව්‍යාපනා, චෙතසො අභිනිරොපනා මිච්ඡා සංකප්පො.” කියලා.
එතකොට ඒකේ කාම ධාතුව කවර යත් ද, කාම පටිසංයුක්ත වූ තර්කයක්, විතක්කයක් සංකල්පයක්, අර්පනයෙක්, බලවත් අර්පනයෙක්, සිත පිහිටු වීමෙක්, මිච්ඡා සංකල්පයක් වේ ද, මේක කාම ධාතුව යැයි කියලා කියනවා. යටින් අවීචි නිරය හිමි කොට මත්තේ පරනිම්මිත වසවර්තියේ දෙවියන් ඇතුළු කොට මේ අතුරේ මෙහි බැසගෙන සිටින මෙහි ඇතුළු වූ යම් ස්කන්ධ ධාතු ආයතන කෙනෙක් වෙත් ද, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයක් වේ ද, මේවා කාම ධාතුයි කියලා කියනවා.
එතකොට මේකේ අර්ථ දැක්වීම, භාවිතා කරලා, කාම ධාතුවේ ගැබ්ව ඇති කරුණු හොඳින් මෙනෙහි කළා. තමන්ගේ උදාහරණ සහිතව සිහි කරන්න ඕනෙ. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ diagram වල slide 6 වලට මනස යොමු වුණා. කාම ධාතුවලින් කාම සඤ්ඤා. එතකොට ඕගොල්ලෝ දන්නවා, ඒ slide 6 වල පෙන්නනවා, අර අභිජ්ඣා, චේතනා දෙක එකට එකතු වෙලා තියෙනවා. කාම සඤ්ඤාව දකුණු පැත්තෙන් තියෙනවා. ඊළඟට වේදනා, දොම්නස. පරාමාසකායගන්ථය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පල්ලෙහායින් තියෙන්නේ භයෙන් අගතියට යනවා කියලා.
ඉතින් අපි එතන තේරුම් ගත්තා, මේ කාම සඤ්ඤා නිසා ඇති වෙන්නේ දොමනස්සය පමණයි කියලා ඒ slide 6 එකේ. එහෙම නම් ඕගොල්ලෝ දන්නවා, මේ ජරා වේදනා අසම්පජාන රේඛාවේ, වේදනාවයි අසම්පජානකාරීත්වයයි අතර මේ කාම සඤ්ඤාව කියන එක අපි ලකුණු කරනවා. එහෙම නම් ඒ කාම සඤ්ඤා රේඛාවේ, වේදනා කෙළවර දුක බව කියලා අපි තේරුම් ගන්නවා මේ අවස්ථාවෙදි ඒක දැනගන්නවා.
ඊළඟට, සනිදාන සූත්‍රයේ පෙන්නනවා, “මහණෙනි, නෙක්ඛම්ම විතක්කය ප්‍රත්‍ය සහිතව උපදිනවා. ප්‍රත්‍ය රහිතව නූපදී” කියලා. “මහණෙනි, නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සඤ්ඤාව උපදිනවා. නෙක්ඛම්ම සඤ්ඤාව නිසා නෙක්ඛම්ම සංකල්පය උපදිනවා. නෙක්ඛම්ම සංකල්පනාව නිසා නෙක්ඛම්ම ඡන්දය උපදිනවා. නෙක්ඛම්ම ඡන්දය නිසා නෙක්ඛම්ම පරිදාහය උපදිනවා. නෙක්ඛම්ම පරිදාහය නිසා නෙක්ඛම්ම පර්යේෂණය උපදී. මහණෙනි, නෙක්ඛම්ම පර්යේෂණය කරන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙම, කයින්, වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් මනා කොට පිළිපදිනවා” කියලා.
එතකොට ආපහු පෙන්නනවා අර විභංගයේ මේ නෙක්ඛම්ම ධාතුව, කියලා කිව්වහම, එතන පැහැදිලි කරනවා, “නෙක්ඛම්ම පටිසංයුක්ත, තක්කො, විතක්කො, සංකප්පො අප්පණා ව්‍යාපනා චෙතසො අභිනිරොපනා සම්මා සංකප්පො,” කියලා. නෙක්ඛම්ම ධාතුව කවර යත්, නෙක්ඛම්ම පටිසංයුක්ත වූ තර්කයක්, විතර්කයක්, සංකල්පයක්, මේක නෙක්ඛම්ම ධාතු කියලා කියනවා.
සියලුම කුසල ධර්මයෝ නෙක්ඛම්ම ධාතුයි කියලා කියනවා. ඉතින් මෙතෙන්දි නෙක්ඛම්ම ධාතුව හොඳින් මෙනෙහි කළා. ශරීරය පවා අත්හරින ප්‍රමාණයට තමන් සිහි කරන්න ඕනෑ. උදාහරණයක් වශයෙන්, ලෙඩ සහිත වූ මේ ශරීරය අත් හැරීම.
ඒ සම්මා සංකල්පයේ අඩංගු වන්නේ, මහා චත්තාරීසක සූත්‍රයේ ආර්ය වූ සම්මා සංකල්පය කියන එක සිහි කළා. ඒකේ පෙන්නනවා, “කතමා ච භික්ඛවෙ, සම්මා සංකප්පො, අරියො අනාසවො ලොකුත්‌තරො මග්ගඞ්ගා, යො ඛො භික්ඛවෙ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ග සමඞ්ගිනො අරිය මග්ගං භාවයතො, තක්කො, විතක්කො, සංකප්පො අප්පණා ව්‍යාපනා චෙතසො අභිනිරොපනා වචී සඞ්‌ඛාරො” කියලා පෙන්නනවා. ඉතින් ඕකේ තවදුරටත් පෙන්නනවා, ඒ මිච්ඡා සංකප්පය ප්‍රහාණය කරන්න සම්මා සංකප්පය උපසම්පදාය කියලා එහෙම පෙන්නනවා.
සිංහලෙන් කියනවා, “මහණෙනි, ආර්ය, අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගය වූ සම්මා සංකල්පය කවර යත්, මහණෙනි ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයේ සමඞ්ගිත වූ, ආර්ය මාර්ගය වඩනහුගේ යම්කිසි තර්කයක්, විතර්කයක්, සංකල්පනයක් සිත අරමුණෙහි පිහිටුවීමක්, වෙසෙසින් පිහිටුවීමක්, සිත අරමුණට නැංවීමක්, වචී සංඛාරයක් වෙනවා ද මෙය සම්මා සංකල්පයයි කියලා.
ඒ මහණ මිච්ඡා සංකල්පයන්ගේ ප්‍රහාණයට වෑයම් කරනවා, සම්මා සංකල්පයන්ගේ ප්‍රතිලාභයට වෑයම් කරනවා. ඒක එයාට සම්මා වායාම වෙනවා. එයා සතිමත් වූයේ මිච්ඡා සංකල්පය දුරු කරනවා. සතිමත් වූයේ සම්මා සංකල්පය උපදවා වාසය කරනවා. ඔහුට ඒක සම්මා සතිය වෙනවා. ඉතින් මේ තුන් ධර්මය සහජාත වෙනවා කියලා එහෙම පෙන්නනවා.
එතකොට මෙතන මේ තර්කය කුමක් ද? තක්කො, විතක්කො. තක්කො කීවා ම thinking කියලා කියනවා. කුමක් ද?
“නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පවත්වන්නේ ද එය ඉවත් කිරීමට සිතීම.” රහතන් වහන්සේ පෙන්වා දෙනවා ඔන්න ඕකයි අර්ථය කියලා.
උදාහරණයක් වශයෙන් ගත්තොත්, යම්කිසි සමාපත්ති ධර්මයකට ඇලී ඇති අයකු, එය ඉවත් කිරීමට සිතනවා. ලෞකික වශයෙන් ගත්තොත් මනුස්සයෙක් හිතන්නකෝ, මත්පැන් බොනවා කියලා. ඒ මනුස්සයා කල්පනා කරනවා මත්පැන් නොබීමට සිතනවා. ඒක තර්කය.
ඊළඟට මේකේ විතක්කය මොකක් ද? ඒ කියන්නේ directed thinking කියලා කියනවා. එම දහම ඉවත් කිරීමට කළ යුතු යම් දෙයක් වේ ද ඒ ගැන සිතනවා. උදාහරණයක් වශයෙන්, සමාපත්තියට ඇලීම් නොකිරීමට සිතනවා. සමාපත්තියට සමවදිනවා. නමුත් ඒකේ ඇලෙන්නේ නෑ. සමාපත්තිය නොපවතී යැයි කියලා හිතනවා. දැන් mundane විදිහට බලනවා නම්, මත්පැන් බොන තැනට යන්නේ නැහැයි කියලා හිතනවා. ගියොත් නේ බොන්න වෙන්නේ.
ඊළඟට මේකේ සංකල්පය intention කියලා කියනවා, resolve කියලා කියනවා, plan කියලා ඕගොල්ලො අහලා තියෙනවා. කුමක් ද? මේ සඳහා යමෙක් හමු විය යුතු ද අසා දැන ගත යුතු ද එම කටයුත්ත සඳහා සිත මෙහෙයවනවා. උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්න ඕනෑ කියලා හිතනවා. එහෙම නැත්නම් සූත්‍ර පිටක හරි බලන්න ඕනෑ කියලා හිතනවා. මත්පැන් බොන මනුස්සයෙක් කල්පනා කරනවා මම psychologist කෙනෙක් හරි හම්බවෙනවා කියලා.
අප්පණා කියන එක mental fixity කියලා කියනවා. අප්පණා කියන්නේ කුමක් ද? එම කටයුත්ත සඳහා සිත බැස ගන්නවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්න සිත බැස ගන්නවා. සූත්‍ර පිටක බැලීමට සිත බැස ගන්නවා. කවුරු හරි කෙනෙක් කීවොත් එහෙම ඕවායේ යන්න එපා කියලා, එහෙම කිව්වත් ඒ සූත්‍ර පිටක බලනවා.
ඊළඟට ව්‍යාපනා කියලා කියන්නේ මොකක් ද? Mental transcription කියලා කියනවා. එම කටයුත්ත සඳහා යමක් එකතු කරගත යුතු ද, එහි සිත බැස ගැනීමයි. උදාහරණයක් වශයෙන් සූත්‍ර බලලා තමන්ට හොයා ගත හැකි කොටස්, තම උත්සාහයෙන් එකතු කරගැනීම. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු කියලා සොයා ගන්නවා.
චෙතසො අභිනිරොපනා focused awareness, කියන්නේ මොකක් ද? මේ කාරණය සඳහා අවශ්‍ය යම් ධර්ම කොටස් මනා කොට සිහියේ තබා ගන්නවා. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා. ඕකෙ පෙන්නනවා මේ ඔඩොක්කුව මෙන් සිහිය, සතිය, නොවෙන්න ඕනෑ. පෙළක් අය ඔඩොක්කුව, වාඩි වෙලා නැගිට්ටාට පස්සේ, ඔක්කොම ටික වැටිලා. එහෙම නොවෙන්න ඕනෑ.
ඊළඟට මේකේ වචී සංඛාරය මේකෙන් අදහස් වන්නේ, ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ. තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ කියලා අත්දැකීම. මෙය මනා කොට විමසන්නේ, අසම්පජානය ඇති තැන, සුඛ නොව දුක බව හොඳින් වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා.
එහෙම නම්, අර ජරා වේදනා අසම්පජාන රේඛාවේ වේදනා කියන තැන දුකයි, අසම්පජානය කියන තැන සුඛ නෙවෙයි දුකයි කියලා තේරුම් ගන්නවා. ඉතින් නිර්වාණය සාක්ෂාත් කරගන්නවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්