ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම 25/01/2020 නෙක්ඛම්ම භාවනාව නැවතත් කරගෙන ගියා. “සඤ්ඤා පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.”
එතකොට මෙතන සඤ්ඤා පරිඤ්ඤා. මෙතෙන්දී ඥාත පරිඤ්ඤාව විමසුවා. ඒකේ පෙන්නනවා, ඥාත පරිඤ්ඤා කීවා ම, කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සඤ්ඤා. මේවා රූප, ශබ්ද, ගන්ධ, … කියලා පෙන්නනවා. එතකොට සනිදාන සූත්‍රයේ පෙන්නනවා.
“මහණෙනි, ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සඤ්ඤාව උපදිනවා. ව්‍යාපාද සඤ්ඤාව නිසා ව්‍යාපාද සංකල්පනාව උපදිනවා. ව්‍යාපාද සංකල්පනාව නිසා ව්‍යාපාද ඡන්දය උපදිනවා. ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාද පරිදාහය උපදිනවා. ව්‍යාපාද පරිදාහය නිසා ව්‍යාපාද පර්යේෂණය උපදිනවා. මහණෙනි, ව්‍යාපාද පර්යේෂණය කරන්නා වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම, කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදිනවා.” ඉතින් මෙතෙන්දි ව්‍යාපාද ධාතු නිසා ව්‍යාපාද සඤ්ඤා. දැන් ව්‍යාපාද ධාතුව සිහි කළා.
එතකොට ඒ විභංගයේ පෙන්නනවා, ව්‍යාපාද ධාතුව කියන එක ව්‍යාපාද පටිසංයුත්තො, තක්කො, විතක්කො, සංකප්පො, අප්පනා, ව්‍යප්පනා, චෙතසො අභිනිරොපනා මිච්ඡා සංකප්පො කියලා. එහි ව්‍යාපාද ධාතුව කවර යත් ද, ව්‍යාපාද පටිසංයුක්ත වූ තර්කයෙක්, විතර්කයෙක්, ඔය විදිහට මිච්ඡා සංකල්පය ව්‍යාපාද ධාතුව යැයි කියලා කියනවා.
එතකොට, මේකේ මේ අර්ථ දැක්වීම අපි භාවිතා කරලා, ව්‍යාපාද ධාතුවේ ගැබ්ව ඇති කරුණු හොඳින් මෙනෙහි කළා. තමන්ගේ උදාහරණ සහිතව සිහි කරන්න ඕනෑ. ඉතින් ව්‍යාපාද ධාතුවෙන් ව්‍යාපාද සඤ්ඤාව. ඕගොල්ලෝ දන්නවා, ව්‍යාපාද සඤ්ඤාව, පරාමාසකායගන්ථය ඉඳන් අර ථීනමිද්ධය, ජීවිත ඉන්ද්‍රිය එහෙම තියෙන තැනට තමයි ලකුණු වෙන්නේ.
එතකොට පදුට්ඨමනසඞ්කප්පයෙ යම් අභිජ්ඣාව නිසා ඇති වුණ නිත්‍ය යන අගයක් ඇත්ද, එය නොවීම නිසා ව්‍යාපාද සඤ්ඤාව වන්නේ ය. ඉතින් අර සීයාගේ උදාහරණය ගන්න පුළුවන්. Taste buds යෑම සිදු වෙලා තියෙනවා. නමුත් එහි වෙනස් වීමට ප්‍රතිචාර දක්වනවා. එතකොට ව්‍යාපාද සඤ්ඤාව නිසා ඇති වන්නේ දුක බව වටහා ගන්නේ නම්, පරාමාසය තුළ සුඛ නොව දුක බව වැටහෙනවා. වරදවා වටහා ගැනීම කියන එක ඉවත් වෙනවා. එතකොට මේක තේරුම් ගන්න, ඉතින් මේ අව්‍යාපාද ධාතුව හරිය බැලුවම තමයි ඒක තේරෙන්නේ.
එතකොට, මේක සනිදාන සූත්‍රයේ පෙන්නනවා, “අව්‍යාපාද විතක්කය හේතු සහිතව උපදිනවා. හේතු රහිතව නූපදී. මහණෙනි, අව්‍යාපාද ධාතුව නිසා අව්‍යාපාද සඤ්ඤාව උපදිනවා. අව්‍යාපාද සඤ්ඤාව නිසා අව්‍යාපාද සංකල්පනාව උපදිනවා. අව්‍යාපාද සංකල්පනාව නිසා අව්‍යාපාද ඡන්දය උපදිනවා. අව්‍යාපාද ඡන්දය නිසා අව්‍යාපාද පරිදාහය උපදිනවා. අව්‍යාපාද පරිදාහය නිසා අව්‍යාපාද පර්යේෂණය උපදිනවා. මහණෙනි, අව්‍යාපාද පර්යේෂණය කරන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ, කයින්, වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් මනා කොට පිළිපදිනවා.” කියලා පෙන්නනවා.
ඉතින් මෙතෙන්දිත් විභංගයේ පෙන්නනවා මේ අව්‍යාපාද ධාතුව කියන එක. “අව්‍යාපාද පටිසංයුක්ත, තක්කො, විතක්කො, සංකප්පො, අප්පනා ව්‍යප්පනා චෙතසො අභිනිරොපනා සම්මා සංකප්පො අයං වුච්චති අව්‍යාපාද ධාතු.”
එහි අව්‍යාපාද ධාතු කවර යත්, අව්‍යාපාද පටිසංයුක්ත වූ තර්කයෙක්, විතර්කයෙක්, සංකල්පයෙක්, මේවා අව්‍යාපාද ධාතු කියලා කියනවා. සත්වයන් විෂයයෙහි යම් මෛත්‍රියෙක්, මෙත් වඩන අයුරෙක්, මෙත් වැඩූ බවෙක්, මෙත්තා චෙතො විමුක්තියක් වේ ද, මෙය අව්‍යාපාද ධාතුයි කියලා කියනවා.
එතකොට අව්‍යාපාද ධාතුවෙන් අව්‍යාපාද සඤ්ඤාව. අව්‍යාපාද සඤ්ඤාවෙන් අව්‍යාපාද සංකල්පය. මෙහි දී “අව්‍යාපාද සංකල්පය හොඳින් මෙනෙහි කරන්න” යැයි කියලා රහතන් වහන්සේ කියනවා. අව්‍යාපාද සංකල්පය තුළ අව්‍යාපාද විතක්කය ගැබ්ව තියෙනවා. අව්‍යාපාද විතක්කය කියන එක සිහි කළා.
උපෙක්ඛා නිමිත්තට නැවත නැවතත් පුනපුනා යොමු වන්නේ, එහි බැස ගැනීමක් වේ ද, එමගින් අව්‍යාපාද විතක්කයට එළඹෙනවා. යම් අව්‍යාපාද විතක්කයක් ඇත්ද, එමගින් ද්වේෂය බැස යනවා කියලා අර advanced 2 එකේදි අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මෙතෙන්දි මේ සංස්කාර ඉවතලීම කියන එක සිහි කළා. ඕගොල්ලො දන්නවා නේ උපෙක්ඛා නිමිත්තේ තියෙනවා නේ, අර පෙර පාණාතිපාත වාගේ දේවල් කරපු නිසා, මේ විස්තරය කියලා තියෙන්නේ. එතකොට, මෙත්තා චෙතො විමුක්තිය සුභය පරම කොට ඇත. අභිජ්ඣා නොවේ. යම් අභිජ්ඣාවක් වී ද, එය මගින් මෙම ප්‍රශ්නය ඇති වෙන බව දන්නේ, දක්නේ, ශරීරය පවා අත්හරින ප්‍රමාණයට සිහි කරන්න ඕනෑ. ලෙඩ සහිත වූ මේ ශරීරය අත්හැරීම.
අව්‍යාපාද ධාතුව තුළ සම්මා සංකල්පය අඩංගු වන්නේ, මහා චත්තාරීසක සූත්‍රයේ ආර්ය වූ සම්මා සංකල්පය සිහි කළා. එතකොට එතන පෙන්නනවා, “කතමා ච භික්ඛවෙ, සම්මා සංකප්පො, අරියො අනාසවො ලොකුත්‌තරො මග්ගඞ්ගා, යො ඛො භික්ඛවෙ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ග සමඞ්ගිනො අරිය මග්ගං භාවයතො, තක්කො, විතක්කො, සංකප්පො අප්පනා ව්‍යප්පනා චෙතසො අභිනිරොපනා වචී සඞ්‌ඛාරො” කියලා.
එතකොට මේකේ “වචී සංඛාරය” මගින් අදහස් වෙන්නේ, “අර ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ, තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ.” කියන අත්දැකීම. මේක මනා කොට විමසනවා නම් අසම්පජානය ඇති තැන, සුඛ නොව දුක බව හොඳින් වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා අර ජරා වේදනා අසම්පජාන රේඛාවේ එතන කාම සඤ්ඤාව කියන එක ලකුණු කරනවා. එතකොට, මෙතන මේ අසම්පජානය කියන එක, ඒක අපි දුකයි කියන එක ගන්නවා. ඉතින් මේ භාවනාවෙදි විශේෂයෙන් ම අර පරාමාසය දුකයි කියන එක තමයි වටහා ගැනීම කියන එක තිබුණේ.
ඒකයි මං කරපු භාවනාව.