ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම 25/01/2020 නෙක්ඛම්ම භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ ගාථාවක් තියෙනවා. “සඤ්ඤා පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.” කියන ගාථාව.
එතකොට ඒ සඤ්ඤා පරිඤ්ඤා. ඒකේ ඥාත පරිඤ්ඤා කියන එක විමසුවා. එකේ ඥාත පරිඤ්ඤා කියන්නේ කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, විහිංසා සඤ්ඤා, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සඤ්ඤා. මේවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සඤ්ඤා කියලා දැනගන්නවා. එතකොට ඒක තමයි ඥාත පරිඤ්ඤා.
එතකොට ඔය සනිදාන සූත්‍රයේ පෙන්නනවා, “මහණෙනි, විහිංසා ධාතුව නිසා විහිංසා සඤ්ඤාව උපදිනවා. විහිංසා සඤ්ඤාව නිසා විහිංසා සංකල්පනාව උපදිනවා. විහිංසා සංකල්පනාව නිසා විහිංසා ඡන්දය උපදිනවා. විහිංසා ඡන්දය නිසා විහිංසා පරිදාහය උපදිනවා. විහිංසා පරිදාහය නිසා විහිංසා පර්යේෂණය උපදිනවා. මහණෙනි, විහිංසා පර්යේෂණය කරන්නා වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම, කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදිනවා.”
ඉතින් මේ විහිංසා ධාතුව නිසා විහිංසා සඤ්ඤාව. දැන් විහිංසා ධාතුව කියන එක සිහි කළා. ඒකේ පෙන්නනවා, මේ විහිංසා පටිසංයුක්ත, තක්කො, විතක්කො, සංකප්පො, අප්පණා, ව්‍යාපනා, චෙතසො අභිනිරොපනා මිච්ඡා සංකප්පා කියලා. එතකොට විහිංසා ධාතුව කවර යත්, විහිංසා පටිසංයුක්ත වූ තර්කයක්, විතක්කයක් මිච්ඡා සංකල්පයක්, මේවා විහිංසා ධාතුව ය කියලා කියනවා.
මේකේ එකෙක් අතින් හරි පයින් හරි දැඩියෙන් හරි සැතින් හරි එක්තරා ආකාරයකින් මේ විදිහට පෙළනවා කියලා, වෙසෙසින් පෙළනවා කියලා. ඒක විහිංසා ධාතු.
ඉතින් මේ අර්ථ දැක්වීම භාවිතා කරලා, විහිංසා ධාතුවේ ගැබ්ව ඇති කරුණු හොඳින් මෙනෙහි කළා. තමන්ගේ උදාහරණ සහිතව සිහි කරන්න ඕනෑ. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ diagram වල slide 5 වලට මනස යොමු වුණා. පෙර වූ මෝහය ද්වේෂ සහිතව ජීවත් වීම පාණාතිපාතය. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානය. කාමෙසුමිච්ඡාචාරය කාම සඤ්ඤාව මෙහි ඇලීම අභිනිවේසය.
ඉතින් මෙතෙන්දි අපිට diagram එකක් එනවා, අර චේතනා, විඤ්ඤාණය, ඉදංසච්චය, පරාමාසය කාය ග්‍රන්ථය මේකේ මැද්දේ තියෙනවා ජීවිත ඉන්ද්‍රිය. එතකොට, ඔතන විඤ්ඤාණයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට පදුට්ඨමනසඞ්කප්ප අගයෝ කියන එක එනවා. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට arrow එකක් ඇඳලා, අපිට ඒක ලියාගන්න පුළුවන් විහිංසා සඤ්ඤාව කියලා. ඊට පස්සේ ඉදංසච්චය ඉඳන් ජීවිත ඉන්ද්‍රිය පැත්තට arrow එකක් දාලා නිත්‍ය දිට්ඨිය, කියන එක ඒකෙ ලියන්න පුළුවන්.
එතකොට යම් නිත්‍ය දිට්ඨියක් නිසා ඇති වන බලපෑම මගින්, වන චේතනාව මගින්, නියම කරන සංස්කාරයෝ කිරීම නිසා විහිංසා සඤ්ඤාව හටගන්නවා. මෙහි නිත්‍යභාවයක් නැති බව වටහා නොගන්නේ නම්, එම ධර්මයෝ සත්‍යයක් වශයෙන් ඉදංසච්චගත වෙනවා. මව් කුසට යෑම, කාමයෙහි වරදවා හැසිරීම, අදත්තාදානය, ශුක්‍රාණු හොරකම් කිරීම, මනෝමය කාය මරාගෙන යෑම ආදී සියල්ල සිද්ධ වෙනවා.
එතකොට, අපි 16/07/2017 නිබ්බාන භාවනාවෙදි, සාකච්ඡා කරලා තියෙනවා ජරා වේදනා අසම්පජාන රේඛාවේ, වේදනාවේ ඉඳන් අසම්පජානය දක්වා කාම සඤ්ඤා කියලා ලකුණු කරගත්තා. එතන අපි a කියලා දාගත්තා, මෙත්තා. රූපයේ ජරා බව දැක, දැන ඉක්මවීමෙන් කාම සඤ්ඤා ඉවතලනවා කියලා. ඊට පස්සේ, මේ පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා අපි ව්‍යාපාද සඤ්ඤාව කියන එක ලකුණු කරගන්නවා. එතන b කියලා අපි දාගත්තා, භවයේ යන විතක්කය නැති වීමෙන් ව්‍යාපාද සඤ්ඤාව නැති වෙනවා කියලා. ඊට පස්සේ අපි c කියලා ලකුණු කරගන්නවා ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චය දක්වා, විහිංසා සඤ්ඤාව.
එතකොට අර a, b සහ අමෝහ පාරේ යන නිසා, සංස්කාර ඉවත ලා, විහිංසා සඤ්ඤාවෝ මඟ හරිනවා. විහිංසා සඤ්ඤාවෝ මඟ හරින්නේ විහිංසා විතක්කය ඉක්මවනවා කියලා ලකුණු කරගත්තා. ඊට පස්සේ, ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට අපි විහිංසා සඤ්ඤාව කියලා නැවතත් ලකුණු කරනවා. එතනින් ඒ විහිංසා සඤ්ඤාවෙන් විහිංසා විචාරයෝ තමයි ඇති වෙන්නේ.
ඉතින් ඔන්න ඔය කොටසට අපිට එනවා, මේ ඉහත විහිංසා සඤ්ඤාවෝ මඟහරින්නේ විහිංසා විතක්කය ඉක්ම වීමට දක්ෂ වන්නේ ඉදංසච්චය තුළට මෙය ම සත්‍ය යැයි ගන්නා මුසාව බැස නොගන්නේ, මිච්ඡා දිට්ඨි නිසා වන අභිජ්ඣා කියන චිත්ත සංස්කාර ඉවතලනවා. එනම් පග්ගහ නිමිත්ත තුළ සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣා වෙනවා. මෙහි දී අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, නිර්වාණය ම සොයයි යන්නත් අධිප්‍රඥා ශික්ෂාව, අරූප ධ්‍යාන කුසලය උදව් උපකාර වෙනවා.
ඉතින් මෙතන දී ටිකක් හිතන්න ඕනෑ. ඔය ඉදංසච්චය පූර්ව කර්මය ලෙස විමසන්න ඕනෑ. පෙර තාක්ෂණය, computer science, soil engineering, medicine, ඕවා කරා. එම සංස්කාර මිය ගොස් ඇතත්, පරිදේව වී ඇතත් එම දේවල් උලුප්පලා කියනවා. අරූප ධ්‍යාන තලවල ජීවත් වෙලා තියෙනවා. දැන් ඒ පරිදේව වෙලා තියෙනවා. උලුප්පා කීමට සතුටයි. දැන් භාවනාව කරලා ඉවර වෙලා කියනවා, අද හොඳ භාවනාවක් කළා මම, ආකාසානඤ්චායතනයට ගියා කියලා, නේ ද? එතකොට අරක මැරිලා ඉවරයි නේ. එතකොට ඒක අපි උලුප්පලා කියනවා කියන එක.
ඊළඟට අපිට ආපහු එනවා. පරිදේවයේ ඉඳන් පරාමාසකායගන්ථයට arrow එකක් තියෙනවා. එතන අපි පෙන්නනවා අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව. එහෙම නැත්නම් අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව නොවේ නම්, පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම නිසා පරාමාසය පිරිසිදු වෙනවා. අමෝහ slide 11 එකේ පරාමාසය පිරිසිදු වීම මනා කොට වැටහෙනවා.
මේක මේ යට පැත්තෙ පරිදේව පැත්තෙන් සිදු වෙනවයි කියන එක. අන්න එතන දී ටිකක් හිතන්න ඕනේ, line 7 ගැන. තණ්හා අගයෝ ගැලීම කියන එක නවතින්න ඕනෑ කියන එක.
දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා, “මහණෙනි, අවිහිංසා ධාතුව නිසා අවිහිංසා සඤ්ඤාව උපදිනවා. අවිහිංසා සඤ්ඤාව නිසා අවිහිංසා සංකල්පනාව උපදිනවා. අවිහිංසා සංකල්පනාව නිසා අවිහිංසා ඡන්දය උපදිනවා. අවිහිංසා ඡන්දය නිසා අවිහිංසා පරිදාහය උපදිනවා. අවිහිංසා පරිදාහය නිසා අවිහිංසා පර්යේෂණය උපදිනවා. මහණෙනි, අවිහිංසා පර්යේෂණය කරන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙම, කයින්, වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් මනා කොට පිළිපදිනවා.”
එතකොට මේකෙ අවිහිංසා ධාතුව කවර යත්, අවිහිංසා පටිසංයුක්ත වූ, තක්කයක්, විතක්කයක්, සංකල්පයක්, අර්පනයෙක් ව්‍යාපනයෙක් සිත පිහිටුවීමක් සම්මා සංකල්පයක් මෙය අවිහිංසා ධාතුව කියලා කියනවා. සත්වයන් විෂයයෙහි යම් කරුණාවක්, කරුණා අයුරෙක් ඇති බවක්, කරුණා චෙතො විමුක්තියක් මේ අවිහිංසා ධාතුයි කියලා කියනවා.
යම් අවිහිංසා පටිසංයුක්ත වූ තක්කයක්, විතක්කයක්, වෙත් ද එහි තුළ නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පැවත්වීමක් ඇත්ද එය ඉවත් කිරීම ඇතුළත් වෙනවා. ඉහත සම්මා දිට්ඨිය මගින් අභිජ්ඣා නොවීම සාකච්ඡා කළේ එම අභිජ්ඣා නමැති චිත්ත සංස්කාර ඉවත් කිරීම ඇතුළත් වෙනවා. යම් අභිජ්ඣාවක් වෙත් ද, එය මිච්ඡා දිට්ඨි සඤ්ඤාව නිසා ම ඇති විය. එසේ නම්, ආර්ය වූ සම්මා සංකල්පය මෙනෙහි කරන්නේ, උතුම් නිවනින් පිටත යමක් ගැනීම නොකළ යුතු යැයි වැටහෙන්නේ, දුක්ඛ table එකේ පළවෙනි column එක ඉවත් වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මෙතෙන්දි මේ කරුණා චෙතො විමුක්තිය කුමක් සඳහා ද? සංස්කාර නිසා සුඛ වන රූප සෙවීම නතර නොවන්නේ නම්, අභිජ්ඣාව පහ කිරීමට තරම් සිත ප්‍රභාස්වර නොවන බැවිනි. ඒකයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්