ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදේ. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො..” ඉන් අනතුරුව, තිට්ඨං නරො, රාග වශයෙන් රත් වූයේ, සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ, සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ, සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ, සිටී. මින් අනතුරුව, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා භාවනා තුන ම සාරාංශ වශයෙන් කළා.
25/01/2020 නෙක්ඛම්ම භාවනාව. ඒකේ අපි ඉගෙන ගත්තා, අර ජරා වේදනා අසම්පජාන රේඛාව. ඒකේ වේදනාවයි අසම්පජානයයි අතර කාම සඤ්ඤාව ලකුණු වෙනවා. ඒකේ වේදනාව, දුක වශයෙන් දැකීම කියන එක අවබෝධ කරගත්තා. එතකොට, පල්ලෙහා තියෙන්නේ ජරාව. අපි සියල්ලෝ ම ජරාවට පත්වෙලා තියෙනවා. අන්න සම්මා වාචා diagram එකට සිත යොමු වුණා.
එතකොට ඒකේ අපි දන්නවා, අපිට අභිජ්ඣා ඇති නම්, ජරාවට පත් වුණා කියලා දන්නේ, ව්‍යාපාදය කියන එක ඇති වෙනවා. එතකොට 27/01/2020 අව්‍යාපාද භාවනාවෙදි ව්‍යාපාද සඤ්ඤා නිසා ඇති වෙන්නේ දුක බව වටහා ගන්නේ, පරාමාසය තුළ සුඛ නොව දුක බව වටහා ගැනීම සිදු වන බව සාකච්ඡා කළා. පරාමාසය තුළ සුඛ වශයෙන් ගත්තා නම්, එය අත්තා කරගන්නේ, ව්‍යාධිය කියන එක ඇති වෙනවා.
දැන් එහෙම නම් ආපහු සම්මා වාචා diagram එකේ පේනවා, අභිජ්ඣා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි ඇති නම්, රෝගී වූ බව දන්නේ ද්වේෂය කියන එක ඇති වෙනවා. එහෙම නම් අව්‍යාපාද භාවනාව භාවිතා කරන්නේ, ආර්ය වූ සම්මා සංකල්පය දක්වා යන්නේ අභිජ්ඣා ව්‍යාපාද ඉවතලන්නේ ද්වේෂ නොවේ. මේක අලුත් සංස්කාර නිසා ද්වේෂ නොවීම මේ පෙන්නන්නේ.
ඊට පස්සේ, 08/02/2020 අවිහිංසා භාවනාව කරන්නේ, අවිහිංසා සඤ්ඤාව භාවිතා කරනවා. අහිතකර වූ, විහිංසා සඤ්ඤාවෝ ඉදංසච්චගත නොවේ. යම් අවිහිංසා පටිසංයුක්ත තර්කයක් වේ ද, එහි තුළ නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පැවැත්වීමක් ඇත්ද, එය ඉවත් කිරීම ඇතුළත් වේ. සම්මා දිට්ඨිය මගින් අභිජ්ඣා නොවන්නේ, අභිජ්ඣා නමැති චිත්ත සංස්කාරය ඉවත් වීම සිදු කරනවා. යම් අභිජ්ඣාවක් වේ ද, එය මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා ම ඇති විය.
ඊළඟට ආපහු සම්මා වාචා diagram එකෙන් පේනවා, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි සහ අවිද්‍යාව ඇති නම් මරණය වූ බව දන්නේ මෝහය ඇති වෙනවා.
එතකොට ඔතන අපිට පේනවා, මේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවය දක්වා, අපි ලකුණු කරන විහිංසා සඤ්ඤාව තමයි එතන බලන්නේ.
එතකොට අපිට පේනවා, ඊළඟට අභිජ්ඣා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි තුන් ධර්මයන් ඉවත් වන්නේ නම් ද්වේෂ නොවේ. මෙහි දී මිය යන සංස්කාර නිසා ද්වේෂ නොවීම වටහා ගත යුතු ය.
මිය යන සංස්කාර නැවත පැවැත්වීමක් නොසිතන්නේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව නොවන්නේ, චතුරාර්ය සත්‍යයේ මනා කොට බැසගන්නේ, පරාමාසය පිරිසිදු වෙනවා, මෝහ නොවේ.
අන්න එතෙන්දි හිතන්න ඕනෑ අර පරිදේවය ඉඳන් පරාමාසය දක්වා එන රේඛාව. මරණය සිදු වූව ද, මෝහ නොවේ. උතුම් නිවනෙන් පිටත යමක්, ගැනීම නොකළ යුතු යැයි වැටහෙන්නේ, දුක්ඛ table එකේ පළවෙනි column එක ඉවත් කරන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්