Date: 22/02/2020 Name: Nibbana

පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම “සත්තො ගුහායං” ගාථාවෙන්, රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මේ ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදේ. එතකොට “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඒකෙන් අනතුරුව, තිට්ඨං නරො රාග වශයෙන් රත් වූයේ, සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ, සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ, සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ, සිටී.

මේකෙන් අනතුරුව, 27/01/2020 අව්‍යාපාද භාවනාවට සිත යොමු කළා. අව්‍යාපාද විතක්කය දක්වා මෙනෙහි කළා. උපෙක්ඛා නිමිත්තට නැවතත් පුනපුනා යොමු වන්නේ, එහි බැස ගැනීමක් වේ ද, එමගින් අව්‍යාපාද විතක්කයට එළඹෙනවා. යම් අව්‍යාපාද විතක්කයක් ඇති ද එමගින් ද්වේෂය බැස යනවා. ඉතින් නෙක්ඛම්ම විතක්කයේදි මත්පැන් බොන තැනට නොයමි. සමාපත්තියට යතත් එහි නොඇලෙනවා. එහි නොපවතී යැයි සිතනවා.

ඒ වගේ ම අව්‍යාපාද විතක්කයේදි, කුමකට නොයයි ද? කුමක් නොපවතී යැයි සිතයි ද? මිච්ඡා දිට්ඨියට නොයමි. පවතී යැයි නොසිතයි. උපෙක්ඛා නිමිත්තට පුනපුනා බැස ගනී. මෙසේ පරාමාසයට රිංගා ඇති සියලු සංස්කාරයන් ඉවතලිය හැකි ය.

මේකෙන් අනතුරුව, අවිහිංසා විතක්කයේදි කුමක් අරභයා අරමුණු නොගනී ද? කුමක් නොපවතී යැයි සිතයි ද? නිවනින් පිටත දෙයක් ගැනීමට නොසිතයි. නිවනින් පිටත යමක් පවතී යැයි නොසිතයි. මෙසේ අවිද්‍යාව දුරලයි. නිවන සාක්ෂාත් කර ගනියි.

Special ආයතන භාවනාවෙදි ඉගෙන ගත්තා. Choices දෙකක් නැතයි කියලා. අවිද්‍යා ආශ්‍රවයෙන් අවිද්‍යා අනුසය. අවිද්‍යා අනුසයෙන් අවිද්‍යා ආශ්‍රවය කියලා දැනගන්නවා. මේ විදිහට පරාමාසය කියන එක පිරිසිදු වෙනවා.

ඉතින් මේ කාරණාව. ඔය 15/02/2020 ඒ නිබ්බාන භාවනාවේ. ඕගොල්ලො දන්නවා අපි ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට පරිදේවය. එතන විහිංසා සඤ්ඤාව. පරිදේවයේ ඉඳන් පරාමාසයට, එතකොට අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව කොටස මෙනෙහි කිරීමෙදි යොදා ගන්න ඕනෑ. එසේ නොවන්නේ නම් අවිද්‍යා යෝගය මඟ නොහැරෙන්නේ, ඉවත් කරන ලද අභිජ්ඣාව නැවත උත්පාද වෙනවා. මතු වෙනවා.

එතකොට මෙසේ අව්‍යාපාද විතක්කයේ මිච්ඡා දිට්ඨියට නොඑමි යන්නත්, අවිහිංසා විතක්කයේ නිවනින් පිටත යමක් නොගැනීමත්, යන දෙයාකාර ධර්මයන් එකතු වන්නේ නම්, අභිජ්ඣා ඉවත ලා නිර්වාණය සාක්ෂාත් කරගන්න හැකි වෙනවා.

ඉතින් භාවනාව මම මෙතැනින් අවසන් කරලා, repair භාවනාව කරන්නේ, පරිදේව වූ සංස්කාර, මිය ගියා වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන, ආකිඤ්චඤ්ඤායතන තලවල වාසය නැති වීම වුවත්, එම සංස්කාරයන් සඤ්ඤාව සුඛ යැයි පවසනවා. දැන් diabetic ආදී වශයෙන් අසනීප තියෙනවා. එහෙම නම් ඉතින් කොහොම ද සුඛ කියන එක වෙන්නේ?

සෝකය මිසදිටු යැයි කියලා වැටහුණා. මිච්ඡා දිට්ඨිය නිසා නිවනින් පිටත දේවල් සත්‍ය වශයෙන් සුඛ වශයෙන්, ගෙන සෝක කරන්නේ ය. ඉතින් මේක 08/02/2020 අවිහිංසා භාවනාවේ අර ඉදංසච්චයේ ඉඳන් අපි පරිදේවයට එන විහිංසා සඤ්ඤා කොටස, ඒකත් එක්ක සිහි කරන්න ඕනෑ. ඉදංසච්චය පූර්ව කර්මය ලෙස විමසන්න.

ඉතින් පෙර තාක්ෂණය, computer science, soil engineering ආදී දේවල් කරලා, මෙම සංස්කාරයන් මිය ගොස් ඇතත්, පරිදේව වී ඇතත් එම දේවල් උලුප්පලා කියනවා. අරූප ධ්‍යානවල ජීවත් වෙලා තියෙනවා. දැන් ඒක පරිදේව වෙලා තියෙන්නේ. එතකොට උලුප්පලා දීල කියන්න අපි සතුටුයි. මෙන්න මේ විදිහට මිච්ඡා දිට්ඨිය ම තමයි අපි අගයන්නේ. ඒකයි ඒ සෝකය, මිසදිටුයි කියන කතාව.

ඒක තමයි මං කරපු භාවනාව.