Date: 07/03/2020 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම 15/02/2020 නිබ්බාන භාවනාව ආරම්භ කළා. ඒ වුණත් කාම සඤ්ඤා ඉවතලීම නොවන්නේ නම්, ඒ 15/02/2020 නිබ්බාන භාවනාව කිරීමෙන් පලක් නැතෙයි කියන එක පේනවා.

කාම සඤ්ඤාව ඉතාමත් සියුම් වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් අපි හිතමු, හොඳ රැකියාවක් කළ කාන්තාවක්, කසාද බැඳලා වෙන රටකට යනවා. එවැනි රැකියාවක් නොකර සිටිනවා.

එතකොට තව පුද්ගලයකුට මේ පුද්ගලයා මේ ආහාර පාන ඇතිව හොඳින් ජීවිතය පවත්වාගෙන හිටියා වුවත්, තමන් පෙර කළා වූ අදින්නාදාන වැනි සංස්කාරයන් නිසා, මේ අය රැකියා කරනවා නම් හොඳයි කියලා තමන්ගේ අත්දැකීම් අනුව, කාම සඤ්ඤා ඇති වෙන්න පුළුවන්.

එතකොට තමන්ට පේනවා, මේ වගේ එක කාම සඤ්ඤාවක් මගින්, තමන්ගේ අත්දැකීම් උලුප්පා දෙන සිතිවිලි පරම්පරාවක් මතු වෙන්න පුළුවන්. එතකොට, එක සිතිවිල්ලකින් තව සිතිවිල්ලකට යනවා. එතකොට, මෙවැනි සිතිවිලි ඉක්මවන තුරු, නිර්වාණයට මනස නැමෙන්නේ නෑ.

බුදු වදනට සිත යොමු කළා. “මහණෙනි, කාම ධාතුව නිසා කාම සඤ්ඤාව උපදිනවා. කාම සඤ්ඤාව නිසා කාම සංකල්පනාව උපදිනවා. කාම සංකල්පනාව නිසා කාමච්ඡන්දය උපදිනවා. කාමච්ඡන්දය නිසා කාම පරිදාහය උපදිනවා. කාම පරිදාහය නිසා කාම පර්යේෂණය උපදිනවා. මහණෙනි, කාම පර්යේෂණය කරන්නා වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම, කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදිනවා.”

එතකොට මෙම කොටස මෙනෙහි කිරීම අත්හැර ඉදිරියට යාමක් ඇත්තේ නෑ. ඒක හොඳට මෙනෙහි කරන්න ඕනෑ. ඉතින් බුදු වදනට සලකන්න ඕනෑ. මෙසේ කාම සඤ්ඤාව තේරුම් ගත්තත්, නෙක්ඛම්මය සිහි කළත්, පෙර මනසේ දුවන ලද කාම සඤ්ඤා කොටස, සම්පූර්ණයෙන් ඉවත් වන බව නොපෙනෙනවා.

අන්න එතෙන්ට එනවා අර ගාථාව. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.” අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ. සල්ලය ඉවත් කළ යුතුයි. අන්න එතෙන්දි නම් අන්න සමාධිය ඇති වෙනවා. එතකොට නෙක්ඛම්මයට පැමිණෙනවා.

“මහණෙනි, නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සඤ්ඤාව උපදිනවා. නෙක්ඛම්ම සඤ්ඤාව නිසා නෙක්ඛම්ම සංකල්පනාව උපදිනවා. නෙක්ඛම්ම සංකල්පනාව නිසා නෙක්ඛම්ම ඡන්දය උපදිනවා. නෙක්ඛම්ම ඡන්දය නිසා නෙක්ඛම්ම පරිදාහය උපදිනවා. නෙක්ඛම්ම පරිදාහය නිසා නෙක්ඛම්ම පර්යේෂණය උපදිනවා. මහණෙනි, නෙක්ඛම්ම පර්යේෂණය කරන්නා වූ කරනු ලබන්නාහු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙම, කයින්, වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් මනා කොට පිළිපදිනවා.”

ඉතින් මේකත් සම්පූර්ණයෙන් ම සිහි කරන්න ඕනෑ. මඟ නවත්වලා යන්න පුළුවන් එකක් නෙවේ. කයින්, වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් ම මනා කොට පිළිපදී කියන එක දක්වා ම සිහි කරන්න ඕනෑ.

ඒ පාර රහතන් වහන්සේ පෙන්නපු ආකාරයෙන් සිහි කළා. ඉතින් මේ වෙලාවට සමාධිය ඇති වෙලා තියෙනවා. දැන් ඉතින් මේ සමාධියෙන් ගැලවීම අපහසු බව පේනවා.

ඉතින් මේකෙ තර්කය යනු කුමක් ද? තක්කො නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පවත්වන්නේ ද එය ඉවත් කිරීමට සිතීම. උදාහරණයක් වශයෙන්, සමාපත්තියකට ඇලී ඇති අයකු, එය ඉවත් කිරීමට සිතනවා. ලෞකික වශයෙන් ඉතින් mundane පුද්ගලයෙක්, ඔය මත්පැන් නොබීමට සිතනවා.

ඊළඟට මේකේ විතක්කය මොකක් ද? directed thinking. එම දහම ඉවත් කිරීමට කළ යුතු යම් දෙයක් වේ ද ඒ ගැන සිතනවා. ඒ කියන්නේ සමාපත්තියට ඇලීම නොකිරීමට සිතනවා. සමාපත්තියට සමවදිනවා. නමුත් එහි නොඇලෙනවා. එය නොපවතී යැයි සිතනවා.

ඊළඟට මේකේ සංකල්පය කුමක් ද? මේ සඳහා යමෙකු හමු විය යුතු ද, අසා ගත යුතු ද, එම කටයුත්ත සඳහා සිත මෙහෙයවනවා. ඊළඟට ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සොයා යා යුතු යැයි හිතනවා. සූත්‍ර පිටක බැලිය යුතු යැයි කියලා හිතනවා.

අප්පණා mental fixity කියන්නේ කුමක් ද? එම කටයුත්ත සඳහා සිත බැස ගැනීමයි. බුදුහාමුදුරුවෝ සොයා යෑමට සිත බැස ගැනීම. සූත්‍ර පිටක බැලීමට සිත බැස ගැනීම. යමෙක් එපා කියලා කිව්වත් සූත්‍ර පිටක බලමියි කියලා සිතනවා. ඉතින් මේ දක්වා මෙනෙහි කළත් අර සමාපත්තියෙන් සිත ගලවා ගන්න නොහැකි වුණා.

ව්‍යාපනා කියන්නේ කුමක් ද? එම කටයුත්ත සඳහා යමක් එකතු කරගත යුතු ද, එහි සිත බැස ගැනීමයි. සූත්‍ර පිටක බලලා තමාට හොයා ගත හැකි කොටස් තම උත්සාහයෙන් හොයා ගන්නවා. ඒ කියන්නේ, දුක්ඛ table එකේ, 1 වෙනි column එක නොවිය යුතු කියලා සොයා ගන්නවා. මෙතෙන්දි සමාපත්තිය ඉවත් කිරීමට රුකුලක් ඇති වෙනවා.

ඊළඟට චෙතසො අභිනිරොපනා යනු කුමක් ද? මෙම කාරණය සඳහා අවශ්‍ය වන ධර්ම කොටස් මනා කොට සිහියේ තබා ගන්නවා. දුක්ඛ table එකේ, 1 වෙනි column එක නොවිය යුතු යැයි කියලා සතිය ඇති කරගන්නවා. ඔඩොක්කුව මෙන් සතිය, නොවිය යුතුයි.

මෙන්න මේක මනා කොට මෙනෙහි කරන්නේ, අරූප ධ්‍යානයෝ සමාධීන් පෙර විය. ඒවා මැරින. එම ධර්මයන් මගේ යැයි ගන්න නොවටින්නේ, නන්දි වීම නොවටී. නන්දි වීම නොවටින්නේ, දුක වන්නේ ද, සුඛ වන්නේ ද? මෙම ධර්මතාවය කාම සඤ්ඤා සිට අරූප ධ්‍යාන සමාධිය දක්වා ම යොදනවා.

අන්න මෙතෙන්දි සමාපත්තිය ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙ වචී සඞ්‌ඛාර වශයෙන් අදහස් වන්නේ, ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ. තණ්හාව නිසායි දුක ඇති වන්නේ කියන අත්දැකීම. මෙන්න මෙතෙන්දි සතිය උග්‍ර වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg