ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
Repair Bhavana. අපි පළමුවෙන් ම අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරනවා මේ ධර්මය අපිට ලබා දුන්නාට.
අපි දන්නවා කය repair කරන පථය රතු රේඛාවල්වලින් දැක්වෙනවා කියලා. ඒ පථය මතක් කරනවා නම්, මේ diagram එකේ තියෙනවා, පරිදේව වූ සංස්කාර, එතැන ඉඳන් එනවා පරාමාසකායගන්ථය. ඊළඟට නාමරූප කියන තැනට එනවා. එතකොට ඒකෙන් මේ සඤ්ඤාව සුඛයි කියලා පවසනවා. එතකොට මේ නාමරූපවලින් අපි පහළට එනවා සෝකය කියන තැනට. ඒ සෝකය මගින් මේ රූපය සුඛයි කියලා පවසනවා, මේ කබලිංකාර ආහාරයට.
එතකොට අපි 3 වෙනි slide එකට ගියොත්, ඒකේ පෙන්නා දීලා තියෙනවා, පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසනවා. සංස්කාර පරිදේව වන්නේ නම්, කෙසේ සඤ්ඤාව සුඛ වන්නේ ද?
Diabetic සැදිලා තියෙනවා. සංස්කාර මගින් මනා කොට ශරීරය හැදීම කළ නොහැකි ය. සඤ්ඤාව සුඛ නොවේ. මෙය මුසාවකි. මෙම මුසාව අත්තා කරගෙන සෝකය මගින් රූපය සුඛ යැයි පවසනවා. රූපයක සුඛයක් කොයින් ද, සුභයක්වත් නැතිකොට. විඤ්ඤාණය නොමඟ යවන ලදී.
එතකොට අපි පටන් ගන්නවා, පිරිසිදු විඤ්ඤාණය අහෝ ජීවිත ඉන්ද්රිය. දැන් මෙතන diagram එකක් එනවා, මනොසඤ්චෙතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්රිය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය. විහිංසා සඤ්ඤාව ජීවිත ඉන්ද්රිය ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ලකුණු වෙනවා. නිත්‍ය දිට්ඨිය අපි රතු පාටින් ලකුණු කරලා තියෙනවා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට.
ඊළඟට විඤ්ඤාණ ආහාරය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එනවා පදුට්ඨමනසඞ්කප්ප අගයෝ. ඊට පස්සේ අපි දන්නවා ඒක පරාමාසයට arrow එකකින් අපි ලකුණු කරලා තියෙනවා.
ඉතින් අපි පටන් ගන්නවා, මේ පිරිසිදු විඤ්ඤාණය, අහෝ ජීවිත ඉන්ද්රිය. ඉතින් මෙතන්දි මේ ජීවිත ඉන්ද්‍රියේ තියෙන අසරණ ස්වභාවය මෙනෙහි කරන්න ඕනෑ. සංස්කාර පරිදේව වන්නේ නම්, නිත්‍ය දිට්ඨි, පදුට්ඨමනසඞ්කප්ප අගයෝ මගින් ජීවිත ඉන්ද්රිය පැවැත්මක් නෑ. පරාමාසය තුළ දුක බව අව්‍යාපාද භාවනාවෙදි අපි වටහා ගත්තා. සෝකය තුළ මිසදිටු බව තියෙනවා.
ඉතින් ඕකත් අපි කලින් බලලා තියෙන භාවනාවක්. ඒකේ අපි දන්නවා, ඔය පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය මත පැවැතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨියේ ගැලීම තමයි ඔතන තියෙන්නේ. එතකොට ඒ සෝකය තුළ මිසදිටු බව තියෙනවා. මිච්ඡා දිට්ඨි බව.
ඊළඟට අපි පල්ලෙහාට එනකොට, ජරාව, දුකයි කියන එක. ගිද්ධිලෝභ රූප දක්වා ගමන් කරනවා ඒ පථය. දැන් අපි කියනවා, පිරිසිදු විඤ්ඤාණය රූපය ජරා වී ඇත. එය repair කරන්න යැයි අණ කර පවසනවා. මේ සඳහා අපි ඉද්ධි බල භාවිතා කරන්න ඕනෑ.
එතකොට අපි එහෙම නම් 4 වෙනි slide එකට ගියොත්, ඕගොල්ලන්ට පේනවා ඒ ඉද්ධි diagram එක. මේක අපි කලින් බලලා තියෙන, 2015 විතර සාකච්ඡා කරලා තියෙන diagram එකක්.
ඒකේ පේනවා ඡන්දය කියන එක ලකුණු කරලා තියෙනවා. ලණුවක් වාගේ දාලා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඉඳන් මෝහ අගතිය දක්වා. එතකොට සංස්කාර ඉවතලීම පළමුව ඡන්ද සමාධිය මගින් සිදු කරනවා.
මෙතෙන්දි කෙනෙක් කල්පනා කරන්න ඕනෑ, නිකම්ම මේක කියලා හරි යන්නේ නෑ. මේ පාණාතිපාතය අදත්තාදානය එහෙම අයින් කරනවා කියලා. ඒකත් අපි කල්පනා කරන්න ඕනෑ, පාණාතිපාතය එහෙම තියෙනවා නම්, අපි මෙතන මේ පල්ලෙහා අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට ගිහිල්ලා, ආපහු මේ විඤ්ඤාණයක් සකසනවා කියන එක. එතකොට, මම ඒක කරන්නේ නෑ. ඒ සංස්කාරයන් අයින් කරනවා. කුකුල් පට්ටිය දාන සංස්කාරයත් අයින් කරනවා වාගේ පාණාතිපාත අයින් කරනවා. අදත්තාදාන අයින් කරනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එහෙම යන්නේ නෑ. ගිහිල්ලා ආපහු විඤ්ඤාණයක් හදන එක කරන්නේ නෑ කියන එක. මේ විදිහට දස කුසලය ම හොඳට සිහි කරන්න ඕනෑ.
ඉතින් මෙතන, මේ දස කුසලය එහෙම සිහි කරනකොට ඕගොල්ලෝ දන්නවා, මේ මිච්ඡා දිට්ඨිය, කියන එක හිටන් අපි අයින් කරනවා. එතකොට අපි දන්නවා මිච්ඡා දිට්ඨිය සහ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා මේ විඤ්ඤාණය පැවැත්ම අභිජ්ඣා. එතකොට ඒක පරාමාසකායේ ඉඳන් මේ විඤ්ඤාණයට ඇඟිල්ල දික් කරන එක. ඒක අයින් කිරීම.
ඊළඟට ව්‍යාපාදය, අපි දන්නවා ව්‍යාපාද සඤ්ඤාව ලකුණු කරනවා මේ පරාමාසයේ ඉඳන් ඔය ජීවිත ඉන්ද්රිය දක්වා. එතකොට ඒ විඤ්ඤාණයක් හදන්න යන්නේ නෑ. අන්න ඒක හොඳට සිහි කරන්න ඕනෑ.
එතකොට මෙහෙම සිහි කළා ම සිත ප්‍රභාස්වර වෙනවා. එතකොට සංස්කාරයන්ගේ නිත්‍යභාවයක් නොවන්නේ, චිත්ත සමාධිය මගින් සංස්කාරයන්ගෙන් පෙර ඇති වුණා වූ ගැම්මක් ඇති ද, එය පහ කරනවා. පරාමාස නොවීමට වග බලා ගන්නවා.
පරාමාසය දුක බව අව්‍යාපාද භාවනාවෙදි වටහා ගත්තා. එසේ ම, වේදනාව දුක බව නෙක්ඛම්ම භාවනාවෙදි වටහා ගත්තා. අන්න ඒ කාරණා භාවිතා කරනවා. මේ චිත්තය ඕගොල්ලන්ට පේනවා මේ භය අගතියේ ඉඳන් පරාමාසකායගන්ථය, එතනින් අපි එනවා වේදනාව, වේදනාවෙන් ස්පර්ශය දක්වා ඒ චිත්තය. එතකොට, අර ගැම්ම පහ කරගෙන ආවා.
දැන් වේදනාව දුක බව දන්නේ, විරිය සමාධිය මගින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරනවා. මෙන්න මේක අපි ලකුණු කරන්න ඕනෑ, මේ ජාතියේ ඉඳන් වේදනාව දක්වා තියෙන රේඛාවේ, තමයි අපි ලකුණු කරගන්න ඕන එතන ඒ විරිය කියන කතාව.
එතකොට, මේ ජාති ඉඳන් වේදනා දක්වා තියෙන රේඛාවේ අපි ලකුණු කරලා තියෙනවා ආපහු ඡන්ද සමාධිය කියන එකත්. අන්න ඒක ප්‍රභාස්වර වෙනවා. එය ඉද්ධිපාද බවට පත් වෙනවා.
දැන් ඊළඟට මේ 3 වෙනියට ලකුණු කරලා තියෙනවා විරියක්, ඒ මනොසඤ්චෙතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට. දැන් මෙතන අපිට පේනවා, මේ ඡන්දය ඉද්ධිපාද වුණා ම අපි චේතනා කරන්න යන්නේ නැති වෙනවා. එතකොට දැන් අපි එහෙම නම්, විරිය මගින් අලුත් සංස්කාරයන් කියන ඒවා ඉවත් කරනවා.
එතකොට මේ විරිය ඉද්ධිපාදය කියන එක අනුෂ්ඨිත වෙනවා. ඒ කියන්නේ, මෙතන මේ hub එක නතර වෙනවා වාගේ දෙයක් සිදුවීමක් වෙන්න පුළුවන්, කෙනෙකුට. එතකොට, විමංසා ඉද්ධිපාදය මගින්, පදුට්ඨමනසඞ්කප්ප අගයෝ කියන ඒවා අයින් කරනවා. එතකොට ඔය ඔයගොල්ලන්ට පේනවා විමංසා ඉද්ධිපාදය ලකුණු කරලා තියෙනවා ජීවිත ඉන්ද්රිය ඉඳන් පරාමාසය දක්වා එන එක.
ඉතින් මෙහෙම ඉද්ධි බලයන්ගෙන් සමන්නාගත වෙනවා නම් ඒ විඤ්ඤාණයට repair කරන්නයි කියලා අණ කරලා පවසන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව. සාදු උතුම් බුදු පියවරුනි.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්