Date: 22/03/2020 Name: උපෙක්ඛා භාවනා

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

08/02/2020 අවිහිංසා භාවනාවේ, ජීවිත ඉන්ද්‍රියේ සිට ඉදංසච්චය දක්වා ලකුණු කරන විහිංසා සඤ්ඤාවට හිත යොමු වුණා. ඉතින් අපි දන්නවා මෙතන diagram එකක් තියෙනවා, මනොසඤ්‌චෙතනා ආහාරය ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය.

ඊළඟට විඤ්ඤාණ ආහාරය, ජීවිත ඉන්ද්‍රිය, පරාමාසකායගන්ථය. එතකොට විඤ්ඤාණ ආහාරයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට පදුට්ඨමනසඞ්කප්ප අගයෝ එනවා. එතකොට ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට විහිංසා සඤ්ඤාව. ඉදංසච්චය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය කියන එක අපි ලකුණු කරනවා.

ඉතින් ඔතන අපි සාකච්ඡා කළා, යම් නිත්‍ය දිට්ඨියක් නිසා ඇති වෙන බලපෑම මගින් වන චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ කිරීම නිසා විහිංසා සඤ්ඤා හටගන්නවා කියලා.

කාමෙසු තිබ්බසාරාගය සිහි කළා. එය ලකුණු වන්නේ, ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච රේඛාවේ. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම, අභිජ්ඣා. මෙය නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෙන් තල්ලු කර සුභ යැයි ගැනීම සිදු වෙන බවත්, කාමයන්හි තියුණු රාගය මෙයට හේතු වෙන බවත්, භයභෙරව සූත්‍රයේ දී සාකච්ඡා කළා.

විහිංසා සඤ්ඤාව සියුම් ය. π අකුරේ ධර්මය සටහන් කරන පථය තුළත් විහිංසා පාර, ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්චය ඇතුළත් වෙනවා. ඉතින් විවිධ ක්‍රමයට මේක බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ, මම බුදුපියා විමසුවා.

triangle දෙකකින් මේක සිදු වන බව පෙන්නුවා. ඒකෙ පළවෙනි triangle එක තමයි. පරාමාස චේතනා ජීවිත ඉන්ද්‍රිය පරාමාසකායගන්ථය කියන triangle එක. අපි කියමු ඒක A කියලා. ඊළඟට, දෙවෙනි triangle එකක් තියෙනවා, ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණ ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ආපහු ජීවිත ඉන්ද්‍රියට එන triangle එක. අපි කියමු ඒක B කියලා.

එතකොට, මේ වම් පැත්තේ A triangle එක නිසා, දකුණු පැත්තේ B triangle එක වෙන අතර, B නිසා A සිදුවීම කියන එක සිදු වෙනවා. දැන් ඔය A කියන triangle එක බැලුවොත්, ඔයගොල්ලෝ දන්නවා. පරාමාසකායගන්ථයේ ඉඳන් චේතනාවට අත්ත සඤ්ඤාව අපි ලකුණු කරනවා. චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අත්ත චිත්තය. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසකායගන්ථයට අත්ත දිට්ඨිය.

ඊළඟට ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට අපි නිත්‍ය සඤ්ඤාව. ඊළඟට විඤ්ඤාණ ආහාරයේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය චිත්තය. ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය, අන්න B triangle එකේ ලකුණු වෙනවා.

එතකොට දැන් මේ A වලින් B වෙන එක, B වලින් A වන එක, අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෑ. ඉතින් මේක වටහා ගන්න, 02/09/2015 මච්ඡරිය 3 භාවනාවේ ධර්ම කාරණා උදව් උපකාර කරගන්න පුළුවන්.

ඒ භාවනාවේ diagram එකක් තියෙනවා. අපි දන්නවා මේ ජරාවේ ඉඳන් වේදනාව කුලමච්ඡරිය එහෙම තියෙන line එක. එතකොට, එතැන ඉඳන් ඔය චේතනාවට ඒම කියන එක තියෙනවා වේදනාවේ ඉඳන්. වම් පැත්තෙන් සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එනවා.

එතකොට π අකුර ලකුණු වෙනවා. පරාමාසකායගන්ථය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අපි ඒක i යි කියලා ලකුණු කරගන්නවා. ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට අපි ii යි කියලා ලකුණු කරගන්නවා. මනොසඤ්‌චෙතනා ආහාරයේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට iii, අත්තා කියන එක ලකුණු කරගන්නවා.

එතකොට විඤ්ඤාණ ආහාරයට ආවා නම්, අත්තා කියලා, ඊට පස්සේ නිත්‍යයි කියලා ගන්නවා. ඒකේ පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රවය. දිට්ඨි ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවයෙන් මෝහ සල්ලයට එනවා කියලා අපි දන්නවා.

එතකොට ඒ 02/09/2015 මච්ඡරිය 3 භාවනාවේ දී පෙන්වා දෙනවා, කුලය අල්ලා ගැනීමට තුඩු දෙන නිත්‍ය ස්වභාවය, එනම් අත්තා විඤ්ඤාණගත වෙලා, මෝහ දක්වා ඒමයි. දැන් අපි මේ සඳහන් කළේ i, ii, iii. ඊට පස්සේ දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. මෙසේ A මගින් B වීම කියන එක පේනවා.

ඊළඟට අපිට පේනවා, අපිට අවිද්‍යා ආශ්‍රව වුවහොත්, area 6 වලින් area 1. එසේ නම් ලාභමච්ඡරිය වන බවත්, අභිජ්ඣා ඉවත් නොවන්නේ නම්, මෙයින් ගැලවීමක් නොවන බවත්, අපිට වැටහෙනවා. සම්මා දිට්ඨිය ඇති නම් මේක පහ වෙනවා.

එසේ ම area 1 වුවහොත් area 4 සෑදෙනවා. එසේ නම් අත්තා, විඤ්ඤාණගත වීම වැළැක්විය නොහැක. මෙසේ B මගින් A වීම කියන එක සිදු වෙනවා. මෙම දෙයාකාර ධර්මයන් A, B හොඳින් විමසන්නේ, මිය යන්නා වූ විඤ්ඤාණය හොඳින් වටහා ගන්නේ, පෙර අරූප ධ්‍යානවල සිට මිය ගියා නම්, නැවතත් මිය ගියේ කුමකට දැ යි විමසන්නේ, විහිංසාව මනා කොට වැටහෙනවා. නැවත උත්පත්තියක් නොවීමට නම් අභිජ්ඣා නොවීමට වග බලා ගත යුතුයි. මේ සඳහා 25/01/2020 නෙක්ඛම්ම භාවනාව මනා කොට වැඩිදියුණු කළ යුතුයි. ඉතින් ඒක තමයි භාවනාව.

ඉතින් මේ භාවනාව කරන්නේ, උපෙක්ඛාව ඇති වන්නේ, මනෝමය කායේ ඇහැ පෙනුණා. මෙසේ ටික වේලාවක් සිටින්නේ, උපෙක්ඛාවට එන තව ආකාර විමසිය යුතු යැයි සිහි කළා. එවිට මනෝමය කාය ඈනුම් අරින බව පෙනුණා. උපෙක්ඛා නිමිත්ත සිහි කළා. බොජ්ඣඞ්ගයෙන් උපෙක්ඛාව සිහි කළා. මනෝමය කායේ මුහුණ දැක්කා.

මේ භාවනාවට අනතුරුව repair භාවනාව කරන්නේ, ඡන්ද සමාධිය සංස්කාර ඉවත් කිරීම සිහි කරන්නේ, පාණාතිපාත එපා, මේ සමඟ B triangle එකෙන් A වීම එපා. අදත්තාදාන එපා, මේ සමඟ B triangle එකෙන් A වීම එපා. මේ විදිහට කාමයේ වරදවා හැසිරීම, මුසාවාද, පරුෂා වාචා, පිසුණා වාචා, සම්පප්‍රලාප. B වලින් A වීම එපා.

මිච්ඡා දිට්ඨි එපා. අන්න ඒ අවස්ථාවෙදි A වලින් B වීම එපා. අපිට පේනවා මිච්ඡා දිට්ඨිය ඔය පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අපිට එනවා නේ, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය පැවැත්ම අභිජ්ඣා කියලා. අන්න ඒ රේඛාවට එනවා.

එතකොට රහතන් වහන්සේ පෙන්නනවා මේ කාය සංඛාරයන්, වචී සංඛාරයන් සිහි කරනකොට පහළ සංස්කාර කොටසේ ඉඳන් අර B වලින් A වීම කියන එක සිහි කරන්න කියන එක. එතකොට චිත්ත සංස්කාර ගන්නකොට, මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද. ඒ තුනේ දී අපි බලනවා A triangle එකෙන් B වීම එපා කියන එක. එතකොට මේ වෙලාවෙදි, සිත බොහොම ප්‍රභාස්වර වෙනවා. මේක භාවිතා කරන්න පුළුවන් මේ repair කරන භාවනාවට.

ඒක තමයි මං කරපු භාවනාව.