ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවේ, රූප ඡන්ද, වේදනා ඡන්ද සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වූයේ, සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ, සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ, සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ, සිටී.
නා නා ලම්බන වශයෙන් මාන වීම, සිහි කළා. අපි ස්පර්ශයෙන් නාමරූප. නාමරූප නිසා ස්පර්ශයට යනවා. මානය මගින් එම ස්පර්ශයට තුඩු දෙන අගයන්, වර්ණනා කරනවා, සංස්කාරයන්ට අගය දීම මගින්. උදාහරණ වශයෙන් මාළු විකුණන මනුස්සයෙක්, වතුරේ ඉන්න මාළු දැකලා වර්ණනා කරනවා වගේ. එම ස්පර්ශය අගයනවා. වර්ණනා කරනවා.
01/07/2016 උපෙක්ඛා භාවනාවට සිත යොමු වුණා. දෙවෙනුව, යම් දහමක් පැවැත්වීමට ඇති කැමැත්තක් වේ ද, එය, සංස්කාර මගින් ම සිදු කරනු ලබයි. එම සංස්කාරයන්ට උපෙක්ඛා ඇත්තේ නම්, ඒවාට මාන නොවන්නේ, දිට්ඨි අනුසය පාර ඔස්සේ වේදනාවට පැමිණීමත්, එමගින් චේතනා වීමත් බැස යනවා. එසේ නම් රූපයට සුඛ යැයි නොකියන්නේ, එම රූපයන් කෙරෙහි, සිතේ හටගෙන ඇති සංකප්ප ධර්මයන්ට රාග නොවන්නේ, කාමච්ඡන්දය ගිලිහී යනවා. ඒ නිසා ම ව්‍යාපාද ධර්මයෝ ගිලිහී යනවා. අන්න ඒ ධර්ම කොටසට මනස යොමු වුණා.
යම් තථාගත ධර්මයක් වේ ද, එමගින් පෝෂණය වන මනසක, උපෙක්ඛා නිසා හටගත් ධර්ම කාරණා නිතර පැවැත්වීම සුදුසු වන බව, සම්මා සමාධිය මගින් පෙන්වා දෙනවා. එසේ නම් දුක්ඛ table එකේ 5.5 අත්තා වී, අපි පැමිණ සිටින 6.4, නාමරූප ස්ථානයේදි සෑදෙන සක්කාය දිට්ඨිය නිසා, ස්පර්ශය කරා නොයෑමට නම්, උපෙක්ඛාව භාවිතා කළ යුතුයි. කෙසේ ද?
සංස්කාරවලට මාන නොවීම මගිනි. සංස්කාරවලට මාන වන්නේ නම්, නිර්වාණය පලාස කරනවා. එමගින් ලාභමච්ඡරියත්, කුලමච්ඡරියත්, ඇති වන්නේ, විරිය සමාධියේ සතුරෝ දෙන්නා, කුලමච්ඡරිය සහ පලාසය හදා ගන්නේ, නිවනට යාමට විරියක් නැත. මේක හරි වැදගත් මේ කොටස. නිර්වාණය පලාස කරන්නේ නැහැයි කියන එක.
තව ද, සංස්කාරවලට මාන නොවන්නේ, දිට්ඨි අනුසය පාර ඔස්සේ, වේදනාවට පැමිණීම නතර වන්නේ නම්, සඤ්ඤාව සමඟ පෙළ ගැසීමක් 7.4 දී සිදු නොවන්නේ, නටන මනුස්සයා සිංදු සෙවීම නතර වන්නාක් මෙන්, පවතින්නා වූ විඤ්ඤාණ ධාරාව, ඒ කියන්නේ නටන මනුස්සයා, තවදුරටත් පැවතීමට, අහංකාරයක් නැති වේ. එසේ නම් ස්පර්ශය සමඟ පෙළ ගැසීමක් නොවන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. කුමක් නිසා ද? ජීවිත ඉන්ද්‍රියක් සකස් නොකරන බැවිනි.
මේක වටහා ගැනීමට, 08/02/2020 අවිහිංසා භාවනාවෙදි සාකච්ඡා කළ ධර්මය සිහි කරන්න ඕනෑ. මෙතෙන්දි මතකයි, අර මනොසඤ්‌චෙතනා ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්චය. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට අපි විහිංසා සඤ්ඤාව ලකුණු කරලා තියෙනවා. විඤ්ඤාණ ආහාරයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට පදුට්ඨමනසඞ්කප්ප අගයෝ එනවා. ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍යයි කියන දිට්ඨිය එනවා. යම් නිත්‍ය දිට්ඨියක් නිසා ඇති වෙන බලපෑම මගින්, චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ කිරීම නිසා, විහිංසා සඤ්ඤා හටගන්නවා. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය පැවැත්ම අභිජ්ඣා. මෙය නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෙන් තල්ලු කර, සුභ යැයි ගැනීම සිදු වන බවත්, කාමයන්හි තියුණු රාගය මෙයට හේතු වෙන බවත් සාකච්ඡා කළා.
මෙහි දී අභිජ්ඣාව නැති වීමත්, නාමකායේ පටිඝසම්‌ඵස්‌සයන් යන දෙයාකාර ධර්මයන්, ගිලිහී යෑම වන නිසා, spark වීමක්, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට අර π අකුරේ ධර්මය නොවන බැවිනි.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේ භාවනාව කරන්නේ, මණ්ඩලාධිපති බුදුපියා වැඩ සිටියා. නිතර නිරෝධයට ගියා. මුලින් උපනාහය කියන වචනය බුදුපියාගෙන් ඇහුණා. එයින් නිර්වාණය පලාස නොකළ යුතු යැයි, ඔය 01/07/2016 පළවෙනි කාරණාව සමඟ වැටහෙනවා. උපෙක්ඛා නිමිත්ත මගින් උපනාහය සහ එමගින් පලාසය නැති වීම, ඒකේ සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට අපි ඔය යම් රැකියාවක්, පොළොව හෑරීමක්, මැණික් ගැනීමක් වාගේ දේවල් වේ ද, අන්න එතෙන්දි අපි නිර්වාණය පලාස කරලා, ඒ මැණික් ගන්න කුලයට යනවා, කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්