Date: 03/04/2020 Name: Iddhi

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

“සත්තො ගුහායං” ගාථාවේ, රූප ඡන්ද, වේදනා ඡන්ද සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ සිටී.

නා නා ලම්බන වශයෙන් මාන වීම, සිහි කළා. අපි ස්පර්ශයෙන් නාමරූප. නාමරූප නිසා ස්පර්ශයට යනවා. මානය මගින් එම ස්පර්ශයට තුඩු දෙන අගයන්, වර්ණනා කරනවා, සංස්කාරයන්ට අගය දීම මගින්. උදාහරණ වශයෙන් මාළු විකුණන මනුස්සයෙක්, වතුරේ ඉන්න මාළු දැකලා, වර්ණනා කරනවා වගේ. එම ස්පර්ශය අගයනවා. වර්ණනා කරනවා.

සංස්කාරවලට මාන වන්නේ නම් නිර්වාණය පලාස කරනවා. එමගින් ලාභමච්ඡරියත් කුලමච්ඡරියත් ඇති වන්නේ, විරිය සමාධියේ හතුරෝ දෙන්නා, කුලමච්ඡරිය සහ පලාසය සාදා ගන්නේ, නිවනට යෑමට විරියක් නැත.

මෙම අර්ථයෙන් ම ඡන්ද සමාධියට ඇති හතුරෝ දෙන්නා සිහි කළා. අභිජ්ඣා සහ දොමනස්සය. යම් අභිජ්ඣාවක් වේ ද, එය නිවනින් පිටත දෙයක් ගැනීමට මිච්ඡා දිට්ඨිය මගින් ම නියම කිරීමකි. මෙසේ නිවනින් පිටත දෙයක් ගනී. එය ම හොඳ යැයි පවසයි. විඤ්ඤාණය එහි බැස ගනී. මෙසේ වන්නේ දොමනස්සය හටගනී. එයින් ව්‍යාපාදයත්, නැවත ජරාවත් සෙවීම ම ඇති වෙනවා. සම්මා වාචා, diagram එකත් එක්ක බලන්න පුළුවන්. එය ද නිවනින් පිටත ය.

චිත්ත සමාධියට ඇති හතුරෝ දෙන්නා සිහි කළා. ද්වේෂයත්, ව්‍යාධියත්. අපි ව්‍යාධියට පත්ව ඇත්තේ නම්, හිතමු virus හැදිලා කියලා, නිවනට මනස යොමු කිරීම අපහසුයි. විරියක් යෙදවීම අපහසු වන නිසා ය, තව ද එමගින් ද්වේෂය හටගන්නේ. පාණාතිපාත වැනි උපධි ඇති වන සංස්කාරයන් කරන්නේ එවැනි කුලයන්ට ඇලෙන්නේ, විරිය සමාධියේ හතුරන් ඇති කරගන්නවා. එවැනි චිත්තයක නිවනට යොමු වූ දහම් පැවතීම අපහසු ය. කුමක් නිසා ද? එවැනි චිත්තයක් විසිරී ඇති නිසා ය. පිසුණා වාචා වැනි ධර්මයන්ගෙන් මෝහය ඇති වන බව දත යුතු ය.

විමංසා සමාධියේ හතුරෝ දෙන්නා, මානය සහ අවිද්‍යාව සිහි කළා. අවිද්‍යාව තුළ පවතිනවා යන මෝඩ මතය ඇත. මෝහ ගලේ වැදී කුඩු වී ගියත්, පවතිනවා යන අදහස ඇත. එසේ නම් විඤ්ඤාණය නොපවතී යැයි ඡන්ද සමාධි අර්ථයෙන් පැවසුවත්, පවතිනවා යන හැඟීම අවිද්‍යාව තුළ ගැබ්ව ඇත. තව ද මානය ඇත්තේ, පාණාතිපාත වැනි සංස්කාරයන් ම අගයයි. එයින් පැවතීම පෙන්වයි.

මෙසේ විරිය සමාධියේ හතුරා වන කුලමච්ඡරිය ම නැවත සාදයි. විමංසාවේ යම් සෙලවීමක්, අඩු වීමක් වේ ද, ඒ ඡන්ද, චිත්ත, විරිය, ඉද්ධිපාද තුනට ම බලපායි. එය ඉහත පෙන්වා දී ඇති අයුරෙන් වටහා ගත යුතුයි.

ඒක තමයි භාවනාව.

එතකොට මේ භාවනාවේ මේ විමංසා සමාධියේ හතුරා වන අවිද්‍යාව සිහි කරන්නේ, මෝහ ගලේ වැදිලා කුඩු වෙලා ගිහිල්ලා තණ්හාව නමැති උල්පත විවෘත කරන්නේ, අන්න ප්‍රඥා බලය. අර 20/04/2016 ප්‍රඥා බල 3 ඒ මගින් තණ්හාවෙන් ඉවත් වෙලා හිටිය ද, විමුක්ති සහගතව හිටිය ද, එය වැසී යනවා. මෙසේ නිවන පලාස වෙනවා කියලා ඒ භාවනාව කළහමත් වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg