ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවේ, රූප ඡන්ද, වේදනා ඡන්ද සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ සිටී.
නා නා ලම්බන වශයෙන් මාන වීම, සිහි කළා. අපි ස්පර්ශයෙන් නාමරූප. නාමරූප නිසා ස්පර්ශයට යනවා. මානය මගින් එම ස්පර්ශයට තුඩු දෙන අගයන්, වර්ණනා කරනවා, සංස්කාරයන්ට අගය දීම මගින්. මාළු විකුණන මනුස්සයෙක්, වතුරේ ඉන්න මාළු දැකලා, වර්ණනා කරනවා වගේ. එම ස්පර්ශය අගයනවා. වර්ණනා කරනවා.
සංස්කාරවලට මාන වන්නේ නම් නිර්වාණය පලාස කරනවා. එමගින් ලාභමච්ඡරියත් කුලමච්ඡරියත් ඇති වන්නේ, විරිය සමාධියේ හතුරෝ දෙන්නා, කුලමච්ඡරිය සහ පලාසය සාදා ගන්නේ, නිවනට යෑමට විරියක් නැත. එසේ නම් සංස්කාර ඉවත් කර, නිවනට යාමට සිතක් ඇති කරගත යුතුයි.
“නිබ්බානං රතනංති කරිත්වා, ආශ්චර්ය භාවෙන අතුලං.” සංස්කාර ඉවත් නොකරන්නේ නම්, එම සංස්කාරයන්ට මාන වෙනවා. එසේ නම් උපෙක්ඛාව ඇති කරගත යුතුයි. නිවන රත්න කොට, මෙසේ නොවන්නේ ස්පර්ශය සමඟ පෙළ ගැසීම වන බව, උපෙක්ඛා 2 භාවනාවෙදි සාකච්ඡා කළා. 03/04/2020 ඉද්ධි භාවනාවේ විමංසා සමාධිය සිහි කළා.
විමංසා සමාධියේ හතුරෝ දෙන්නා, මානය සහ අවිද්‍යාව සිහි කළා. අවිද්‍යාව තුළ පවතිනවා යන මෝඩ මතය ඇත. මෝහ ගලේ වැදී කුඩු වී ගියත් පවතිනවා යන අදහස ඇත. තණ්හා නමැති උල්පත විවෘත කිරීම සිදු වෙනවා. මෙහි දී ප්‍රඥා බලය සිහි කළා.
යම් චේතනාවෙන් ඉවත් වීමක් වේ ද, එමගින් විඤ්ඤාණ, යථාභූත ඥාන, විමුක්ති සහගතව, ඉවත් කරන ලද තණ්හාවෙන් ඉවත් වී, නික්ම වී, සිටීමට ඇති හැකියාව ප්‍රඥා බලය නම් වේ.
මෙතෙන්දි ඉතින් diagram එක මතක් වෙන්න ඕනෑ. මෙතන තියෙනවා මේ සඤ්ඤාවේ ඉඳන් පරාමාසය, ඊළඟට වේදනාවේ ඉඳන් එතන ඒ නාමරූප කියන තැනට එනවා, එතන අපි තණ්හාව කියලා ලකුණු කරනවා. ඊළඟට සඤ්ඤාවේ ඉඳන් ඒ නාමරූප කියන තැනට අපි curved arrow වගේ එකක් දානවා, “අවිද්‍යා පච්චයා සඞ්ඛාරා” කියලා. චේතනා නොකළ යුතුයි. මේ සඳහා ඡන්ද ඉද්ධිපාදය අවශ්‍යයි. මෙසේ ඇති වන්නා වූ ප්‍රභාස්වර වූ මනස පැවැතීමට නම්, මානය ඉවත් කිරීමත්, එය සඳහා සම්මා ආජීවය, අවශ්‍ය බව වැටහෙනවා. මුදිතා භාවනාව මෙන් සිහි කරන්නේ, කූඤ්ඤය පවා දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.