ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවේ, රූප ඡන්ද, වේදනා ඡන්ද සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” ඉන් අනතුරුව, “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ සිටී.
නා නා ලම්බන වශයෙන් මාන වීම, සිහි කළා. අපි ස්පර්ශයෙන් නාමරූප. නාමරූප නිසා ස්පර්ශයට යනවා. මානය මගින් එම ස්පර්ශයට තුඩු දෙන අගයන්, වර්ණනා කරනවා. අපි පෙන්නුවා උදාහරණ වශයෙන් මාළු විකුණන මනුස්සයෙක්, වතුරේ ඉන්න මාළු දැකලා, වර්ණනා කරනවා වගේ. එම ස්පර්ශය අගයනවා. වර්ණනා කරනවා.
03/04/2020 ඉද්ධි භාවනාවේ ආකාරයට, විමංසා සමාධියේ හතුරෝ දෙන්නා. මානය සහ අවිද්‍යාව සිහි කළා. අවිද්‍යාව තුළ පවතිනවා යන මෝඩ මතය ඇත. මෝහ ගලේ වැදී කුඩු වී ගියත් පවතිනවා යන අදහස ඇත. එසේ නම් විඤ්ඤාණය නොපවතී යැයි ඡන්ද සමාධි අර්ථයෙන් පැවසුවත් පවතිනවා යන හැඟීම අවිද්‍යාව තුළ ගැබ්ව ඇත. යමෙක් ප්‍රඥා බල භාවිතා කර තණ්හාවෙන් ඉවත් වී සිටියා ද, අවිද්‍යාව නිසා එය වැසී යනවා, තණ්හාව නමැති උල්පත විවෘත කරනවා.
බුදුපියවරු නිතර ම නිවන අරමුණු කර වාසය කරනවා. අපි නිවනින් පිටත අරමුණු ගෙන පවතී යැයි යන මතය මත සිටිනවා. ඇයි මෙසේ සිටින්නේ? කාම සිතිවිලිවලට යට වීම නිසා ද? මිච්ඡා ආජීවය නිසා ද? දුස්සීලභාවය නිසා ද? අපි ධ්‍යාන තලවල වාසය කර ඇත. එනමුදු රූප සහිත දේ අගයනවා නේ ද? මෙසේ විමසා බැලීමේ දී තණ්හාව නිසා යන පිළිතුර විද්‍යාමාන විය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.
25/12/2019 නිබ්බාන භාවනාවේ තණ්හා පපඤ්ච, දිට්ඨි පපඤ්ච සිහි වුණා. අපි දෙපැත්තකට ගලන දිය පහරක් අතර සිටිනවා. උඩ එක පැත්තකට යන දිය ධාරාවකි. පහළ එයට විරුද්ධ පැත්තට යන දිය පහරකි. උඩ රූප, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ. පහළින් අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව. මෙම ජල පහර දෙස බලා සිටින්නේ එය slow විය. සිතුවිලි තුනී විය. ප්‍රඥා බලය නැවතත් සිහි විය.
යම් චේතනාවෙන් ඉවත් වීමක් වේ ද, එමගින් විඤ්ඤාණ, යථාභූත ඥාන, විමුක්ති සහගතව, ඉවත් කරන ලද තණ්හාවෙන් ඉවත් වී, නික්ම වී, සිටීමට ඇති හැකියාව, ප්‍රඥා බලය නම් වේ. සඤ්ඤාවෙන් ඉවත් වීමෙන්, චේතනාවෙන් ඉවත් වේ. සඤ්ඤාවෙන් ඉවත් වීම, ප්‍රඥා විමුක්තිය මගිනි. සඤ්ඤා අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. සමාධිභාවනා සූත්‍රය අර්ථයෙන් බැලුවා. මේ සමඟ නිරෝධය ඇති වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.