පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
01/05/2020 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේදි සාකච්ඡා කළා, පදුට්ඨමනසඞ්කප්ප අගයෝ විඤ්ඤාණයේ සිට ජීවිත ඉන්ද්රිය දක්වා පැමිණෙන්නේ, එම අගයන්ට පරාමාසය සිට ජීවිත ඉන්ද්රිය දක්වා පැමිණෙන්නා වූ අගයන් මුසු වන්නේ, anticlockwise කැරකවීම සිදු වෙනවා. මෙය රූපය කරා ගමන් කිරීම ලෙස සිතිය යුතු ය. එතකොට ඒ පරාමාසය ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා ඒ මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද සඤ්ඤා අගයන් පැමිණෙනවා.
ඉතින් මෙතන මේ π අකුරේ මේ ධර්මය, මේ පහළින් එන කෑල්ල විදිහට ඇඳගන්න පුළුවන්, ඒ ජීවිත ඉන්ද්‍රියට පහළින්. අර පදුට්ඨමනසඞ්කප්පය අර උඩ තියෙනවා නේ triangle එකක්, චේතනා විඤ්ඤාණ ජීවිත ඉන්ද්රිය, ඒකේ කොටසක් හැටියට ගන්න පුළුවන්. එතකොට තමන්ට තේරෙනවා, මේක මේ anticlockwise කැරකෙනවා කියන එක.
ඉතින් මේක මේ advanced 2 program එකේ සාකච්ඡා කළ, backward wave එක නේ ද කියලා වැටහුණා. 5.3 දී reverse වෙලා පැමිණෙන wave එක, එහි A2 පැත්ත ගැන සිතන්න. A ඉඳන් B දක්වා trigger වීමට පසුව, මෙය සිදු වෙනවා. විඤ්ඤාණ ධාරාව A2 සමඟ සම්බන්ධ වන ධර්මයන් සොයනවා. ඊළඟට, දෙවෙනුව චේතනා ජීවිත ඉන්ද්රිය, ඉදංසච්ච ජීවිත ඉන්ද්රිය වන්නේ, clockwise භ්‍රමණය කියන එක වෙනවා. මෙය මෝහය කරා ගමන් කිරීම ලෙස සිතන්න ඕනෑ.
ඉදංසච්ච ජීවිත ඉන්ද්රිය දක්වා නිත්‍ය දිට්ඨිය පැමිණෙන අතර චේතනා ජීවිත ඉන්ද්රිය දක්වා නිත්‍ය දිට්ඨිය නිසා වන බලපෑම මගින් වන චේතනා අගයෝ පැමිණෙනවා. මෙය forward wave එක කියලා වැටහුණා. එතකොට B වලින් A trigger වීම වූ පසු, “විඤ්ඤාණ ධාරාව තුළ රූපය ගැන යම් හැඟීමක් ඇති ද, එම අගයෝ පැවැත්විය යුතු බව, මෝහය විසින් අණ කර පෙන්වා දෙන” බව බුදුපියා පැවසුවා.
A2 සහ C2 පෙළ ගැසීම මනා කොට සිදු නොවේ. මෙය තේරුම් ගැනීමට පටිඝානුසය භාවනාව 23/10/2015, එහෙම නැත්නම් glossary item එක බලන්න පුළුවන්. ඒකේ පෙන්නනවා ජාති වේදනා නාමරූප පෙළ ගැසීම නොවන්නේ නම්, පටිඝානුසය ඇති වෙනවා. පෙළ ගැසීම කියලා කියන්නේ, පහත දැක්වෙන A සහ B ධර්මයන්ගේ පෙළ ගැසීම වේ.
A සුභ, නාමරූප ලකුණු කරන තැන. නිත්‍ය, පදුට්ඨමනසඞ්කප්පය. B සුඛ, වේදනාව ලකුණු කරන තැන. නිත්‍ය, පරිදේවය ලකුණු කරන තැන. එතකොට A සහ B ධර්මයෝ පෙළ නොගැසේ.
ඔරලෝසුව නැති වූ විට, මාමා පෙර තිබූ එකට වඩා වටිනා ඔරලෝසුවක් දුන්නත්, පෙර තිබුණා වූ ඔරලෝසුවේ චාම් බව හෝ දෙමවුපියන් අරන් දුන් බව හෝ තමා උපයා ගත් බව හෝ නිසා එහි වටිනා කමක් ඇත. එය මාමාගේ ඔරලෝසුවෙන් නොලැබෙයි. මේ නිසා පටිඝානුසය ඇත. ආශ්‍රව නැසුවා වූ රහතන් වහන්සේලා හැරුණු කොට අන් අය පටිඝානුසයෙන් යුතුව ම වාසය කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්