Date: 22/05/2020 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම 15/05/2020 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය anticlockwise කැරකැවීම, backward wave ඒක සිහි කළා. රූපය කරා යෑම. Backward wave, A2 පැත්ත. විඤ්ඤාණ ධාරාව A2 සමඟ සම්බන්ධ වන ධර්මයන් සොයනවා. ඉතින් මෙතන අපි දන්නවා, මේ diagram එක පරාමාසය ජීවිත ඉන්ද්‍රිය එතන මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද සඤ්ඤා. විඤ්ඤාණයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට පදුට්ඨමනසඞ්කප්ප අගයෝ එනවා.

Backward wave, advanced 2 program එකේ දි, විඤ්ඤාණ චේතනා සඤ්ඤා රූප, වශයෙන් අපි බලලා තියෙනවා. මෙයට අමතරව තවත් ආකාරයකට backward wave එක වැටහුණා. මෙය 31/05/2015 ආශ්චර්ය අද්භූත ධර්මයේ සාකච්ඡා කරලා තියෙනවා.

ඉතින් මෙතන මේ diagram එකක් එනවා, අපි ඒ diagram එක මේකත් එක්ක සම්බන්ධ කරලා දෙනවා.

s_MM_backwardWave.jpg

ඒකේ තියෙන්නේ අර ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණ ඉදංසච්චාභිනිවෙසකායගන්ථය. එතකොට ඒකේ පරාවර්තනයක් තියෙනවා, අපි 1 වෙනි triangle එක 3යි කියලා ගත්තොතින්, එතන විඤ්ඤාණ උද්ධච්ච ඉදංසච්චාභිනිවෙසකායගන්ථය කියලා ඒ පරාවර්තනයක් තියෙනවා. ඉදංසච්චාභිනිවෙසකායගන්ථ විඤ්ඤාණ රේඛාව හරහා පරාවර්තනය වුණොත්.

ඉතින් මේ triangle එකේ අපිට ලකුණු කරගන්න පුළුවන්, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් විඤ්ඤාණයට a, විඤ්ඤාණයේ ඉඳන් උද්ධච්චයට b, උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට c කියලා.

ඉතින් අපි ඔය triangle එකට 3A කියලා කිව්වොත්, ඒ triangle එක කැරකැවුවොතින් ඉදංසච්චාභිනිවෙසකායගන්ථය වටා, 90°ක් කැරකෙනකොට අපිට පේනවා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, විඤ්ඤාණය එතන a1 කියලා ලකුණු කරන්නට පුළුවන්. ඊට පස්සේ විඤ්ඤාණයේ ඉඳන් උද්ධච්චයට b1 කියලා ලකුණු කරන්නට පුළුවන්, උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට c1 කියලා ලකුණු කරන්න පුළුවන්. අර a, b, c දැන් a1, b1, c1 වෙනවා.

මේක තවත් කැරකුණහම, එතෙන්දි අපිට එනවා 3C කියලා triangle එකක්. ඒකේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් පරිදේවයට a2, එතන තමයි විඤ්ඤාණයත් වැටෙන්නේ. ඊට පස්සේ පරිදේවයේ ඉඳන් පරාමාසකායගන්ථයට b2. පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට c2 කියලා වැටෙනවා.

දැන් ඔය 3A triangle එකේ, ත්‍රිකෝණයේ b කියන එක බැලුවොත්, ඒකේ අපිට පේනවා පෙර වූ අවිද්‍යාවට, දැන් වූ අවිද්‍යාව එකතු වෙලා තියෙනවා. පෙර නිත්‍ය, දැන් නිත්‍ය නිසා, උද්ධච්ච මාන වෙලා තියෙනවා. C කියලා කියන්නේ, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට රූපයේ ජරා අගය එනවා. ඒක line a හරහා පරාවර්තනය වෙලා c වල රූපයේ ජරා අගය තියෙනවා. එතකොට ඒක අපි උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට c කියලා ලකුණු කරලා තියෙනවා.

ඉදංසච්චය කේන්ද්‍රය කරගෙන කැරකීම, 1 වෙනි කැරකීම අපි සාකච්ඡා කළා. ඒකේ a1, b1, c1. එතෙන්දි diagram එක බලන්න. දෙවෙනි වරටත් කැරකුවහම, a2, b2, c2 වෙනවා. දැන් ඒක අපි පෙන්නුවා. පරාමාස ඉදංසච්ච පරිදේව. දැන් මෙතැන ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට අපිට පේනවා, a2, කිව්වහම line 5. ඊට පස්සේ පරිදේවයේ ඉඳන් පරාමාසයට b2. එතකොට පරාමාසයේ එතන උද්ධච්චය තියෙනවා.

එහෙම නම් මේ backward wave එක, අපිට ඇඳගන්න පුළුවන්, දැන් bell shaped curve එකක්, ඒකේ A2 කියලා දානවා අර උද්ධච්චය. ඊට පස්සේ C2 කියලා දානවා, පරිදේවය. ඒකෙ මැද්දේ, peak එක වගේ තියෙන්නේ ඉදංසච්චය. උද්ධච්චය සමාධිය නිසා වන, අවස්ථාව සලකන්න.

එය A2 ය. එය පරිදේව වී backward wave එකේ C2 වෙලා තියෙනවා. මෙසේ සමාධිය නිසා විඤ්ඤාණයේ සිට මෝහ අගතිය දක්වා backward wave එක සෑදීම සිදු වෙන බව වටහා ගත්තා. මෙය දැකීම සමඟ, ඵල චිත්තය නැංවීමත්, සිත lock වීමත් කියන එක සිදු වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

MM_01_05_2020_D1.jpg