Date: 28/05/2020 Name: Nibbana

පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම 15/05/2020, නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ දෙවෙනි කාරණය සිහි කළා. ජීවිත ඉන්ද්‍රිය clockwise භ්‍රමණය මෝහය කරා ගමන් කිරීම. B ඉඳන් A trigger වීමට පසුව, forward wave එක. විඤ්ඤාණ ධාරාව තුළ රූපය ගැන යම් හැඟීමක් ඇති ද, එම අගයෝ පැවැත්විය යුතු බව මෝහය විසින් අණ කර පෙන්නා දීම. Forward wave එකේ C2 පැත්ත.

ඉතින් අපිට පේනවා මෙතන ඒ diagram එක, ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය යටින් එනවා. චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට arrow එකක් එනවා, ඒක දික් කළා ම, විහිංසා සඤ්ඤාව ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට එනවා. ජීවිත ඉන්ද්‍රිය clockwise භ්‍රමණය වන විට, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය anticlockwise භ්‍රමණය වෙනවා. ඉතින් මේකට මේ diagram එකක් දෙනවා.

s_MM_ForwardWave.jpg

එතකොට මෙසේ anticlockwise භ්‍රමණය වීම මගින්, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඉඳන් විඤ්ඤාණය දක්වා අපි a කියන රේඛාව අපි ලකුණු කරනවා. ඒ පෙර නිත්‍යභාවය සනාථ කරනවා. එමගින් දිට්ඨි ආශ්‍රව ඇති වෙනවා. ඉතින් මේ diagram එකේ පේනවා, මේ 3C කියන triangle එක, ඒක anticlockwise කැරකීමෙන් 3B කියන එක හැදෙනවා. 3B කියන triangle එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථය වටා anticlockwise කැරකීම මගින් 3A කියන triangle එක සෑදෙනවා. එතකොට අර නිත්‍යයි කියන එක සනාථ වෙනවා.

එතකොට, එහෙම වුණා නම් දැන් දිට්ඨි ආශ්‍රව ඇති වෙනවා. දිට්ඨි ආශ්‍රව ඇති වන්නේ, ඉන් අනතුරුව, 25/08/2018 නිබ්බාන භාවනාව මෙන් ධර්මය වටහා ගත යුතුයි. ඒ කියන්නේ, දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය, දිට්ඨි සල්ලයෙන් සඤ්ඤාව, එතනින් චේතනා ඒ පාර අත්තා, ඉන් අනතුරුව සඤ්ඤාව, සනාථ කරනවා.

නැවතත් දිට්ඨි ආශ්‍රව වීම පළමුව සිදු වෙනවා. එනම් සුඛ යන සඤ්ඤාව, කාම ආශ්‍රව දක්වා යෑම පළමුව සිදු වෙනවා. දිට්ඨි ආශ්‍රව කාම ආශ්‍රව වීම මගින් මෙය සිදුවීම 07/11/2015 භූත භාවනාවේ දී සාකච්ඡා කරලා තිබෙනවා. භය අගති කරා යෑම දෙවනුව සිදු වෙනවා. භය අගති, දිට්ඨි අනුසය පාර වේදනා, එතනින් රූප. වේදනාව සුඛ යැයි පවසන්නේ, රූප සොයා යාම සිදු වෙනවා. රූපය සුඛ යැයි පවසනවා. එය රූපය ලාභය වශයෙන් ගැනීමට තුඩු දෙනවා.

ඉතින් මෙතන අපිට පේනවා, ඒ දිට්ඨි ආශ්‍රවයෙන් භය අගතිය සෝකය වේදනා සුඛ. අනිත් පැත්තෙන්, දිට්ඨි ආශ්‍රව කාම ආශ්‍රව රාග සල්ල එතනින් රූප. මෙසේ forward wave එක ජාති සිට රූප දක්වා යාම වැටහෙනවා. ඉතින් මෙතන curve එකක් එනවා. Bell shaped curve එකක්. එතන A2 කියන එක capital A2, ඒක තමයි මෝහය මගින් අණ කර පැවසූ රූප අගය. ඒ පාර ඒ curve එකේ peak එක, ඒක නන්දි අගය, ඒ C2 කියන එක පරිදේවය. ඒ භ්‍රමණය පටන් ගත්ත තැන තමයි අපිට පේන්නේ එතන C2 කියලා. එතකොට, ඉතින් මේක කෙනෙකුට අර රූප නන්දි curve එකත් එක්ක සසඳා බලන්නත් පුළුවන්.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

MM_01_05_2020_D2.jpg