ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
තථාගතයන් වහන්සේලා පහළ වීම, දැකීම, බුදුවරුන්ගෙන් බණ ඇසීම, දුර්ලභයි. අකනිට්ඨාවේ බුදු පියවරුන්ගේ ධර්මය දැන ගැනීම මනුස්සයින්ට දුර්ලභයි. මේ ගැන සිතා, විශාල ශ්‍රද්ධාවක් බුදුපියවරු ගැන ඇති වුණා. අද කාලයේ මෙම දුර්ලභ අවස්ථාව නොලැබී, බියට පත් වී ඇති අයකු පැවසූ දෙයක් නිසයි මෙය ඇති වුණේ.
ශ්‍රද්ධා බලය සිහි විය. ප්‍රඥා බල, සති බල භාවනා මගින් ඇති වන්නා වූ යම් දහමක් වේ ද, ඒ නිසා ඇති වන්නා වූ යම් ශ්‍රද්ධාවක් වේ ද, මෙය ශ්‍රද්ධා බලය නම් වේ. එමගින් සති ධර්මයෝ සහ ප්‍රඥා ධර්මයෝ බොහෝ කල් පවත්වනවා. ප්‍රඥා බලය පැවතීමට නම්, සති බලය තිබිය යුතුයි. “අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වන්නේ නම්, මගේ යැයි ගන්න වටින්නේ ද? මගේ යැයි ගන්න නොවටින්නේ, නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය.” යන්න ප්‍රඥාවට ඒත්තු ගැන්වීම සිහි කර දීම, සති බලය මගින් සිදු කරයි.
28/05/2020 නිබ්බාන භාවනාවේ නන්දියට සිත යොමු වුණා. ඒකේ bell shaped curve එකක් තියෙනවා. අපි වම් පැත්තේ A2 කියලා ලකුණු කළා. එතන මෝහය මගින් අණ කර පැවසූ රූප අගය. Peak එක, නන්දිය, ඊට පස්සේ C2 පරිදේවය. එතකොට මේ මෝහය මගින් අණ කර පැවසූ රූප අගය, මේ රූප අගය නොසෙවීමට නම් භය අගති නොවිය යුතුයි. ඒ සඳහා දිට්ඨි ආශ්‍රව නොවිය යුතුයි. ඒ සඳහා නිත්‍ය නොවිය යුතුයි. ඒ සඳහා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය වටා වාමාවර්ත ව කැරකීම නොවිය යුතුයි.
මෙසේ 28/05/2020 භාවනාව ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්නේ, ඉතා ම ශාන්ත ස්වභාවයකට මනස පත් විය. තැන්පත් විය. නිරෝධය ඇති විය. මෙම තත්වය දවස පුරා ම පැවැත්විය හැකි බව වැටහුණා. කුමක් නිසා ද? “හානියක් නොවන අයුරින් උද්ධච්චය ඉවත් කළ හැකි නිසා,” බව බුදුපියා පැවසුවා. සමාධිය ඉවත් කිරීම එකකි. අනුලෝම වශයෙන් බැලීම නිසා ඉවත් වීම තව එකකි.
ඒක තමයි මං කරපු භාවනාව.