ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
06/06/2020 ධම්ම සාකච්ඡාවේදි 28/05/2020 නිබ්බාන භාවනාවේ forward wave එක සඳහා උදාහරණයක් සාකච්ඡා කළා. ඒ කියන්නේ මුසාවාදය බලපු උදාහරණය. සුභයට නිත්‍ය එකතු කරලා, සුඛයි කියන එක ඇති වෙනවා. එතකොට, පළවෙනි කාරණයට අපිට පේනවා, මේ 3C triangle එක, ඒකට බලන්න ඕනෑ ඒකේ සුභ c2 රේඛාව වරදවා වටහා ගත් සුභය ඉදංසච්චගත වෙනවා. උද්ධච්චය මෙයට උදව් උපකාර කරනවා, පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට c2.
දෙවෙනි කාරණයට අපි බැලුවා, නිත්‍ය කියන එක 3B triangle එක, බලන්නයි කියලා. ඒ b1 රේඛාව සලකන්න. එතකොට එතන අපිට පේනවා මේ ධ්‍යානයන් පවතින නිසා විඤ්ඤාණය බොහෝ කල් පවතී යැයි කියලා සිතනවා. එතන triangle එක ඉදංසච්ච විඤ්ඤාණ උද්ධච්ච. එතකොට b1 කියන එක, ඒ විඤ්ඤාණයයි උද්ධච්චයයි අතරට එනවා.
ඊළඟට, තුන් වෙනි කාරණයට මේ තුන් වෙනි triangle එකයි, මේ 3A triangle එකයි බලන්න කියන එක කිව්වා. ඒකේ ඉදංසච්ච විඤ්ඤාණ රේඛාව දෙපැත්තෙන් අපිට පේනවා වම් පැත්තෙන් ජීවිත ඉන්ද්‍රිය, දකුණු පැත්තෙන් උද්ධච්චය. එතකොට සුඛ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය පවතී යැයි උද්ධච්ච වෙලා සිටිනවා. පෙර නිත්‍ය සහ දැන් නිත්‍ය. එතකොට පෙර නිත්‍ය කතාව උද්ධච්චය සිට පැමිණියා. ඒ දැන් නිත්‍ය මේ ජීවිත ඉන්ද්‍රිය නිසා තියෙන එක. මෙසේ අත්තවාද උපාදාන වෙනවා.
එතකොට 12/02/2016 උපාදාන භාවනාවේ සඳහන් වන ධර්මතාවය සමඟ මෙය සසඳා බැලිය හැකි ය. එහි සඳහන් වන AKDS වුණාට පස්සේ, ඒ කියන්නේ අත්තවාද උපාදානයෙන් කාම උපාදානය. කාම උපාදානයෙන් දිට්ඨි උපාදානය. දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානය, ඒක අපි බැලුවා. ඒක වුණාට පස්සේ, අපිට පේනවා මේ සීලබ්බත උපාදානය වූවා නම්, පරාමාස භය අගති, අත්තා වීම මගින් නැවතත් කාම උපාදානය වීම. අන්න ඒක අපිට මේ triangle 3C සමඟ සසඳා බලන්න පුළුවන්.
දැන් ඔතන අපිට diagram එක වශයෙන් අපිට පේනවා, වේදනාවෙන් චේතනා පරාමාස. පල්ලෙහා පරාමාස ඉඳන් භය අගතියට අත්තා. ඒ අත්තා කියන තැන අපි කාම උපාදානය ලකුණු කරනවා. එතකොට අන්න එතන triangle 3C. ඒකත් එක්ක සසඳනවා.
යම් දහමක් පරාමාස වන්නේ නම්, එය ද සුභය නිසා ම ඇති වන්නකි. එසේ නම් සුභය ම අත්තා කර ගනී. ඉන් අනතුරුව, දිට්ඨි උපාදාන වීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මෙතන අපිට පේනවා පරාමාස ඉඳන් චේතනාවට අත්තා. චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට නිත්‍යයි කියලා එනවා. අන්න එතෙන්දි තමයි 3B කියන එක සම්බන්ධ වෙන්නේ. විඤ්ඤාණ වුණා නම්, අපිට අත්තවාදු උපාදානය පහළට එනවා. එතකොට පරාමාස අත්තා චේතනා වීමෙන් නිත්‍ය යන සංකල්පය ඔය භාවනාවේ forward direction කියලා ලියලාමත් තියෙනවා, ඒ කාලේ.
චේතනා සිට විඤ්ඤාණය දක්වා නිත්‍ය වීම, 3B triangle එකත් සමඟ සසඳනවා, b1 රේඛාව. එතකොට එතන ඉදංසච්ච විඤ්ඤාණ, පල්ලෙහා උද්ධච්චය එතන b1. විඤ්ඤාණයයි උද්ධච්චයයි අතර. ධ්‍යානයන් පවතින නිසා විඤ්ඤාණය බොහෝ කල් පවතී යැයි කියලා සිතනවා.
එමගින් නැවතත් අත්තවාද උපාදානය වීම කියන එක සිද්ධ වෙනවා. මේක 3 සහ 3A triangle සමඟ සසඳනවා. එතකොට ජීවිත ඉන්ද්‍රිය වම් පැත්තේ තියෙනවා. උද්ධච්චය දකුණු පැත්තේ තියෙනවා. ඉදංසච්ච විඤ්ඤාණ රේඛාව මැද්දේ තියෙනවා. එතකොට සුඛ ජීවිත ඉන්ද්‍රිය පවතී යැයි කියලා අපි උද්ධච්ච වෙලා සිටිනවා.
එතකොට අත්තවාද උපාදානය මගින් අනෙකුත් උපාදාන කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒ අනෙකුත් උපාදාන වීම hub එක මගින් වන භ්‍රමණය ලෙසත් කාම උපාදානය, මගින් වන ක්‍රියාවලිය, යම් රූපයක් අළලා, pond එක මගින් වන භ්‍රමණය ලෙසත් සැළකිය හැකියි, කියලා ඒ භාවනාවෙදි සාකච්ඡා කරලා තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්