Date: 19/06/2020 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

“සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.” පරිඤ්ඤා තුන් ආකාර වෙනවා. ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, ප්‍රහාණ පරිඤ්ඤා. ඥාත පරිඤ්ඤා කවරේ ද යත්. මෝ කාම සඤ්ඤාය, මෝ ව්‍යාපාද සඤ්ඤාය, විහිංසා සඤ්ඤාය, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සඤ්ඤාය. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සඤ්ඤා කියලා සඤ්ඤාව දැනගනී. මෙය ඥාත පරිඤ්ඤා නම් වේ.

තීරණ පරිඤ්ඤා කවරේ ද යත්. මෙසෙයින් සඤ්ඤාව ප්‍රකට කොට දැන අනිච්ච හෙයින් සිතයි, දුක්ඛ, රෝග, ගණ්ඩ, සල්ල, අඝ, ආබාධ, පර, ශුන්‍ය, අනත්ත, සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය හෙයින් සිතනවා. මේක තීරණ පරිඤ්ඤාව.

ප්‍රහාණ පරිඤ්ඤා කවරේ ද යත්. මෙසෙයින් ප්‍රකට කොට දැන, මෙසෙයින් තීරණ කොට සඤ්ඤාවේ ඡන්දරාගය දුරු කරනවා. බැහැර කෙරෙනවා. විඝාත කරනවා. අභාවයට පමුණුවනවා. එතකොට මේ ආකාරයට මේ ධර්මය මෙනෙහි කරලා බලන්න ඕනෑ, අර තීරණ පරිඤ්ඤාවෙන් අනිච්ච, දුක්ඛ ආදී වශයෙන්.

කාම සඤ්ඤාව විමසලා බැලුවා. කාම ධාතුව නිසා කාම සඤ්ඤාව. අපායේ සිට දිව්‍ය ලෝකය දක්වා බැසගෙන ඇති යමක් වේ ද, එය කාම ධාතුවට ඇතුළත් වෙනවා. කාම සඤ්ඤාව, වේදනාව සහ අසම්පජානය අතර ලකුණු වෙනවා. ඉතින් අපි දන්නවා, මෙතන, diagram එකක් තියෙනවා. එතකොට ඒ ජරා වේදනා අසම්පජාන රේඛාවේ උඩ කාම සඤ්ඤාව. එතකොට ඔය වේදනාව තියෙන තැන සුඛයි කියලා එනවා. එතනින් ජරාව වේදනාව අතර පටිඝානුසය ලකුණු වෙනවා.

ඊට පස්සේ අපි දන්නවා මේ පරාමාසකායගන්ථය, එතන විඤ්ඤාණ ආහාරයේ ඉඳන් පදුට්ඨමනසඞ්කප්පය, එතන අපි නිත්‍යයි කියලා ගන්න එක ලකුණු වෙනවා. ඊළඟට නාමරූප තියෙන තැන සුභයි කියන එක ගන්නවා. පරිදේවය එතන නිත්‍යයි කියලා ගන්නවා. මේක අපි පටිඝානුසය සාකච්ඡා කරන වේලාවෙදි ඒ diagram එක බැලුවා.

එතකොට, දැන් අපිට පේනවා, මේ කාම සඤ්ඤාව නිසා ඇති වෙන්නේ දොමනස්සය පමණයි. ආශ්‍රව නොනැසූ සියලු සත්වයන්, පටිඝානුසය සහිතව ජීවත් වෙන බැවින් එම සත්වයෝ පටිඝානුසය සමඟ ජීවත් වෙනවා. එවැනි සත්වයන්ට තණ්හාව නිසා දුක ඇති වන බව නොදැනීම, සුඛයි. එනම් අසම්පජානකාරීත්වය සුඛයි. මේ වෙනකොට නළල මැද හොඳින් දැනෙනවා. මෙය මනා කොට වැටහෙන්නේ, අත්හරිනවා හැර වෙන කිසිවක් නැතැයි වැටහෙන්නේ නෙක්ඛම්මයට සිත යොමු වුණා. 25/01/2020 නෙක්ඛම්ම භාවනාව මෙන් ඉතුරු භාවනා කොටස කරගෙන ගියා.

ඒක නැවතත් මෙනෙහි කරනවා නම්, නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සඤ්ඤාව උපදිනවා. එතකොට ඒකේ පෙන්නනවා, මේ නෙක්ඛම්ම පටිසංයුක්ත, තක්කො, විතක්කො, සංකප්පො, අප්පනා, ව්‍යප්පනා, චෙතසො අභිනිරොපනා, සම්මා සංකප්පො, අයං වුච්චති නෙක්ඛම්ම ධාතු.

එතකොට ආර්ය වූ සම්මා සංකල්පය කියන එක සිහි කළා. “කතමා ච භික්ඛවෙ, සම්මා සංකප්පො, අරිය අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා, යො ඛො භික්ඛවෙ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ගං සමඞ්ගිනො අරිය මග්ගං භාවිතො, තක්කො, විතක්කො, සංකප්පො අප්පනා ව්‍යප්පනා චෙතසො අභිනිරොපනා වචී සඞ්‌ඛාරො. අයං භික්ඛවෙ සම්මා සංකප්පො අරිය අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා.”

මේකේ තර්කය thinking කුමක් ද? “නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පවත්වන්නේ ද එය ඉවත් කිරීමට සිතීමයි.” උදාහරණ වශයෙන්, යම් සමාපත්ති ධර්මයකට ඇලී ඇති අයකු, එය ඉවත් කිරීමට සිතීමයි.

මෙහි විතක්කය directed thinking කුමක් ද? එම දහම ඉවත් කිරීමට කළ යුතු යම් දෙයක් වේ ද ඒ ගැන සිතීමයි. සමාපත්තියට ඇලීම නොකිරීමට සිතීම උදාහරණ වශයෙන් ගන්න පුළුවන්.

මෙහි සංකල්පය intention කුමක් ද? මේ සඳහා යමෙක් හමු විය යුතු ද අසා දැන ගත යුතු ද එම කටයුත්ත සඳහා සිත මෙහෙයවීමයි. උදාහරණ වශයෙන් බුදුහාමුදුරුවෝ සොයා යා යුතු යැයි කියලා සිතනවා. සූත්‍ර පිටක බැලිය යුතු යැයි කියලා සිතනවා.

අප්පනා mental fixity. එම කටයුත්ත සඳහා සිත බැස ගැනීමයි. බුදුහාමුදුරුවෝ සොයා යාමට සිත බැස ගැනීම. සූත්‍ර පිටක බැලීමට සිත බැස ගැනීම. යමෙක් එපා කීවත් ඒ සූත්‍ර පිටක බලමියි කියලා සිතනවා.

ව්‍යප්පනා mental transfixion යනු කුමක් ද? එම කටයුත්ත සඳහා යමක් එකතු කරගත යුතු ද, එහි සිත බැස ගැනීමයි. සූත්‍ර පිටක බලලා තමාට හොයා ගත හැකි කොටස් තම උත්සාහයෙන් එකතු කරගැනීම. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි කියලා සොයා ගැනීම.

චෙතසො අභිනිරොපනා යනු කුමක් ද? මේ කාර්යය සඳහා අවශ්‍ය වන ධර්ම කොටස් මනා කොට සිහියේ තබා ගන්නවා. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා.

මෙහි වචී සංඛාරය මගින් අදහස් වන්නේ, ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ. තණ්හාව නිසයි දුක ඇති වෙන්නේ යන අත්දැකීම. මෙය මනා කොට විමසන්නේ, අසම්පජානය ඇති තැන, සුඛ නොව, දුක බව හොඳින් වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා.

මේක තමයි භාවනාව. මේ භාවනාව ඉතා ප්‍රබලයි. ඒ අසම්පජානකාරීත්වයෙන් ජීවත් වෙන බව දැක, අත හැරීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට විශාල වශයෙන් උදව් උපකාර වෙනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Glossary_S_ID22.jpg


DukkaChakraya/DukkaChakraya-07.jpg