Date: 26/06/2020 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

“සත්තො ගුහායං” ගාථාවේ, රූප ඡන්ද, වේදනා ඡන්ද සිහි කළා. මේ ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදේ. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, තිට්ඨං නරො රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සිටී. මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. නා නා ලම්බන වශයෙන් මාන වූයේ සිටී. අනුසය වශයෙන් ස්ථීර වූයේ සිටී.

එතකොට දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසනවා. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසනවා. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයෝ ස්ථිර වශයෙන් වරදවා ගනී.

කාමරාග අනුසය සඤ්ඤාව සුඛ යැයි පැවසීමට මනස යොමු වුණා. “න සඤ්ඤසඤ්ඤී, න විසඤ්ඤ සඤ්ඤී. නොපි අසඤ්ඤී, න විභූතසඤ්ඤී. එවං සමෙතස්ස විභොති රූපං. සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා.” කලහවිවාද සූත්‍රය සුත්තනිපාත 878 ගාථාව පිටුව 276

සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා. පපඤ්චයෝ සඤ්ඤාව නිදාන කොට ඇත්තාහ. Perception is the source of mental proliferation. තව ද මධුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙනවා, ඇස නිසා ද, රූපය නිසා ද, චක්ඛු විඤ්ඤාණය උපදී. ඒ තුන එක් වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද, එම අරමුණ ම සඤ්ඤාවෙන් අඳුනයි. යම් අරමුණක් හඳුනා ද එම අරමුණ ම විතක්කයෙන් කල්පනා කෙරේ. යම් අරමුණක් විතක්කයෙන් කල්පනා කෙරේ ද, එම අරමුණ ම මුල් කාරණය කොට, පපඤ්ච ධර්මයෝ අතීත, අනාගත, වර්තමාන වූ ඇසින් බලා දත යුතු රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කෙරේ.

ඉතින් මෙතන අන්තිමට පෙන්නන්නේ පපඤ්‌චසඞ්‌ඛා සමුදාචරන්‌ති කියන එකයි. ඔය සමුදාචරන්‌ති කියන එකේ තියෙනවා, ඉංග්‍රීසියෙන් කියනවා නම් troubled persistently කියලා. Beset කියලා කියනවා. එහෙම නැත්නම් assail කියලා කියනවා.

එතකොට අපිට පේනවා මේ සඤ්ඤාවෙන් විතක්ක, ඒකෙන් පපඤ්ච. පෙටකොපදෙසයේ සිංහල පොතේ පිටුව 311, ඒකේ පෙන්නනවා, “අත්තවාදූපදානෙ ඨිතො, පපඤ්චන්තො ගන්ථති, අයං ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො.” කියලා.

අත්තවාද උපාදානයෙහි සිටියේ පපඤ්චයෝ ග්‍රන්ථනය කෙරෙයි. On self-theory clinging, proliferation ties කියලා ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නනවා. මේක තමයි ඉදංසච්චාභිනිවෙසකායගන්ථය.

එසේ නම් සඤ්ඤාව පෙර දැරි කරගෙන, නිදාන කොට ඇති වූ පපඤ්ච ධර්මයෝ. දැන් පපඤ්චයෝ කීවා ම proliferation වැඩි වීම. අන්න ඒවා ඔඩු දුවලා ග්‍රන්ථනය වෙලා, එය ම සත්‍යක් කියාගෙන සත්වයා වෙහෙසට, දුකට පත්වෙනවා කියන එකයි පෙන්වන්නේ.

14/10/2019 නිබ්බාන භාවනාව මෙන් ඉතුරු කොටස භාවනා කළා.

ඉදංසච්චාභිනිවෙසකායගන්ථය නොවීමට 4 වෙනි විරිය. කිසිම ධ්‍යාන තලයක නොනවතින විරිය. Best එක නිර්වාණය. අවිද්‍යා යෝග නොවීමට ආනෙඤ්ජ විහාරය. දස කුසලය පැවැත්වීමට සුදුසු භූමියට පැමිණියා. ඒ පවත්වා සිටින්නේ පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය ඉවත් කර, නිර්වාණය හැර යමක් නොපවතින බව පෙන්වන සම්මා දිට්ඨියට පැමිණ ඇත. මෙයින් අවිද්‍යා යෝගය මඟ හැරෙයි. ඉවත් වෙයි.

මෙසේ සම්මා දිට්ඨි වන්නේ, දුක බව දනී. දුක්ඛ සමුදය දනී. දුක්ඛ නිරෝධය දනී. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දනී. එසේ නම් අසම්පජානකාරීත්වය සුඛ යැයි පැවසීම මඟ හැරේ. 4 වෙනි ධ්‍යානය අභිමුඛ වෙයි. එය ඉදිරියට පැමිණෙයි. කුමක් නිසා ද?

යම් සතුටක් වේ ද, එය ජරාවට ඇති කැමැත්ත නිසා ම පහළ වෙයි. අත්තවාද උපාදානය ඉවත් කිරීමට 4 වෙනි ධ්‍යානය. සුඛ වන රූප හෝ පරිදේව වූ සංස්කාරයන්ට හෝ ප්‍රතිචාර නොදක්වයි. උපෙක්ඛාව ම පවතියි.

අනිත්‍යයේ නිත්‍ය යන විපල්ලාසය නොවීමට ධම්මානුපස්සනාව. කබලිංකාර ආහාරය විසි කරයි. ඉහළ ම වූ සම්මා දිට්ඨිය ඇත්තේ ඉන්ද්‍රිය පහ ම පෝෂණය වී ඇත්තේ, කිසිවක් නොගනී. නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.