ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
කලහ විවාද 2 diagrams වල slide 9 වල සාකච්ඡා කරන ලද ගාථාවට මනස යොමු වුණා. “එතෙ ච ඤත්වා උපනිස්සිතාති, ඤත්වා මුනි නිස්සයෙ සො විමංසී. ඤත්වා විමුත්තො න විවාදමෙති, භවාභවාය න සමෙති ධීරො.”
මොහු දෘෂ්ටි මත රඳා පවතින බව දැන, බුද්ධ මුනි තෙම විමසා බලයි. එම ධර්මයන් දැන මිදුණේ විරුද්ධ වාදයට නොපැමිණේ. බුද්ධ මුනි තෙම භව, විභව මුණගැසීමට නොයයි.
Having known, they still are dependent, knowing the sage ponders dependencies. On knowing them, released, he does not get into disputes. The enlightened one does not meet with existence and non-existence.
Slide 8 වල diagrams වල paths 1, 2, 3, 4 නැති වුවත් අවසානයක් නොවේ. ඒ කියන්නේ. Path 1 සඤ්ඤාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට. Path 2 වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට. Path 3 මනොසඤ්‌චෙතනාවෙන් පරාමාසකායගන්ථයට. Path 4 ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට. Path 5 මෝහ අගතියේ ඉඳන් පරිදේවයට.
Path 5 මෙයින් අදහස් වන්නේ පරිදේව වූ පසු භවය, විභවය හමු වීමට, meet වීමට, නොයන බවයි කියලා වැටහුණා. Path 4 නැති වීම කායුජ්ජුකතාවය මගින් කරන්න පුළුවන්. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉවත් කළ යුතුයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ඉවත් කර ඇති නම්, තවත් කුමන දහමක් ඉවත් කිරීමට ඇති ද?
සියලු ධ්‍යාන තලයන්ගෙන් ඉවත් වුවත්, විමුක්ති සහගත ස්වභාවයෙන් හෝ ජීවත් නොවේ යැයි පැවසුවත්, එම ධර්මතා අල්ලාගෙන යම් පැවත්මක් වූවා ද, ඒවා ඇගයූවා ද, එම ධර්මයන් පරාමාසගත වී ඇති ද, එහි බල පෑම ඇත. චේතනා සිට විඤ්ඤාණය දක්වා යම් ගිනි පුපුරක් spark වීමක් වන්නේ ද, එය ඉවත් විය යුතුයි. ඒ සඳහා අහංකාරය සහ මමංකාරය ඉවත් විය යුතුයි. එනම් path 5 නැති වීම චිත්තපාගුඤ්ඤතාවය මගින් කරන්න පුළුවන්.
බුද්ධ මුනි තෙම භව, විභව මුණගැසීමට නොයයි. පෙර ඇගයූවා වූ දහම් භව, විභව හමු වීමට, meet වීමට, නොයා යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්