Date: 10/07/2020 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රයේ සඳහන් වෙනවා, “මහණෙනි මෙපරිද්දෙන් ම ඉඳීන්, තෙපි දු මෙතරට නොපැමිණෙන්නාහු ද, එතෙරට නොපැමිණෙන්නාහු ද, මැද නොගිලෙන්නාහු ද, ගොඩට නොනගින්නාහු ද, මනුස්සයන්ගේ ගැනීමක් නොවන්නාහු ද, නොමිනිසුන්ගේ ගැනීමක් නොවන්නාහු ද, දිය සුළියකට හසු නොවන්නේ ද, ඇතුළ කුණු වීමක් නොවන්නේ ද, මහණෙනි මෙසේ තෙපි නිවනට නැමීම ඇත්තෝ, නිවනට නැඹුරු වූ නිවනට බර වූවාහු වන්නාහු ය. ඊට හේතු කවරේ ද? මහණෙනි සම්මා දිට්ඨිය නිවනට නැමුණා වූ, නිවන කරා ගමන් කරන්නා වූ, නිවනට නැඹුරු වූ ධර්මයකැ” යි වදාළ සේක.

එතකොට මේ log diagram වල 2 වෙනි slide එකේ පෙන්නනවා දුක බව. සම්මා දිට්ඨිය මගින් පෙන්නනවා දුක්ඛ, දුක්ඛ සමුදය. මෙසේ 5 වෙනි slide එක දක්වා ම එම diagram වලට අනුව භාවනාව කරගෙන ආවා.

5 වෙනි slide එකේ පෙන්නනවා diagram එකක්, ඡන්ද අගතිය ඉඳන් වේදනාවට, සංකල්ප පාර. ඊළඟට දිට්ඨි අනුසය පාර තියෙනවා අධ්‍යාත්මික ආයතනයන්ගෙන් ඇති වන ආදානය, input එක කියන එක. ඊළඟට ස්පර්ශ ආහාරයේ ඉඳන් වේදනාවට එනවා, බාහිර ආයතනයන්ගෙන් ඇති වෙන, input එක කියන එක.

එතකොට වේදනා උපදවන පාරවල් තුනෙන් තුන් වෙනි පාර, රතු පාටින් ඒ diagram එකේ දක්වලා තියෙනවා, ඒ සංකල්පවලට රාග වෙලා නන්දිය ඇති වෙලා තියෙනවා.

එම චිත්තයන්ට ඇති ඇල්ම නිසා, තමාට ප්‍රිය වූ, මනාප වූ පාරේ වේදනාවට පැමිණීම සිදු වෙනවා. මේවා නැවතීමට චිත්ත ඉද්ධිපාදය භාවිතා කළ යුතුයි. එමගින් මැද කිමිඳීම, නන්දිරාගය පහ කළ හැකි ය කියලා ඒ slide එකේ දක්වලා තියෙනවා.

නන්දිරාගය ඉවත් කිරීමට ජාති, ජරා අවබෝධ කරගත යුතු බව අපි දන්නවා. රූප ජරා, වේදනා ජරා, සඤ්ඤා ජරා, සංස්කාර ජරා, විඤ්ඤාණ ජරා වශයෙන් සබ්බාසව සූත්‍රයේ අපි සාකච්ඡා කරලා තියෙනවා.

තවත් ක්‍රමයකට පැවසුවොත්, දුක්ඛයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලා ඇති වෙන අප්පණිහිත චෙතො විමුක්තිය චිත්තයට කා වදින්නේ, එවැනි චිත්ත ඉද්ධිපාදය මගින් නන්දිරාගය ඉවත් වෙනවා. එනම් විමංසා ඉද්ධිපාදය සහගත වූ චිත්ත ඉද්ධිපාදය මගින් නන්දිරාගය ඉවත් කරන බව වැටහුණා.

තවදුරටත් මෙනෙහි කරන්නේ, 6 වෙනි slide එක දක්වා පැමිණෙන්නේ, මහණෙනි, යමක් චේතනය කෙරෙයි ද, සැළසුම් කෙරෙයි ද, ඒ කියන්නේ පකප්පෙති කියන එක, ලැදිකම ඇති ද, අනුසෙති. මෙය විඤ්ඤාණයාගේ පැවැත්වීමට අරමුණු වෙනවා. “යඤ්ච භික්ඛවෙ, චෙතෙති, යඤ්ච පකප්පෙති යඤ්ච අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා.”

මහණෙනි ඉඳීන් චේතනිය නොකරේ ද, සැළසුම් නොකරේ ද, ඒ කියන්නේ පකප්පය නැත්ද, එතකු දු වුව ලැදිකම ඇති ද, ඒ කියන්නේ අනුසය ඇති ද, මෙය විඤ්ඤාණයාගේ පැවැත්ම පිණිස හේතු වෙනවා.

දිට්ඨි අනුසය පාර ගැටුම්වලට තුඩු දෙන පාර බව අපි දන්නවා. කලහ විවාද සූත්‍රයේ 2කේ. ආශ්‍රව නොනැසූ සියලු සත්වයන් පටිඝානුසය සහිතව ජීවත් වන බැවින්, එම සත්වයෝ පටිඝානුසය සමඟ ජීවත් වෙනවා. දිට්ඨි අනුසය පාර 40% පාර වූවත් එම පාර ඉතා ප්‍රබල බව වැටහුණා. අපි ජීවත් වන්නේ පටිඝානුසය සහිතව.

මේ දිනවල virus වෙන රටක තිබුණත්, පුද්ගලයන් බිය සහිතව තම රටේ ජීවත් වෙනවා. මෙම සිතුවිලි භය අගති හරහා ම පැමිණෙනවා. තමාට අසනීප ඇති ද බිය සහිතව ම ජීවත් වෙනවා. මෙසේ අධ්‍යාත්මික ආයතනවලින් වන ක්‍රියාවලිය වටහාගෙන විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය භාවිතා කර, නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_The_log_diagrams/s_The_log_diagrams-02.jpg


s_The_log_diagrams/s_The_log_diagrams-05.jpg


s_The_log_diagrams/s_The_log_diagrams-06.jpg


s_KalahaVivivadhaSutta_Diagrams2/s_KalahaVivivadhaSutta_Diagrams2-11.jpg