Date: 17/07/2020 Name: Samma Sankappa bhavana 1

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සම්මා සංකප්ප භාවනා 1, නැවතත් කරගෙන ගියා.

මහණෙනි, සම්මා සංකල්පය නම් කවරේ ද? නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව, අවිහිංසා සංකල්පනාව යන මේ සම්මා සංකප්පයයි කියනු ලැබේ.

කතමා ච භික්ඛවෙ සම්මා සංකප්පො? නෙක්ඛම්ම සංකප්පො, අව්‍යාපාද සංකප්පො, අවිහිංසා සංකප්පො.

ව්‍යාපාදය කෙසේ ඇති වන්නේ ද? නොමනාප අරමුණ, දුක්ඛ වේදනීය වූ ස්පර්ශය, දුක්ඛ වේදනාව, දොම්නස් සිතිවිලි, දෝමනස්ස පවිචාරය. මේ වන විට වට හතක් ගොස් ඇත. Area A, B, C, D. එතන අපි දන්නවා area A වල සුභ. Area B වල සුඛ. Area C වල දෝමනස්සය. Area D වල සෝකය. ඊට පස්සේ, දැන් area 1, 2 සහ 3 වට තුන සිදු වෙලා area 3 වලට පැමිණ ඇති අවස්ථාව.

රූප, වේදනා, සඤ්ඤා පවතී යැයි විශ්වාස කළ නොහැකි බව මෙහි දී වටහා ගන්නේ නම්, ආකිඤ්චඤ්ඤායතනයට යෑම සිදු වෙනවා. කුමක් නිසා ද? හත් වෙනි රවුමේ දී ව්‍යාපාදය ඇති අතර, සාත යැයි ගත නොහැකි බව අවිද්‍යා ආශ්‍රව මගින් තීරණය කර ඇති නිසා, ථීනමිද්ධය හටගෙන ඇත. මේ නිසා චේතනා සහිත ක්ෂේත්‍ර කොටස මැකී යනවා. මගේ යැයි නොගනී.

මෙහි දී කුමක් නිසා අවිද්‍යා ආශ්‍රව මගින් සාත යැයි ගත නොහැකි බව තීරණය කරයි ද යන්න විමසුවා.

මෙහි දී ථීනමිද්ධය ඇති වී ඇති නිසා සැකය ඇත. තව ද, මෙයට කුක්කුච්චය ද බලපායි. අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්න, සැකය මගින් jack එකක් ගහනවා කියලා. එතකොට, කාම ආශ්‍රවයට යෑමට උදව් උපකාර කරන සැකය වැඩි නිසා, ඒ උදව් උපකාරය කියන එක අඩු වෙලා තියෙනවා. කාම ආශ්‍රවයට යන්නේ සුඛ යැයි සිතාගෙන ය. සංකල්පයේ එම අගය, එනම් සුඛ යැයි සිතා ගත් අගය අඩු වී ඇත.

උදාහරණ වශයෙන් තරුණ පිරිමි ළමයෙකු ඔහුගේ යාළුවන් විසින් හොඳ ලස්සන ගැහැණු ළමයකු පෙන්වමියි කියාගෙන ගං ඉවුරට එක් කරගෙන යනවා. ඒ කියන්නේ මෙතෙර. ගං ඉවුරේ අනිත් පැත්තේ, ඒ කියන්නේ එතෙර, ඔහුට ඈතින් වුවත් පෙනෙන්නේ වයසට ගියා වූ කාන්තාවෝයි. මේ නිසා සැකය වැඩිය. සුඛ නොවේ.

මෙහි දී කුක්කුච්චය කෙසේ බලපායි ද? කුමකට මේ යාළුවන් සමඟ මෙහි පැමිණියේ ද යන්න සිතේ පවතී. ඉතින් මේකේ යහළුවෝ කවරහු ද? රූප, වේදනා සහ සඤ්ඤා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Sammasankappa_bhavana1/s_Sammasankappa_bhavana1-01.jpg


s_Sammasankappa_bhavana1/s_Sammasankappa_bhavana1-02.jpg


s_Sammasankappa_bhavana1/s_Sammasankappa_bhavana1-03.jpg