ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම සම්මා සංකප්ප භාවනා 2 නැවතත් කරගෙන ගියා.
කතමා ච භික්ඛවෙ සම්මා සංකප්පො? නෙක්ඛම්ම සංකප්පො, අව්‍යාපාද සංකප්පො, අවිහිංසා සංකප්පො.
ඉතින් මෙතෙන්දි නෙක්ඛම්මය සිහි කළා. ඒක සඳහා පළමුව කාම ධාතුව සිහි කළා. ඒ කාම ධාතු කවර යත්? කාම පටිසංයුක්ත වූ තර්කයක්, විතර්කයක් සංකල්පයක්, අර්පනයක්, සිත පිහිටු වීමක්, මිච්ඡා සංකල්පයක් වේ ද, මෙය කාම ධාතුව යැයි කියනු ලැබේ.
යටින් අවීචි නිරය හිමි කොට මත්තෙහි පරනිම්මිත වසවර්ති දෙවියන් ඇතුළු කොට, මේ අතරේ මෙහි බැසගෙන සිටින මෙහි ඇතුළු වූ යම් ස්කන්ධ, ධාතු, ආයතන කෙනෙක් වේ ද, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයක් වේ ද, මේවා කාම ධාතුයි කියලා කියනවා.
එතකොට ඊළඟට ද්වේෂය කෙසේ ඇති වන්නේ ද? නොමනාපික අරමුණ, දුක්ඛ වේදනීය වූ ස්පර්ශය, දුක්ඛ වේදනාව, දොම්නස් සිතිවිලි, දෝමනස්ස පවිචාරය. වට හයක් යෑමෙන් පසුව area A, B, C, D. වට 1, 2 සිදු වෙලා, 7 වෙන රවුමේ දි, area 3 වන විට ව්‍යාපාදය සිතට ඇතුළත්ව ඇත.
එතකොට මෙතන මේ diagram එකේ පේනවා මනොසඤ්‌චෙතනාවෙන් කෙළින් ම මෝහයට ගිහිල්ලා එතැනින්, මෝහ අගතිය ඉඳන් ඒ සංස්කාර, එතැනින් භය අගතියට එන ඒ diagram එක. දැන් මෙතෙන්දි පෙන්නනවා මෙහි දී ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇතුළු වූයේ, පෙර වූ සුභය ම යි. රූපයට පවරන ලද අගය, සංකල්පය විසින් ගෙන ගොස් ඇත. මෝහ අගතිය දක්වා යෑමෙන් පසුව සංස්කාරයන්හි නිත්‍යභාවය ඇති වේ. ඉන් අනතුරුව භය අගතිය කරා ගමන් කිරීම සිදු වෙනවා.
මෙහි දී දුක්ඛ වේදනා සහ, සංස්කාර දුක්ඛතාවය යන ධර්මයන් පරාමාසකායගන්ථයට ඇතුළත් වෙනවා. ඉතින් එතනත් ඒ diagram එකක් දීලා තියෙනවා. එතකොට area 4 එක, ලකුණු වෙනවා වේදනා පරාමාස භය අගති අර දිට්ඨි අනුසය එහෙම තියෙන. ඒ වාගෙම අපිට පේනවා ජාති වේදනා අර දුක්ඛ දුක්ඛතා වේදනා තියෙන තැන area C කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් area 4 වලට පැමිණිලා. එතන තවමත් මේ හත් වෙනි රවුම නිසා area 4 සම්පූර්ණ වෙලා නෑ. ඒ දිට්ඨි අනුසය වීමෙන් පසුව, area C සරසඞ්කප්ප area එක, ඊළඟට area 4 සමඟ සසඳලා බලනවා. පෙර වූ සුඛය ම පතනවා. එය ම ඕනෑ යැයි පවසනවා. එය පෙර මෙන් නැති බව පවසනවා.
එනම් “ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණං,” පවතින දේ වෙනස් වන්නේ ය. මේ නිසා දුක්ඛ දුක්ඛතාවය කියන එකට පත් වෙනවා. ද්වේෂයෙන් දැවීම සිදු වෙනවා. මෙම රවුමේ දී භය අගතිය දක්වා පැමිණි විට, අප්‍රියයන් හා එක් වීම, අප්‍රියේහි සම්පයොග වෙන අතර, දුක්ඛ වූ සංස්කාර, සංස්කාර දුක්ඛතාවය පරාමාසයට ඇතුල් වී ද්වේෂයෙන් අගතියට යෑම පළමුව සිදු වෙනවා. මේ නිසා ප්‍රියයන්ගෙන් වෙන් වීම, පියෙහි විප්පයොගය, අප්‍රියයන් හා එක් වීමට පෙර ම සිදු වෙනවා.
මෙහි දී සම්මා සංකප්ප භාවනා 1 සහ 2 අතර වෙනස සිහි කළා. සම්මා සංකප්ප භාවනා 1 දි, ව්‍යාපාදය area 3, අප්‍රියේහි සම්පයොගය පළමුව සිදු වෙනවා. සම්මා සංකප්ප භාවනා 2 දි, ද්වේෂය area 4, ප්‍රියේහි විප්පයොගය පළමුව සිද්ධ වෙනවා.
මෙය forward, backward wave දෙකත් සමඟ බැලුවා. එහි සත්‍ය හොඳින් වැටහුණා. Forward wave පාණාතිපාතය නිසා ද්වේෂය. ද්වේෂයෙන් පාණාතිපාතය. අපි පරිදේවයෙන් පටන් ගන්නවා. එසේ නම් පියෙහි විප්පයොගය පළමුව සිදු වී ඇත. Backward wave මිච්ඡා දිට්ඨි අභිජ්ඣා ව්‍යාපාද සඤ්ඤා. විඤ්ඤාණ ධාරාව A2 සමඟ සම්බන්ධ ධර්මයන් සුභ, නිත්‍ය සොයනවා. කුමක් නිසා ද? ඒවායින් වෙන් වී, අප්‍රිය වූ දේ සමඟ එක් වී ඇති නිසා ය.
යහළුවාගේ උදාහරණයේ දකින්නට ලැබෙන්නේ වයසට ගියා කාන්තාවෝයි. සංකල්පයේ ඇති අගයෝ, රූපයේ නැත.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්