Date: 31/07/2020 Name: Samma Sankappa bhavana 3

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සම්මා සංකප්ප භාවනා 3 නැවතත් කරගෙන ගියා.

කතමා ච භික්ඛවෙ සම්මා සංකප්පො? නෙක්ඛම්ම සංකප්පො, අව්‍යාපාද සංකප්පො, අවිහිංසා සංකප්පො.

අප්‍රියයන් හා එක් වීම, අප්‍රියේහි සම්පයොගය සහ ප්‍රියයන්ගේ වෙන් වීම, පියෙහි විප්පයොගය යන දෙකෙන් කුමක් පළමුව ඇති වන්නේ ද?

එතකොට මෙතන සම්මා සංකප්ප භාවනා තුනේ diagram එකක් දීලා තියෙනවා, ඒකේ අපිට පේනවා පථයන් දෙකක් ලකුණු කරලා තියෙනවා කියලා. එතකොට ඒ 1 වෙනි පථයේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් මෝහ අගතියට ගිහිල්ලා, එතන සංස්කාර. එතකොට ඒ arrow එක දිගට යනවා පරාමාසකායගන්ථයට. එතැනින් එනවා ද්වේෂ අගති ගමන කියන එකට.

එතකොට ඊළඟට, ආපහු පේනවා රතු පාටින් පථය 2 ලකුණු කරලා තියෙනවා. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය සංස්කාර ඒ භය අගතිය කියන එක.

එතකොට ඒ කලු පාටින් ලකුණු කරලා තියෙන 1 වෙනි පථය, ඒක අවිද්‍යාව සමඟ යෑම, වර්තමාන මොහොතේදි සංස්කාර නිත්‍ය වශයෙන් පරාමාසගත වන්නේ, ද්වේෂ අගති ගමන හරහා ප්‍රියයන්ගෙන් වෙන් වීම පළමුව සිදු වෙනවා. Area T ප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඕක පැහැදිලි කරලා තියෙනවා ඔය 21/03/2014 දෝමනස්ස භාවනාවේ දී.

ඊළඟට සංකල්ප රාගය මගේ යැයි ගෙන ඇත. දැන් සංකල්පයේ තිබුණා වූ ධර්ම අගය, රූපයේ නැති බව දැන, අප්‍රියයන් හා එක් වීම අප්‍රියේහි සම්පයොගයට යනවා.

ඊළඟට රතු පාටින් ලකුණු කරලා ඇති 2 වෙනි පථය, මානය නිසා වන පාර, වර්තමාන මොහොත නොවේ. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථය තුළට ඇදෙයි. මානය නිසා භය අගති ගමන යෑම සිදු වෙනවා. ඉන් අනතුරුව අප්‍රියයන් සහ එක් වීම අප්‍රියේහි සම්පයොගය, පළමුව සිදු වෙනවා. මෙහි දී සම්මා සංකල්ප භාවනා 1 මෙන් මෙනෙහි කළ යුතුයි කියලා ඒකෙ පැහැදිලි කරලා තියෙනවා.

දැන් මේකේ මේ path 1, ඕකේ ඔය නිත්‍යයි කියන කතාව තියෙනවා. ඒක forward wave එක. මෙහි ප්‍රියේහි විප්පයොගය ඇත. එමගින් අප්‍රියේහි සම්පයොගය වීම, backward wave, සෑදීම කියන එක වෙනවා.

එතකොට forward wave කියන එක තේරුම් ගන්න පහසු වෙනවා පාණාතිපාතය නිසා ද්වේෂය, එතකොට පියෙහි විප්පයොගය කියන එක.

ඊළඟට path 2 මානය. Backward wave, අප්පියෙහි සම්පයොගයෙන් පටන් ගැනීම වන අතර, ප්‍රිය වූ දෙයක් ඇති යැයි සිතා, එය සොයා යෑම වෙනවා. Forward wave වීම. මෙයට මිච්ඡා දිට්ඨිය, මානය, බලපානවා. ඇයි අප්පියෙහි සම්පයොගය?

සඤ්ඤාවේ ජරා අගය පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය line 5 හරහා පැමිණ අප්පියෙහි සම්පයොගයට මුලින් පැමිණෙනවා. මෙම අතර වාරයේ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණ ඇත. ජරා වූ සඤ්ඤාව නැවත ගත හැකි ද? ජරා වූ සඤ්ඤාවට මාන වීමෙන් පලක් ඇති ද? මෙසේ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Sammasankappa_bhavana3/s_Sammasankappa_bhavana3-01.jpg


s_Sammasankappa_bhavana3/s_Sammasankappa_bhavana3-02.jpg


s_MM_ForwardWave.jpg


s_MM_backwardWave.jpg