ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සම්මා සංකප්ප භාවනා 1 දි සාකච්ඡා කළා, ව්‍යාපාදය කෙසේ ඇති වන්නේ ද? නොමනාප අරමුණ, දුක්ඛ වේදනීය වූ ස්පර්ශය, දුක්ඛ වේදනාව, දොම්නස් සිතුවිලි, දොමනස්ස පවිචාරය. මේ වන විට වට හතක් ගොස් ඇත. Area A, B, C, D වට 4 සහ ඉන් පසුව area 1, 2, සහ 3. වට 3 සිදු වී area 3 වලට පැමිණ ඇති අවස්ථාව.
අද භාවනාවෙදි area 3 වලට පැමිණ ඇති යැයි පැවසුවේ කුමක් නිසා ද? යන්න සිහි කළා. 7.4 ද්වේෂ සහිතව නාමරූප, පරාමාසගත වීම සමඟ ආරම්භ වන නිසා, area 3 යැයි පවසනවා.
ඉතින් මෙතන diagram එකක් එනවා,
නාමරූප ඉඳන් පරාමාසගත වෙනවා. එතන 7.4 ද්වේෂ සහගතව නාමරූප පරාමාසගත වීම. පරාමාස ඉඳන් භය ගතියට 7.5 අත්තා. භය ගතියෙන් වේදනාවට 7.6. ඊට පස්සේ අපි දන්නවා, වම් පැත්තේ පල්ලෙහා 7.7 නන්දිය. එතකොට 8.1 ධම්මමච්ඡරිය, වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනා ආහාරයට.
අන්න ඒක රහතන් වහන්සේ පෙන්නනවා, ඒක ලියන්න කියලා, පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට 8.1 මාන වශයෙන්. ඊට පස්සේ, 8.2 නිත්‍යයි කියලා ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට යන එක.
එතකොට දැන් අපිට ඉදංසච්චයේ ඉඳන් භය අගතියට යන එක පථය 2 කියන එක තියෙනවා.
මෙහි දී 7.4 හොඳින් විමසා බැලිය යුතුයි. 07/08/2020 නිබ්බාන භාවනාවේ දී area 4 සම්මා සංකප්ප භාවනා 2 සාකච්ඡා කළ අවස්ථාවේ දී 7-3, කොසජ්ජය. එතකොට මෙතන මේ 7-3 කියලා කියන්නේ මේ තයොධම්ම සූත්‍රයේ numbers කියන එක. රවුම් වශයෙන් බැලුවොත් රහතන් වහන්සේ පෙන්නුවා මේ හත් වෙනි රවුම 2 වෙනි පියවර වෙනකොට ඒ කොසජ්ජය කියන එක.
එතකොට අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි ඇත්තේ, රෝගී වූ බව දන්නේ ද්වේෂය ඇති වෙනවා. මෙහි දී වට 7.4, වට 7යි step 4යි වන අවස්ථාව වශයෙන් සැළකිය යුතුයි යනුවෙන් සාකච්ඡා කළා.
21/03/2016 නිරෝධ භාවනාව. ඒකෙදි නාමරූප පරාමාසගත වන්නේ, π අකුරේ ධර්මය මෙන් අභිජ්ඣාව සනාථ කිරීම මගින්, විඤ්ඤාණය නැවත සෑදේ. එමගින් චේතනාව පවත්වයි. දැන් “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.”
එතකොට අපිට diagram එක වගේ පේනවා රූපය, සඤ්ඤාව, ස්පර්ශය, වේදනා, පහළින් භය අගති, අර දිට්ඨි අනුසය පාර. එතකොට සඤ්ඤාවේ ඉඳන් ස්පර්ශයට ස්පර්ශයෙන් රූපයට. එතකොට මෙතන මේ සඤ්ඤා, වේදනා, එතන නාමරූප. විඤ්ඤාණය මගින් මෙම ධර්මයන් හඳුනා ගන්නවා. විඤ්ඤාණය නැවත සෑදේයි කියන මේ අර්ථය. එතකොට විඤ්ඤාණය ඉපදීම සමඟ ස්පර්ශය නිසා වූ සඤ්ඤා, වේදනා ධර්මයන් හඳුනා ගන්නවා.
උදාහරණ වශයෙන් පුද්ගලයකු තව කෙනෙකුට හඳුන්වා දෙන විට, ඔහු පවසන්නේ, “ආ මේ අයව මම හොඳට දන්නවා” කියලා මාන වන්නේ, අන්න ඒ ආකාරයට, විඤ්ඤාණය ඉපදීම සමඟ ස්පර්ශය නිසා වූ සඤ්ඤා, වේදනා, චේතනා වැනි ධර්මයන්, විඤ්ඤාණය විසින් මානය සහිතව හඳුනා ගන්නවා. Area 4 වල දී 6.4, අපි දන්නවා වේදනා, පරාමාස, සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා.
මෙහි දී මෝහය සහිත වූ සංස්කාර නිත්‍යභාවය පරාමාසගත වීම සහ 5.4, 6.4 දෝමනස්සය ක්‍රියාත්මක වීම 18/01/2015 භාවනාවේදි ඕක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක වැදගත් වෙනවා.
5.4 දි මිය ගියා වූ වේදනාව අත්තා විය. 5.5 තමයි ඒ අත්තා වෙන එක. දැන් දෝමනස්සය ක්‍රියාත්මකයි යන්න වැටහෙනවා. 5.4 දි දෝමනස්සය අත්තා කර ගත් අපි එය සඳහා එනම් මිය ගියා වූ වේදනාව සඳහා චිත්ත සංස්කාර හදනවා. දැන් අපිට පේනවා, නාමරූප පරාමාසගත වීම 7.4 ද්වේෂ සහගත වූ නාමරූප පරාමාසගත වීම. ඊළඟට අපිට පේනවා පහළින්, පරාමාසයට දකුණු පැත්තෙන්, මේ චිත්ත සංස්කාර. එතකොට එතන 6.4, ඒ පැත්තෙන් පරාමාසගත වීම.
එතකොට මේ පරාමාසය දක්ෂිණාවර්ත ව clockwise භ්‍රමණය 7.4 දි සිදු වෙනවා. පරාමාසය ජීවිත ඉන්ද්‍රියට සවි කර නොසිතිය යුතුයි. ඒ කියන්නේ wheel දෙකක්. ඒ දෙක disjoint කියලා අපි සලකන්න ඕනෑ. Hub එක ලෙස සිතිය යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.