Date: 21/08/2020 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

චිත්තමුදුතා භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට සුඛ වේදනාවන් අත්තා යැයි පරාමාසගත වන්නේ, එමගින් පරාමාස සිට චේතනාව දක්වා, අත්තා නිසා චේතනාවන් ගොඩ නැංවීමක් සිදු වෙනවා. මෙම ක්‍රියාවලිය මගින් දැන් නිත්‍යයි යන සංකල්පය ඇති වෙනවා.

එතකොට මේකේ මේ diagram එකේ තියෙනවා 5 වෙනි විරිය මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ඉදංසච්චය දක්වා ලකුණු කරලා තියෙනවා. 6 වෙනි සතිය ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඒ විඤ්ඤාණ ආහාරය දක්වා එතන ලකුණු කරලා තියෙනවා. උඩින් මනොසඤ්‌චෙතනාවේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට දැන් නිත්‍යයි කියලා එනවා. ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට පෙර නිත්‍ය කියන එක එනවා.

එතකොට ඒ 5 වෙනි සලකුණෙන් දක්වා ඇති විරිය මගින්, සියුම් සංස්කාරයන් ඉවත් කිරීම, විමුක්ති ඥාන දස්සන සටහනේ දී සාකච්ඡා කරලා තිබෙනවා. ඉතිරි වී ඇති සංස්කාරයන් කොපමණ කාලයක් පවතී ද? එය නොපවතී. මෙය මනා කොට වටහා ගන්නේ, එනම් පෙර සහ දැන් සංස්කාරයන් නොපවතින බව යන්න තේරුම් ගෙන විඤ්ඤාණ ධාරාව ගැන සතිමත් වීම, 6 වෙනි සලකුණෙන් දක්වා ඇති සතිය මගින් සිදු කරනවා.

මේ වන විට සංස්කාරවල ගැම්ම නැති වීම නිසා විඤ්ඤාණ ධාරාව, මුහුදේ රැල්ල බිඳී වැටෙන්නේ යම් සේක් ද, එසේ බිඳී වැටෙන බව පෙනෙනවා. එවැනි සංස්කාරයන් මගින් උපදවන විඤ්ඤාණය ඉතා කුඩා කාලයක් පවතින බව වටහා ගන්නේ, නොපවතින්නා වූ විඤ්ඤාණයට ඇති කැමැත්ත බැස යන්නේ, එවිට පවතින්නා වූ නිර්වාණයට කැමැත්ත ඡන්ද සමාධිය ඇති වෙයි.

මෙම කුසල ධර්මය චිත්ත මෘදුත්වය යන චෛතසිකය වේ යනුවෙන් අපි ඉගෙන ගත්තා. ඉතින් මේකේ අපිට පේනවා උඩ චේතනාවේ ඉඳන් විඤ්ඤාණය වෙන විට, පහළ අපි ජරාවේ ඉඳන් ජාතිය දක්වා යනවා කියලා. ඉතින් මෙතන diagram එකක් වශයෙන් එනවා, ඒ චේතනා පරාමාස එතනින් පහළ ව්‍යාධිය, අපි 4.3 කියලා ලකුණු කරනවා ව්‍යාධිය, ඊට පස්සේ අප්‍රියේහි සම්පයොගය 4.6. එතකොට ඊළඟට සෝකය කියන එක තියෙනවා. ඒ අප්‍රියේහි සම්පයොගයේ ඉඳන් ඒ ජරාව දක්වා රේඛාවේ.

ඉතින් ඔතන අපි දන්නවා, මේ පවතිනවා කියලා ව්‍යාධිය ඉඳන් සෝකයට. එතකොට අර line 5 එකේ ඉඳන් ආපු එක. ව්‍යාධිය ඉඳන් අප්‍රියේහි සම්පයොගය, අප්‍රියේහි සම්පයොගය ඉඳන් සෝකය දක්වා පැවතිය හැකියි කියලා එනවා. ඉතින් මෙතැනින් අපි යන්නේ ජරාවට.

ඉතින් අපි ලකුණු කරලා තියෙනවා ඔය එක භාවනාවක, ඔය 10/11/2019 භාවනාවේ, ඔය ජරාව කියන තැන පස් වෙනි ධ්‍යානය, ඊට පස්සේ ජාතිය තියන තැන හතර වෙනි ධ්‍යානය, වශයෙන් අපි බලලා තියෙනවා. අපිට පේනවා මේ ජරාවේ ඉඳන් ජාතියට එන ක්‍රියාවලිය, සෝකය හරහා සිද්ධ වෙනවා කියලා.

එතකොට ඔය සෝකයට “සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය” කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ සෝකය හරහා සිදු වුණා ම, විඤ්ඤාණය දුක බව දැනගෙන තියෙනවා, මේ අවස්ථාවෙදි. මෙම සෝකයට තුඩු දෙන්නා වූ, රූපයෙන් ඉවත් වී ආකාසානඤ්චායතන වැනි ධර්මතාවයකින් සහිතව වාසය කළත්, එහි පැවැත්මක් නොවන බව චිත්ත මෘදුත්වය මගින් වටහා ගන්නේ, එම රූප වේදනා කෙරෙහි උපෙක්ඛාව පැවැත්ම හැර, අන් කිසිවක් නොවන බව 6 සතිය මගින් වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා කියන එක තියෙනවා. ඒක තමයි මේ භාවනාව.

මේකෙ අර පස් වෙනි ධ්‍යානය, හතර වෙනි ධ්‍යානයට යන එක ආදී වශයෙන්, එහෙම බැලීම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ භාවනාවෙදි, කෙනෙකුට මේකෙ මේ තොණ්ඩුව කියන එක සිහි වෙනවා නම්, ඔය ජරා කියන එක අපිට ආවාට පස්සේ, ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා. එතකොට මේකට මේ 4 වෙනි විරිය, රූප ස්පර්ශ නොවීම කියන එක සිහියේ තියෙන්න ඕනෑ.

ඒ වාගේ ම අපිට පේනවා, මේ චේතනා විඤ්ඤාණ කියන එක අපි 1 කියලා ලකුණු කළොත්, ඊළඟට මේ ජරාව ඉඳන් ජාතියට යන එක අපි A කියලා ලකුණු කළොත්, 1 සහ A, මෙහි order එකක් නැතෙයි කියන එක පේනවා. කුමක් පළමුව ද යන්න, ඒක එක එක පුද්ගලයාගේ තීරණයක්.

උදාහරණ වශයෙන් යමෙක් පස් වෙනි ධ්‍යානයෙන් වැටෙන්නේ හතර වෙනි ධ්‍යානය වූයේ, මෙය මට සුදුසු යැයි, එහි බැස ගැනීම වන්නේ, විඤ්ඤාණය එහි බැස ගැනීම දෙවනුව සිදු විය හැක. යමෙක් පස් වෙනි ධ්‍යානයේ ඉඳන් හය වෙනි ධ්‍යානයට යා යුතු යැයි සිතන්නේ, එතකොට පළවෙනි කාරණය පළමුව. ඒ කියන්නේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණය පළමුව, ඊළඟට A ඒ කියන්නේ ජරාව ඉඳන් ජාතියට යන එක දෙවනුව විය හැකි ය. මේ දෙක එක විට වෙන අවස්ථාවනුත් ඇති යැයි කියන එක රහතන් වහන්සේ කිව්වා.

ඒක තමයි භාවනාව වශයෙන් තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Skilled_states_of_mind/s_Skilled_states_of_mind-02.jpg