ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
21/08/2020 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. පළමුව විමුක්ති ඥාන දස්සන diagram එකේ 1 සතිය හොඳින් මෙනෙහි කළා. 1 සතිය මගින් පැවතිය හැකි ය යන්න ඉවත් කිරීම. එතකොට රූපයත් රූපය නිසා පැවතීම කළ නොහැක. රූපයට ජරා, මරණ ඇත. මෙතන ව්‍යාධිය, මරණය දක්වා හොඳට සිහි කරන්න ඕනෑ. වේදනාවත් වේදනාව නිසා පැවතීමක් කළ නොහැක. වේදනාවට ජරා, මරණ ඇත. සඤ්ඤාවත් සඤ්ඤාව නිසා පැවතීමක් කළ නොහැක. සඤ්ඤාවට ජරා, මරණ ඇත. අත්තා සහ අත්තා නිසා පැවතීමක් කළ නොහැක. අත්තා යන්න සාදන සඤ්ඤාව නැති වන විට අත්තා නැති වේ. 4 වෙනි විරිය දක්වා පැමිණියා. සම්මා ඥානයේ උපකාර ඇතිව රූප ස්පර්ශ ඉවත් කිරීම. මෙහි දී 14/08/2020 මාන භාවනාවේ 7.4 සිහි කරන්න යැයි, බුදුපියා පැවසුවා.
ඒ භාවනාවෙදි නාමරූප පරාමාස වන්නේ π අකුරේ ධර්මය මෙන් අභිජ්ඣාව සනාථ කිරීම මගින් විඤ්ඤාණය නැවත සෑදේ. එමගින් චේතනාව පවත්වයි. දැන් “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.”
එතකොට අපි දන්නවා ඔතන diagram එක. අර දිට්ඨි අනුසය තියෙනවා. සඤ්ඤාවෙන් ස්පර්ශයට ස්පර්ශයෙන් රූපයට. එතකොට සඤ්ඤා වේදනා නාමරූප. විඤ්ඤාණය මගින් මෙම ධර්මයන් හඳුනා ගන්නවා. එතකොට විඤ්ඤාණය නැවත සෑදේ ය යනු මෙහි අර්ථයයි. විඤ්ඤාණය ඉපදීම සමඟ ස්පර්ශය නිසා වූ, සඤ්ඤා වේදනා ධර්මයන් හඳුනා ගන්නවා.
මධුපිණ්ඩික සූත්‍රයේ ධර්ම කාරණාවට සිත යොමු වුණා. ඇස නිසා ද, රූපය නිසා ද චක්ඛු විඤ්ඤාණය උපදී. ඒ තුන එක් වීමෙන් ස්පර්ශය වේ. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද, එම අරමුණ ම සඤ්ඤාවෙන් හඳුනයි. යම් අරමුණක් හඳුනයි ද, එම අරමුණ ම විතක්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයි ද, එම අරමුණ ම මුල් කාරණය කොට පපඤ්ච ධර්මයෝ අතීත, අනාගත, වර්තමාන වූ ඇසින් බලා දත යුතු, රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්.
මේ හඳුනා ගන්නේ ධාතු. සංස්කාරවල ගැම්ම නැති වී රැල්ල බිඳී කඩා වැටෙන විඤ්ඤාණ ධාරාව මගින් හඳුනා ගන්නේ, මේ ධාතු යැයි සිහි වන්නේ ආකිඤ්චන විමුක්තිය ඇති විය. බොහෝ වෙලාවක් එහි සිටියා. මෙහි දී සංස්කාර මගින් උපදවන විඤ්ඤාණය ඉතා කුඩා කාලයක් පවතින බව වටහා ගන්නේ, නොපවතින්නා වූ විඤ්ඤාණයට ඇති කැමැත්ත බැස යන්නේ ය. එවිට පවතින්නා වූ නිර්වාණයට කැමැත්ත ඡන්ද සමාධිය ඇති වන්නේ ය, යන්න වැදගත් වෙනවා.
ඒක තමයි මම කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්