ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
04/07/2015 කායපාගුඤ්ඤතා භාවනාව නැවතත් කරගෙන ගියා. විමුක්ති ඥාන දස්සන diagram එකෙන් පටන් ගත්තා. ඒ 1 වෙනි සතිය බැලීමෙන් සිත විශාල වුණා. 6 වෙනි සතිය දක්වා සිහි කළා.
කායපාගුඤ්ඤතාව භාවනාවෙදි අපි ඉගෙන ගත්තා, කාය මෘදුත්වය ඇති වූ පසු, පවතිනවා යන්න නොවන බව දන්නේ, පෙර නිත්‍ය යන සඤ්ඤාව නොපවතී. එමනිසා පවතිනවා යන මිච්ඡා දිට්ඨිය ඉවත් වන්නේ, සාරම්භයට ප්‍රත්‍ය වන මිච්ඡා දිට්ඨිය ඉවත් වීම නිසා ප්‍රත්‍යය නැති වී යනවා.
ඉතින් අපිට පේනවා ඔතන, අර මනොසඤ්‌චෙතනාවෙන් විඤ්ඤාණයට එනවා දැන් නිත්‍යයි කියලා. ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය දක්වා එනවා ඒක පෙර නිත්‍ය, ඒ පවතිනවා කියන කතාව. තව ද ථම්භය චිත්ත මෘදුත්වය මගින් ඉවත් විය. මේ නිසා සාරම්භයට හේතු වන ථම්භය ඉවත් වීම සිදු වන්නේ ය.
ඉතින් මෙතන අපි දන්නවා diagram එකක් දීල තියෙනවා, ඒකේ තියෙනවා වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට, එතන වේදනාව, 4.3 වේදනාවේ ජරා ධර්මය. ඊළඟට සඤ්ඤාව තියෙන තැන සුඛ වේදනාවේ මරණය සහිත සඤ්ඤාව. එතැනින් මනොසඤ්‌චෙතනාවට එනවා. පරාමාසකායගන්ථයෙන් අත්තා කියලා උඩ මනොසඤ්‌චෙතනාවට arrow එකක් එනවා.
එතකොට සාරම්භය කියන එක කාමරාග අනුසය රේඛාවේ ලකුණු කරලා තියෙනවා. එතකොට පවතිනවා යන අදහස නැති වීමත්, සාරම්භයට හේතුව සහ ප්‍රත්‍යය යන දෙක ම නැති වන්නේ, සිත නතර වීම සිදු වෙනවා. මෙසේ සිත ස්ථාවරව වේදනා සිට චේතනා. පරාමාස සිට චේතනා. සඤ්ඤාව සිට චේතනා යන රතු පාටින් දක්වා ඇති රේඛා තුන මගින්වත් අලුත් සංස්කාර කළ නොහැකි බව, සාරම්භය ඉවත් කිරීමෙන් පසුව දැනගන්නේ, හැඳින ගන්නේ නම් එය කායපාගුඤ්ඤතාවය නම් වේ කියලා අපි ඉගෙන ගත්තා.
මේ වන විට විඤ්ඤාණය සමඟ, මෙවැනි දියුණු වූ කුසල ධර්මය පවතින්නේ, මෙම ප්‍රගුණතාවය, කායපාගුඤ්ඤතාවය විඤ්ඤාණය පිරිසිඳ දැනීම, පරිඤ්ඤත කියලා කියනවා. පරිඤ්ඤත යන්න තවදුරටත් විමසුවා.
සම්බහුල භික්ඛු සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා, සංයුත්ත නිකායේ, සළායතන සංයුත්තයේ, ගිලාන වග්ගයේ. ඒකෙ මේ ඇවැත්නි, කිනම් අර්ථයක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම කරන්නේ ද? කියා ඒ අන්‍ය තීර්ථකයන් අහලා තියෙනවා. “ස්වාමීනී, මෙසේ අසන ලද්දා වූ, ඒ අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරමු.”
“ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් කරන්නේ” යනුයි. “දුක්ඛස්ස ඛො, ආවුසො, පරිඤ්ඤත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී.”
ඉතින් මේක බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා ම “මහණෙනි මෙසේ අසන ලද්දා වූ තෙපි, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරවු.”
“ඇවැත්නි, ඇස වනාහි දුක ය. ඒ පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් කරන්නේ ය. රූපය වනාහි දුක ය. ඒ පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් කරන්නේ ය. චක්ඛු විඤ්ඤාණය වනාහි දුක ය. ඒ පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් කරන්නේ ය. චක්ඛු සම්‌ඵස්‌සය වනාහි දුක ය. ඒ පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් කරන්නේ ය. චක්ඛු සම්‌ඵස්‌සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ, දුක් ද නොවූ හෝ සැප ද නොවූ හෝ යම් වේදනාවක් උපදී ද, එය ද දුක ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් කරන්නේ ය.”
මේ විදිහට ඇස, කන, නාසය, දිව ශරීරය. ඊළඟට පෙන්නනවා සිත දුක ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් පුරන්නේ ය. ධර්මයෝ දුක ය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් පුරන්නේ ය. මනො විඤ්ඤාණය දුක ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් පුරන්නේ ය. මනො සම්‌ඵස්‌සය දුක ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් පුරන්නේ ය. මනො සම්‌ඵස්‌සය නිසා සැප වූ හෝ දුක වූ හෝ, දුක් ද නොවූ හෝ සැප ද නොවූ හෝ යම් වේදනාවක් උපදී ද, එය ද දුක ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් පුරන්නේ ය. ඇවැත්නි දුක නම් මේ ය. මේ දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණ දම් පුරන්නේ ය.”
කායපාගුඤ්ඤතාවය මගින් නොපවතින බව වටහා ගන්නේ, එනම් අනිත්‍ය බව වටහා ගැනීම මගින් දුක වටහාගෙන දුක පිරිසිඳ දැන ගත හැකි ය.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්