ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. “රාධ, රූපයේ යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, යම් තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයක්, දැඩි කොට ගන්නා අකුසල චිත්තයට, අධිට්ඨාන වූ, අභිනිවේස වූ, අනුසය කෙනෙක් වෙත් ද, එහි ඇලුණේ, වෙසෙසින් ඇලුණේ වී ද, එහෙයින් සත්වයායි කියනු ලැබේ." මේ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ.
සංස්කාරයන්ගේ ඡන්දය සිහි කළා. එය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර මෙන් සිතිය යුතුයි. එනමුදු එය තණ්හාව යැයි නොකිය යුතුයි. කුමක් නිසා ද? තණ්හාවට කරුණු 2ක් පදනම් වන නිසා ය. කුමන කරුණු දෙකක් ද? එකක් අවිද්‍යාව ය, අනෙක වේදනාව ය.
එතකොට අපි දන්නවා ඔය කාමරාග අනුසය රේඛාව දිගේ, ඇවිල්ලා, එතන ඒ සඤ්ඤාවේ ඉඳන්, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා සඤ්ඤාවේ ඉඳන් අපි තණ්හාවට ලකුණු කරනවා. වේදනාවෙන් තණ්හාව කියන එකට එනවා කියන එක. එතකොට 8.2 සංස්කාර ඡන්දය කියලා අපි දන්නවා.
වේදනා රාග curve එක සිහි වුණා. අපි දන්නවා වේදනා රාග curve එක 6.6, 7.7, 8.2. අට දෙක 8.2, වේදනාවේ මරණය සමඟ, සංස්කාර රාග, රූප ස්පර්ශ කිරීම සමඟ හටගන්නවා. විඤ්ඤාණය රූප ස්පර්ශ කිරීම සමඟ මාන වන බව අපි දන්නවා. 14/08/2020 භාවනාවේ. එනම් විඤ්ඤාණය ඉපදීම සමඟ ස්පර්ශය නිසා වූ, සඤ්ඤා, වේදනා, චේතනා වැනි ධර්මයන්, විඤ්ඤාණය විසින් මානය සහිතව හඳුනා ගන්නවා. එතකොට 8.7 සංස්කාරවල නන්දිය. ඉතින් අපි දන්නවා සංස්කාර රාග curve එක 8.2, 8.7, ඊට පස්සේ 9.1.
සංස්කාරවල අදිට්ඨානය, අවිද්‍යා ඕඝය වශයෙන් ගත යුතුයි.
සංස්කාරවල උපාදානය, අත්තවාද උපාදානයයි.
සංස්කාරවල අභිනිවේසය, එතකොට අපි දන්නවා, මෙතන මේ අර චේතනා, ඉදංසච්ච, පරාමාස, විඤ්ඤාණ එතන උඩ කොටුව අපි චිත්ත සංස්කාර කියලා ලකුණු කරනවා. එතකොට පල්ලෙහා පරාමාස, මෝහ අගති, ඉදංසච්ච, භය අගති ඒ cross එකේ කාය, වචී සංස්කාරයන් ලකුණු වෙනවා. එතකොට මෙතෙන්දි මේ උඩ කොටුවෙන් දැක්වෙන චිත්ත සංස්කාර සහ පහළ කොටුවෙන් දැක්වෙන කාය, වචී සංස්කාරවලට ඇලීම ගත යුතුයි.
සංස්කාරවල අනුසය, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන නිසා අවිද්‍යා අනුසය, සංස්කාරවල අනුසය ධර්මය ලෙස ගත යුතුයි.
සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවිතා කර සංස්කාරවලට ඇති ඡන්දය, රාගය, නන්දිය, අදිට්ඨාන, අභිනිවේස, අනුසය පහ කරන්නේ, නිර්වාණය සාක්ෂාත් කළ හැකියි. ඉතින් ඒක තමයි භාවනාව.
එතකොට මේ භාවනාවේ, මුල දී ම සිත නතර වෙන නිසා, කරගෙන යෑම බොහොම අපහසු වෙනවා. ඒ වගේ ම සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාවේ, විමංසා සමාධිය සමඟ පටන් ගැනීම කියන එක, ප්‍රමාණවත් වෙනවා. පාණාතිපාත කරන අයකුට මරණය දුක යැයි නොවැටහේ. අදත්තාදාන කරන අයකුට ජාතිය දුක යැයි නොවැටහේ. මෙන්න මේ විදිහට සිතලා, සංස්කාර ඉවතලීම කියන එක කරන්න ඕනෑ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්