Date: 18/09/2020 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

“සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. “රාධ, රූපයේ යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, යම් තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි, උපයයන්, දැඩි කොට ගන්නා අකුසල චිත්තයට, අධිට්ඨාන වූ, අභිනිවේස වූ, අනුසය කෙනෙක් ඇත්ද, එහි ඇලුණේ, එහෙයින්, සත්වයායි කියනු ලැබේ.” මේ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ.

එතකොට, විඤ්ඤාණයේ ඡන්දය, රාගය කියන එක සිහි කළා. විඤ්ඤාණයේ ඡන්දය 8.2. අපි දන්නවා මේ 8.1 දි මානය ඉදංසච්චගත වෙනවා. 8.2 නිත්‍යභාවය සමඟ ඡන්දය ඇති වෙනවා.

ඊළඟට, විඤ්ඤාණ රාග curve එක අපි දන්නවා, එතන 8.3, 8.5, 8.7. අට තුන 8.3, විඤ්ඤාණ රාගය සුඛය සමඟ ඇති වෙනවා. 8.5 විඤ්ඤාණයේ නන්දිය හටගන්නවා. අපි දන්නවා, 8.4 දි සුඛය පරාමාසගත වෙනවා. සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. එතකොට, 8.5 අපි අත්තා කියලා ගන්නවා. සංස්කාර නිත්‍ය නිසා නන්දි වීම 8.5 දි ඇති වෙනවා. 8.5 දි විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කරගෙන ඇත.

සෝකය ළඟ දී විඤ්ඤාණයේ නොගැළපීම වටහා ගන්නේ, මෙයට නන්දි වීම නොවටී යනුවෙන්, 27/04/2018 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කරලා තියෙනවා. 8.7 වන විට, විඤ්ඤාණයේ නන්දිය, firm වෙනවා. ස්ථීර වෙනවා.

විඤ්ඤාණයේ උපාදානය අත්තවාද උපාදානයයි. කුමක් නිසා ද? යම් නිත්‍යභාවයක් ඇති වූයේ ද, එය ම උපාදානය වෙයි.

විඤ්ඤාණයේ අධිට්ඨානය අවිද්‍යා ඕඝය වෙයි.

විඤ්ඤාණයේ අභිනිවේසය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය වේ. කුමක් නිසා ද? Proliferation පපඤ්ච, එහි වැඩි වීම ම අල්ලාගෙන සිටී.

මෙහි දී ආනෙඤ්ජ සප්පාය slide 5, තුන් ආකාරයකින් පරාමාසය ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදීමත් අත්තවාද උපාදානයේ සිටියේ, පපඤ්චයෝ ග්‍රන්ථනය කෙරේ යන කාරණා දෙක, මෙනෙහි කිරීම වැදගත් වෙනවා.

එක ධර්මතාවයකින් ඉදංසච්චගත වන ධර්මයෝ, ඒ slide 5 එකේ ඉගෙන ගත්ත පපඤ්චයෝ, විසින් වැඩිදියුණු කරනු ලබන්නේ එහි ඇලේ.

උදාහරණ වශයෙන් කුරුඳු වවා ඒවා විකුණා ගෙයක් හැදූ පුද්ගලයා. කුරුඳු වැවීමත්, එහි අගය පමණක් නොව ගෙය සෑදීම නිසා ඇති ප්‍රයෝජනයන් ද භුක්ති විඳින්නේ, කුරුඳු හොඳ යැයි පවසන්නේ, ගෙය මගින් ඇති වන සියලු ප්‍රයෝජන සුඛ කර පින්නාගෙන ය. මෙසේ ඇලේ. තව ද විඤ්ඤාණය ගඟකට උපමා කර බලන්නේ, එම ගඟ ගැලීම, සෑම තැන ම පැතිරීම, විඤ්ඤාණයේ අභිනිවේසය වෙනවා. අපි දන්නවා රජ්ජුරුවන්ට මහ පොළොව අභිනිවේස වෙනවා කියලා.

විඤ්ඤාණයේ අනුසය වශයෙන්, සියලු අනුසය ධර්මයෝ ගත යුතුයි. කුමක් නිසා ද? වරෙක නිත්‍යභාවය නිසා දිට්ඨි ආශ්‍රවය හරහා දිට්ඨි අනුසය ද, තව වරෙක අවිද්‍යා ආශ්‍රව නිසා අවිද්‍යා අනුසය ද, තව වරෙක කාමරාග අනුසය නිසා සඤ්ඤාවට පෝර දැමීම ද, රාග අනුසය නිසා, චේතනාවට පොහොර දැමීම ද, ආදී වශයෙන්, සියලු අනුසය ධර්මයන් පටලවා ගන්නා නිසා ය.

මෙම හත් ධර්මය මෙසේ සිහි කරන්නේ, එය ම නිර්වාණය සාක්ෂාත් කරගැනීම පිණිස වේ. ඉතින් ඒක තමයි භාවනාව.

එතකොට මේකේ අපි මීට ඉස්සෙල්ලා, 15/10/2017 නිබ්බාන භාවනාවෙදි, විඤ්ඤාණයේ නිත්‍යභාවයේ, අභිනිවේසය, අනුසය සාකච්ඡා කරලා තියෙනවා. විඤ්ඤාණයේ නිත්‍යභාවයයි ගැනීම, හරියට මගෙයි මහ ඇමතිගෙයි සේනාව මෙසේ යැයි රජතුමා, ඒ කියන්නේ විඤ්ඤාණය තමයි රජතුමා, පවසන්නේ කෙසේ ද, එසේ වටහා ගත හැකි ය. ඒ වගේ ම 8.5 නන්දිය සිහි කරන්නේ සිත සමාධිගත වෙලා නතර වීමට පැමිණියා. මේ භාවනාවෙදි, මේ මුහුණ ඉතා ම සුඛ ලෙස දැනෙනවා.

ඒක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg