ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. “රාධ, රූපයේ යම් ඡන්දයක්, රාගයක්, යම් නන්දියෙක්, යම් තෘෂ්ණාවෙක්, තෘෂ්ණා දිට්ඨි උපයයන්, දැඩි කොට ගන්නා අකුසල චිත්තයට, අධිට්ඨාන වූ, අභිනිවේස වූ, අනුසය වූ කෙනෙක් ඇත්ද, එහි ඇලුණේ වේ ද, එහෙයින් සත්වයායි කියනු ලැබේ.” එතකොට ඒ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ.
වේදනාවේ ඡන්දය, රාගය බැලුවා. වේදනාවේ ඡන්දය සාත, අසාත ලෙස බැලිය යුතුයි. ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි.
ඊළඟට, වේදනාවේ රාගය, අපි දන්නවා අර bell shaped curve එක. 6.6, 7.7 peak එක, 8.2. එතකොට වේදනාවේ රාගය 6.6.
වේදනාවේ නන්දිය 7.7.
වේදනාවේ තණ්හාව, වේදනා පච්චයා තණ්හා යන ආකාරයට විමසිය යුතුයි. ඒ කියන්නේ 1 අවිද්‍යාව, 2 සඤ්ඤාව, 3 ජාතිය, යන තුන් ධර්මයන් විමසිය යුතුයි.
වේදනාවේ උපාදානය සීලබ්බත උපාදානයයි.
වේදනාවේ අධිට්ඨානය කාම ඕඝ සහ භව ඕඝ යන ධර්මතා දෙක අතර පවතී. වරෙක කාම වස්තූන් නිසා කාම ඕඝ වන්නේ ය. එහි රමණීය වන්නේ භව ඕඝ වන්නේ ය. විඤ්ඤාණඤ්චායතන දක්වා වූ ධ්‍යානයන් භව ඕඝයට රුකුල් දෙන්නේ ය.
වේදනාවේ අභිනිවේසය වන්නේ චේතනාව සමඟ යම් දහමක් පැවැත්වීම සහ එය පරාමාසගත කිරීම යන්න ය. මේ නිසා පරාමාසයේ යම් වැඩිදියුණු වීමක් ඇති ද එයයි. මෙය නැති වීමට 15/05/2015 ආශ්චර්ය අද්භූත ධර්ම, ඒකෙ line 2, 3, 4 කැපීම කියන එක වෙන්න ඕනෑ.
වේදනාවේ අනුසය සුඛ වේදනාවක රාග අනුසය ඇත. දුක වේදනාවක පටිඝානුසය ඇත, අදුක්ඛම සුඛ වේදනාවක අවිද්‍යා අනුසය ඇත. මෙම දහම් නැති කිරීමට හතර ඉද්ධිපාදයෝ වැඩිය යුතුයි.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්